Thursday, October 3, 2013

7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය

ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි.

ලෝක ළමා දින සැමරුම

මෙවර ලෝක ළමා දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක්  සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක් පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම ද  සිදු කෙරිණී.


Wednesday, September 18, 2013

තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව

තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2013.09.11 දින සහ 2013.09.18 යන දෙදෙනින තුලදී අප විද්‍යාලයිය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.මෙය තංගල්ල කලාප කාර්්‍යාලයේ  පුර්ණ අධීක්ෂණය යටතේ සිදු විය.

Wednesday, August 14, 2013

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2011

හ/නිහිළුව මහ විද්‍යාලයේ 2011 වසර 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ W.A.නිලූෂි ශෂිකලා ශිෂ්‍යාව මාතෘකානූකූල කාව්‍ය රචනා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයද ජාතික මට්ටමේ තෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් වූවාය.

Monday, July 29, 2013

පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව

මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින   අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර  නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත.



ගෙවතු වගාවෙන් ලබාගත් එළඳාවෙන් ඉහල ආදායමක්

විද්‍යාලයීය කෘෂීකර්ම අංශයේ සිසු දරු දරියන්ගේ ගෙවතු වගා ව්‍යාපෘතියේ එළඳාව අද දිනදී නෙලා ගන්නා ලදී.එය විද්‍යාලයීය සිසු දරු දරියන්ට හා ගුරුභවතුන්ට අලෙවි කොට ඉහල ආදායමක් උපයා ගන්නා ලදි.මෙම මුදල් පාසලේ ඉදිරි කටයුතු සදහා යෙ‍ාදා ගැනීමට විදුහල්පති තුමා බලාපොරොත්තු වේ.




අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන

ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට  අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි.




Friday, July 5, 2013

සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය ශිෂ්‍ය වැඩමුලුව -2013

ඊෙය් දිනෙය්දී අප විද්‍යාලෙය් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ෙය්දි ෙම් වසර සදහා සාමන්‍ය ෙපළ ෙතාරතුරු තාක්ෂණ විෂය වැඩමුලුව තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය අධ්‍යක්ෂ සහ සැලැසුම් අධ්‍යක්ෂ ගරු නිර්මල ජයසුරිය මහතාෙග් සහ අප විද්‍යාලෙය් ගරු විදුහල්පති තුමාෙග් ප්‍රධානත්වෙයන්අාරම්භ විය.ෙමම වැඩසටහන ජූලි මස 4 සිට ජූලි 11 දින දක්වා දින 6 ක් පුරාවට සිසුන් 300 කට අධික පිරිසක ෙග් සහභාගීත්වෙයන් අප විද්‍යාලෙෙය් පරිගණක මධ්‍යස්ථාන ෙය්දී පැවැත්වීමට නියමිතය.තංගල්ල කලාප ෙය් ෙතාරතුරු තාක්ෂණ විෂය සම්බන්ධ සම්පත් දායකයින් විසින් වැඩමුලුව ෙමෙහය වන අතර මුල්‍ය අනුග්‍රහය තංගල්ල අධ්‍යාපන කලාප කාර්යාලය දරණු ලබයි.



පොසොන් පොහොය නිමිති කොටගෙන පැවැත්වු බෝධිපුජා පින්කම

ජුනි මස 21 වන දින අප පාසලේ සිසුදරුවන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් නිහිළුව ගල්කෙම පුරාණ රජ මහ විහාරයේදී බෝධි පුජා පින්කමක් පැවැත්වීය.මේ සදහා විද්‍යාල ෙෙය් සියළුම සිසුන් ඉතා කැමැත්ෙතන් තම දායකත්වය සැපයීය.

Wednesday, May 29, 2013

අප පාසලේ මෙවර වෙසක් උත්සවය සැමැරූ හැටි

අප විද්‍යාලය මගින් වෙසක් පොහොය නිමිති කොට ගෙන ඉකුත් සතිය පුරා විවිධ ආගම්ක වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබින.එහිදි පාසලේ සිසුන්ගේ දර්ශනීය වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද, සීල සමාදාන වැඩසටහනක් මෙන්ම 23 වන දින "සම්බුදු ගුණ ගී වරුණා" නමින් ආකර්ශණීය බොදු බැති ගී සංදර්ශනයක් පාසලේ සිසුන්ගේ සහ ගුරුමණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණී.


Thursday, March 28, 2013

Adobe Workshop


තංගල්ල කලාපයේ හා වලස්මුල්ල කලාපයේ ගුරුවරුන් 20 කු සදහා ඇඩෝබි මෘදුකාංග 6 ක පුහුණුවක්  මාර්තු 27 සිට 31 දක්වා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදි පැවැත්වේ.මෙය EKSP  සම්බන්ධීකරනයෙන් හා Techone  ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

 



සිසු නයු අබිසෙස් මංගල්‍ය - 2013

හ/නිහිළුව මහා විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීම 2013.03.22 වන දින විද්‍යාලයීය රැස්වීම් ශාලාවේදී තංගල්ල අධ්‍යාපන කලාපයේ විනය අධ්‍යක්ෂ,බුද්ධ ධර්මය විෂය අධ්‍යක්ෂක හා තංගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.සෝමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්,විද්‍යාලයීය විදුහල්පති පී.ආර්.පතිරණ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.




Monday, February 4, 2013

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2013


නිහිළුව මහ විද්‍යාලයීය වාර්ෂික ක්‍රිඩා උත්සවය මෙවරත් 2013 පෙබරවාරි මස 29 වන දී විද්‍යාලයිය ක්‍රිඩා පිටියේදි ආරම්භ විය.පළමු ක්‍රීඩා තරඟ ඉසව්ව වුයේ මැරතන් ධාවන තරඟයයි.එහිද ි ප්‍රථම ස්ථානය “රන්“ නිවාසය දිනාගත් අතර අනෙකුත් ස්ථාන “මිණි“ හා “මුතු“ නිවාස අතරේ බෙදී ගියේය.ඉන් පසුව තරඟ ඉසව් ගණනාවක් පැවැති අතර අද වන විට සමස්ථ තරඟ ප්‍රතිඵල සටහනේ පෙරමුණ ගන්නට “රන්“ නිවාසය සමත් වී ඇති අතර දෙවන ස්ථානය “මුතු“ නිවාසය හිමිකරගෙන ඇත.



Monday, January 7, 2013

අප පාසලේ සේවය කල සීලපාල ගුරු මහතාගේ විශ්‍රාම උත්සවය

තිස් වසරකට අධික කාලයක් ජාතියේ නැණ පහන් එකලු කොට ගුරු සේවයෙන් ඉසිඹු ලද  M.A සීලපාල මහත්මාණන්ගේ විශ්‍රාම උළෙල 2012.12.05 දින හ/නිහිළුව මහා විද්‍යාලයේදි ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකෙරිණි.එතුමාට අපගේ උත්තමාචාරය මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.





Wednesday, January 2, 2013

           2013 වසර සඳහා  6 වන ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම.



අද දින එනම් 2013.01.03 වන ගුරු දින හ/නිහිළුව මහ විද්‍යාලයේ 6 ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරිණි.ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා දෙමින් සෙත් පිරිත් මධ්‍යයේ ඉතා උත්කර්ෂවත් ලෙස මෙය පවත්වන ලදී.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...