Monday, April 6, 2009

ආදර්ශමත් ගුරුමහතකුට උපහාර පිදු වගයි.


පුරා අවුරුදු 10 අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කළ ඩබ්.ජි.සෝමසිරි මහතා ඉකුත් දිනෙක අප පාසලෙන් ස්ථාන මාරුවක් ලැබ ගියේය.සිය විෂය වු ගණිතය විෂයේ සාධන මට්ටම ඉහල දැමීම සදහා විශාල වෙහෙසක් ගත් බව අප කවුරුත් දන්නා කාරනයකි.එමෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද විශාල කැපකිරිමක් සිදු කරන ලදි.ඔහු කළ සේවයට උපහාර පිදීමක් 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා අප විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදි පවත්වන ලදි.

විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරි හේවාගම මහතාගේ පරිත්‍යාගය


විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරිහේවා මහතා විද්‍යාලයේ දීර්ඝ කාලයක් පැවති අඩුපාඩුවක් සපුරාලමින් ප්ලාස්ටික් පුටු 25 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා පාසලට පරිත්‍යාග කරන ලදි.වර්තමානයේ පාසල් වල පැවැත්මට ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය අවශ්‍ය යුගයක මෙම පරිත්‍යාගය ඉතාමත් වටිනා බව අප විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී පැවසීය.

ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළදවීම

2009 වසර සදහා අභිනවයෙන් තොරා ගත් ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැලදවීමේ උත්සවය 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.විද්‍යාලීය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සදහා තෝරාගත් සිසුන්ගේ දෙමාපියන් සහභාගි වු අතර කලාප කාර්යාලය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කේ.ඒ.සෝමසිරි මහතා එක් විය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...