Thursday, March 31, 2011

අපිට තිබුනා හීනයක් ..................




අපි බොහොම පොඩි පාසලක්.ඒත් අපිට පරිගණක කාමරයක් ලැබුනා පරිගණක 10 එක්ක 2005 වර්ෂයේදි.අපිට අවශ්‍ය වුනා වෙනසක් කරන්න.ඒකට අවශ්‍ය උත්සාහය අපි ගාව තිබ්බ.ඉතින් මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා කරන හුගක් අය අපි ගැන දන්නව.අපිට උදව් කරපු හුගක් අය දන්න දෙයක් තමයි අපිට තිබුනේ ඉතාම කුඩා කාමරයක් බව.සිසුන් 10 කුට වඩා එකපාරකට දාන්න බැහැ.ඒත් අපි ඒ ගැන සිතන්නෙ නැතිව වැඩ කරා.මොකද හුගක් වෙලාවට අපි නිතරම කරන්නෙ සම්පත් ඉල්ල ඉල්ලා නිළධාරින්ට හරි රජයන්ට හරි කෙදිරි ගාන එක.ඉතින් අපේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් අප කල වැඩ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් අපට කියන්න අවශ්‍ය අපිට ලොකු පරිගණක කාමරයක් ලැබුනා.මේ දවස්වල ඒක නිම කරගෙන යනවා.ඇත්තටම අපිට සතුටුයි.අපිට හිතෙන්නෙ සද්භාවයෙන් දෙයක් කරොත් ඒකට ලැබෙන ප්‍රතිළුල කිසිම කෙනකුට නතර කරන්න බැහැ කියලයි.ඉතින් මේ පරිගණක කාමරය් පරිගණක 35 දාන්න පුළුවන්.අවශ්‍ය පරිගණක සංඛ්‍යාව විවිධ සංවිධාන හරහා අපි දැනටමත් හොයාගෙන ඉවරයි.ජාලකරනය සදහා අවශ්‍ය උපකරණත් අපි දානපතියන් හරහා සොයා ගෙන ඉවරයි.ඒත් ජාලගත කිරීම සදහා විශාල මුදලක් ඉල්ලුවා.ඉතින් කාට හරි පුළුවන් නම් මේ ජාලගත කිරීම නොමිලේ අපට කරල දෙන්න ඒක මේ පුංචි පාසලට කරන ලොකු උදව්වක් වේවි.කෑම බීම නවාතැන් අපිට දෙන්න පුළුවන්.ඉතින් මේ ගැන තොරතුරු දැනගන්න මේ ඊ-මේල් ලිපිනයට ලිපියක් එවන්න.
nmv@nihiluwamv.sch.lk
ඉතින් මේ සමග නව පරිගණක කාමරයේ පින්තූරත් පල කරනවා.අපිට අවශ්‍ය තංගල්ල අධ්‍යාපන කලාපයේ නවීනතම පරිගණක ඒකකය බවට මේක පත් කරන්නයි.



විශ්‍රාමික ගුරු දෙපලකට අභිමානවත් උපහාරයක්.





පුරා වසර 40 ට ආසන්න කාලයක් සිප්සත බෙදා දුන් ගුරු දෙපලකගේ නික්ම යාමක් පසුගිය දා අප පාසලේදී සිදු විය.එස්.ඒ.ගුණවර්ධන සහ කේ.ජි.හේමලතා යන දෙපල එසේ විශ්‍රාම ගියහ.මෙම ගුරු මහතා සහ ගුරු මහත්මිය වසර 25 අධික කාලයක් වරින් වර අප පාසලේ සේවය කොට ඇත.ඹවුන් සදහා අප පාසලේ සිසුන් හා ගුරු සුභ සාධක සංගමය සංවිධානය කළ උපහාර උත්සවය 2011 මාර්තු 31 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුනි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...