Thursday, February 12, 2015

නිවාසාන්තර ක්‍රිඩා උත්සවය අදින් අවසන් විය.

2015 වර්ෂය සදහා අප පාසලේ නාවාසාන්තර ක්‍රිඩා උළෙල ඉතාමත් සාර්ථක ලෙස අදින් අවසන් විය.ක්‍රිඩා උළෙලේ ශූරතාවය සදහා "රන්" "මිණි" "මුතු"ලෙස නිවාස තුනකට බෙදී සිසුන් තරග වැදී අතර මෙහිදී ශූරතාවය ලබාගනු ලැබුවේ "රන්" නිවාසය විසිනි.අප පාසලේ සිටින දක්ෂ දුවා දරුවන්ගේ සහජ දක්ෂතා කළ එලි දැක්වීමට ඔවුන්ට මෙය මහගු අවස්ථාවක් විය.



Tuesday, February 10, 2015

බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වන ලද ඉංග්‍රීසී වැඩමුළුව

බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වනු ලබන ඉංග්‍රීසි වැඩමුළුව 2015.01.24 වන සෙනසුරාදා අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරුභවතුන් 20ක් පමණ සහභාගී විය.



6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.

මෙම වර්ෂය සදහා 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කරගැනීම 2015.01 දින උත්සවාකාරයෙන් පැවැත්වුණ අතර මෙහිදී සෙත් පිරිත් සත්ගායනා කොට ආශිර්වාද ලබාගනිමින් සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන ලදී.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...