Monday, March 29, 2010

ආසියානු සංවර්ධන බැංකු නිළධාරීන් ගේ ක්‍ෂෙත්‍ර චාරිකාව

දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතියේ (EKSP Ministry of Education)අනුග්‍රහයෙන් අප විද්‍යාලයේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන අධීක්‍ෂනය කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරීන් දෙදෙනකු 2010 මාර්තු මස 25 වැනිදා අප විද්‍යලයට පැමිනියහ.එහිදී පරිගණක අංශ භාර අමල් ගුණවර්ධන මහතා විසින් ඊ-ගම්මාන වැඩසටහනේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මග පිළිබද ඔවුන්ව දැනුවක් කරන ලදි.

ඉන් පසු ඔවුන් අප විසින් ගම්මානයේ ප්‍රයෝජනය සදහා ලබා දී ඇති පරිගණක ඒකකයද සිය නිරීක්‍ෂනයට ලක් කලේය.ලංකාවේ පාසලක් විසින් පාසල අවට ප්‍රජාවගේ පරිහරණය සදහා පරිගණක ඒකකයක් ලබා දී ඇත්නම් එය අප පාසල පමනක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.




Thursday, March 4, 2010

මයික්‍රොසොෆ්ට් සමුළුවට යන විදුහල්පතිතුමාට සෙත් පැතීම

අප විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ‍මාර්තු මස 8 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙන මයික්‍රොසොෆ්ට් සමුළුවට සහභාගී විමට විදෙස් ගතවීම හේතුකොට ගෙන අද දින විද්‍යාලයේදි සෙත් පැතීමේ උත්සවයක් පවත්වන ලදි।දකුණු පලාතේ පාසල් අතරින් මෙම අවස්ථාවට සහභාගී වීමේ වරම හිමි වුයේ අප පාසලට පමණී.පාසලේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන සහ තොරතුරු තාක්‍ෂනය සදහා අප කළ සේවය වෙනුවෙන් මෙම අවස්ථාව අපට හිමි විය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...