Monday, July 29, 2013

පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව

මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින   අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර  නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත.



ගෙවතු වගාවෙන් ලබාගත් එළඳාවෙන් ඉහල ආදායමක්

විද්‍යාලයීය කෘෂීකර්ම අංශයේ සිසු දරු දරියන්ගේ ගෙවතු වගා ව්‍යාපෘතියේ එළඳාව අද දිනදී නෙලා ගන්නා ලදී.එය විද්‍යාලයීය සිසු දරු දරියන්ට හා ගුරුභවතුන්ට අලෙවි කොට ඉහල ආදායමක් උපයා ගන්නා ලදි.මෙම මුදල් පාසලේ ඉදිරි කටයුතු සදහා යෙ‍ාදා ගැනීමට විදුහල්පති තුමා බලාපොරොත්තු වේ.




අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන

ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට  අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි.




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...