පසුගිය කාලේ පාසල් පරිගණක ඒකක අතර තරගයක් තිබ්බා.සෑම අතින්ම හොදම පරිගණක ඒකකය තෝරන්න.පලාතකින් හොදම ඒකක 20 ක් තෝරලා මුදල් තෑගි දෙන්න.ඉතින් දකුණු පලාතේ හොදම 20 අතර අපේ පරිගණක ඒකකය නැහැ කියලා දැනගත්තෙ අන්තිමට.අපිටත් පුදුමයි.හොයලා බැලුවම ප්‍රථමයෙන් කලාප මට්ටමින් මුල් තුන් දෙනා තෝරලා යවන්න ඔනලු.ඉතින් අපි අයිති .තංගල්ල කලාපෙට..අපි දන්නෙ නැහැ වැරැද්ද කොතනද කියලා
මෙන්නමේවා ඒකට
හේතු වෙන්නැති...
මෙන්නමේවා ඒකට
- තංගල්ල කලාපෙ ප්‍රථම පාසල් වෙබ් අඩවිය අප සතු වීම
- භාෂා 21 ට පරිවර්තනය කල හැකි එකම පාසල් වෙබ් අඩවිය වීම
- දිනපතා යාවත්කාලීන වන බ්ලොග් එකක් සතු එකම පාසල වීම
- බ්ලොග් ලියන සිසුන් සිටින ප්‍රථම සහ එකම පාසල වීම(2007 සිට)
- 2004 වර්ෂයේ සිට නොකඩවා විදුලිය සිඳලීමකින් තොරව ක්‍රියාත්මක එකම පරිගණක ඒකකය වීම
- පාසල් හැර ගිය සිසුන් සදහා පරිගණක පාඨමාලා අදටත් පවත්වන එකම පාසල වීම
- ගම්වැසියන්ගේ භාවිතය සදහා ගමට පරිගණක ඒකකයක් ලබා දුන් ලංකාවේ එකම පාසල වීම
- 2 MB වේගවත් අන්තර්ජාල සබඳතාවක් ඇති එකම පාසල වීම
- යූටියුබ්,ෆ්ලිකර් වැනි පහසුකම් භාවිතා කරන එකම පාසල වීම
- පාසලේ 6 වසරේ සිටම සිසුන්ට පරිගණක අධ්‍යාපනය ලබා දීම
- සිසුන් සදහා පරිගණක ලබා දීම(දානපතියන් හරහා)
- වෙබ් අඩවි හරහා දානපතියන් මගින් විවිධ උපකරණ ලබා ගැනීම
- රැහැන් රහිත අන්තර්ජාල ප්‍රවේශය සහිත එකම පාසල වීම
- උපකරණ මෙසේය
- ඩිජිටල් කැමරා
- වීඩියෝ කැමරා
- මල්ටි මීඩියා ප්‍රොජෙක්ටර්
- ලංකාවේ වැඩිම මුල්‍ය වටිනාකමක් ඇති ශිෂ්‍යත්වයක් ශිෂ්‍යාවකට ලබා දීම(මෙම ශිෂ්‍යාව උසස් පෙල සමත් වුවත් ජර්මන් දානපති පුද්ගලයකු හරහා SLIIT ආයතනයේ පරිගණක උපාධියක් හැදැරීමට යොමු කරන ලදි.සියළු වියදම් ඔහු දරනු ඇත)
- අපගේ සේවාවන් දැක අතිගරු ජනාධිපතිතුමන් මිලියන අටක් වටිනා දෙමහල් පරිගණක විද්‍යාගාරයක් ලබා දීම.
- මෙම නව විද්‍යාගාරය සදහා නව පරිගණක 10 ඩොයිෂ් බැංකුවේ පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීම.
- නව විද්‍යාගාරයේ පරිගණක 28 සදහා ජාලකරන උපකරන ඩොයිෂ් බැංකුවේ පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීම සහ ජාලකරනය සැකසීම අප විසින්ම සිදු කර ගැනීම.
- නව විද්‍යාගාරය සදහා අවශ්‍ය ලක්ෂ 4 පමන වටිනා ලීබඩු උපකරන ඩොයිෂ් බැංකුවේ පරිත්‍යාගයක් ලෙස ලබා ගැනීම.
තව බොහෝ දේ ලිවීමට හැක.කුඩා පාසලක් ලෙස අන්තර්ජාලය තුලින් ප්‍රයෝජනවත් දේ ලබා ගනිමින් අප ආ මග අන්තර්ජාලය භාවිතා කරනා බොහෝ අය දනිති.එහෙත් අපිට නිසි ඇගයීමක් නොලැබුනේ මන්දැයි අප නොදන්නෙමු.රාජ්‍ය ආයතනයක් ලෙස වුවත් රජය මතම යැපීමේ සංකල්පයෙන් බැහැර වෙමින් අප කල දේ පිළිබද අපගේ හෘද සාක්ෂිය සතුටු වනු නොඅනුමානය.ඇගයීමක් නොලැබුනත් මේ දුප්පත් සිසුන් අපගේ නව පරිගණක ඒකකය තුල ඉගෙන ගනිද්දී අපගේ සිත්තුල ඇතිවන සතුට කිසිදාක මැකී නොයනු ඇත.........
හෘද සාක්ෂිය වනාහී කිසිවකුට පැහැර ගැනීමටවත් අහිමි කිරීමටත් නොහැකි දෙයකි













