Wednesday, May 13, 2015

වෙසක් පෙරහර

2015 වර්ෂයේ වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් අප තංගල්ල කලාපය තුල ක්‍රියාත්මක වෙසක් පෙරහැර පැවැත්වීමේ වැඩසටහනේ බෙලිඅත්ත කොට්ඨාසය තුල පවත්වනු ලබන වෙසක් පෙරහර අද දින පාසල් සිසුන්ගේ දායකත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා බෙලිඅත්ත කොට්ඨාසයේ සියලුම පාසල් වල ගුරුවරුන් සහ ළමුන් තම  දායකත්වය සපයන ලදී.

Sunday, May 10, 2015

2015 වර්ෂයේ පාසලේ ශිෂ්‍ය නායක දිනය

අප පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක දිනය මෙවරද උත්කර්ෂවත් අයුරින් මැයි මස 8 වන දින අප පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.මේ සදහා විශේෂ ආරාධිත අමුත්තන් රාශියක් සහභාගී වු අතර පාසලේ නර්තන කණ්ඩායම විසින් මෙම අවස්ථාව වර්ණවත් කරන ලදී.




මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් කූඩූ ප්‍රදර්ශනයක් පැවැත්වීම“ වැනි පින්කම් රාශීයක් පැවැත්විය.





LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...