Wednesday, February 8, 2012

විදුහල්පතිතුමා නික්ම ගියේය.


වසර 34 සේවා කාලයකින් පසු අප වර්තමාන විදුහල්පති ආරියසේන බෝධිගම මැතිතුමන් අද දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි.මෑත භාගයේ අප විද්‍යාලයට පැමිණි දක්‍ෂ මෙන්ම යමක් කිරීමට හැකි සහ යමක් කිරීමේ අවශ්‍යතාවකින්ද හෙබි ආරියසේන බෝධිගම විදුහල්පතිතුමන් කෙටි කාලයකට වුවද විද්‍යාලයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු කල බව දෙමව්පියන්ගේද අදහසයි.එමෙන්ම අනෙක් විශේෂ කාරනාව වන්නේ එතුමන් පරිගණක තාක්‍ෂනය පිළිබඳ දැක්වු උනන්දුවයි.එමෙන්ම කැපවී වැඩ කරන ගුරුවරුන් හට වැඩි අවස්ථාවක් දෙමින් ඔවුන්ව දිරි ගැන්වීම ද විශේෂ කරනාවකි.මෙවනි විදුහල්පති වරුන් සොයා ගැනීම අද දුර්ලභ දෙයකි.
අද දින පවා එතුමන් රාජකාරයේ යෙදුනු අතර අවසාන රාජකාරිය ලෙස ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පළලඳ වන ලදි.එතුමන්ට සෙත් පතා අද දින අප බෝධි පූජාවක්ද  පවත් වන ලදි.
අප එතුමන්ට නිදුක් නිරෝගී අනාගතයක් පතමු.


                                          එතුමන් අවසාන වශයෙන් කල රාජකාරිය

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...