Tuesday, February 17, 2009

සද්දෙ තරමට කවරේජ් නැති අන්තර්ජාල සේවාවන්

අප පාසලේ පරිගණක ඒකකය හා සම්බන්ධව ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසට අපට ලැබුනු නව පරිගණක විද්‍යාගාරය පාසලෙන් බාහිර ස්ථානයක පිහිටවනු ලැබුවා.මෙම පරිත්‍යාගය කරනු ලැබූවේ ඊස්ට් - වෙස්ට් පරිගණක ආයතනයයි.අපට අවශ්‍ය වුයේ මෙම නව ඒකකය හරහා ගම්වාසීන්ට අන්තර්ජාල සේවාවන් ලබා දීමත් තොරතුරු සෙවීම සදහා අන්තර්ජාලයේ ඇති වාසිය වටහා දීමත්ය.ඉතින් නව ඒකකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අපට අනුග්‍රහය දීමට ජර්මන් ජාතිකයෙක් කැමැත්ත ප්‍රකාශ කරා. අපි මේ සදහා ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන කීපයකට ගොස් කරුණු වීමසීමක් කළා.අප මෙහිදි ඔවුන් අයකරනු ලබන ගාස්තු පිලිබදවත් සැලකිලිමත් වුනා.අවාසනාවකට එම ආයතන අපට පැවසුවේ පාසල පිහිටි ප්‍රදේශය ඔවුන්ගේ ආවරණ කලාපයට අයත් නොවන බවයි.අප පාසල පිහිටි නිහිලුව ගම්මානයට බෙලිඅත්ත නගරයේ සිට ඇත්තේ කිලෝමීටර තුනහමාරක් පමනි.ඉදිරියේදි ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල භාවිත‍ෙය් වැඩිවීමක් සිදුවනු ඒකාන්තය.මෙවන් කෙටි දුරක් වත් ආවරනය කල නොහැකි අන්තර්ජාල සබදතා සපයන ආයතන මේ පිලිබදව දැන් සිතා බැලිය යුතුය.මිල ගනන් ඇසූ විටද අපට සිතෙන්නේ අධිකම මිල ගනන් අය කරන්නේ ලංකාවේ පමනක්ද යන්නය.

අප බලාපොරොත්තු වුයේ සහනදායී මිලකට අන්තර්ජාල සබදතාවක් ලබාගෙන අප පාසල අවට ප්‍රජාවට එම සහනදායී මිලටම සේවාවන් සැපයීමටය।නමුත් මෙතරම් දියුණු යුගයේ අවාසනාවට කිලෝමීටර තුනහමාරක් දුරින් අප ගම පිහිටි නිසා අපගේ බලාපොරොත්තු සුන් වී ඇත.
info@ruhunulanka.org

සිවුදින අධ්‍යාපන චාරිකාවක්

2009 වර්ෂයේ විද්‍යාලයීය වාර්ෂික සැලැස්මට අනුව නිහිළුව මහා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ යෝජනා ස්ථිරත්වයෙන් හා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඒ. ශාන්ත කුමාර මහතාගේ උපදේශකත්වයෙන් 2009.02.22 – 2009.02.25 දින දක්වා වූ සිවුදින අධ්‍යාපන චාරිකාවක් යාමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි දී අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර, නුවරඑළිය වැනි ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පෞරාණික ස්ථාන මෙන්ම කලාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රාශියක් නැරඹීමට නියමිත අතර විද්‍යාලයේ ගුරු මහත්ම/ මහත්මීන් අට දෙනෙක් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 60 දෙනෙක් සහභාගී වෙති.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...