Monday, December 5, 2011

ඊ-දිරියට අපෙන් දිරියක්


තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂන නියෝජිතායතනය සංවිධානය කරන පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ වැඩසටහන අප පාසල් පරිගණක විද්‍යාගාරයෙදී මේ දිනවල පැවැත්වේ.බෙලිඅත්ත ප්‍රදේශයේ පරිගණක විද්‍යාගාර නොමැති පාසල් අටක සිසුන් 125 සදහා මේ යටතේ මුලික පරිගණක පුහුණුව ලබා දේ.මේ සදහා අපගේ දායකත්වය ඉතාමත් සතුටින් අප ලබා දෙන අතර ඉදිරියේදී  මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වේ.


Thursday, November 17, 2011

Monday, November 7, 2011

පාසල් වෙබ් අඩවියට comments දැමීමේ පහසුකම එක් කරා !

ඔන්න දැන් අපේ පාසල් වෙබ් අඩවියටත් කමෙන්ට්ස් දාන්නත් පුළුවන්.
පිවිසෙන්න
http://www.nihiluwamv.sch.lk

ස්තුතියි

Monday, October 31, 2011

නව පරිගණක ඒකකයේ වැඩ නිම වෙයි.


මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම  කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.
මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි පහසුකම් සපයල තියෙනවා.අපි ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට කොල්ලුපිටියෙ තිබෙන ඩොයිෂ් බැංකුව අපිට නව පරිගණක 10 කුත්,බිමි මහලේ පරිගණක 30 සදහා අවශ්‍ය ජාලකරණ උපකරනත් ලබා දුන්නා.මේ වෙනකොට ජාලකරනය සිසු සහභාගිත්වය සමග අපි ස්ථාපනය කරලයි තියෙන්නේ.එමෙන්ම ඔවුන් දැනට පොරොන්දු වෙලා තියෙනවා භාවිතයෙන් ඉවත් කරන(නමුත් හොද තත්වයේ) පරිගණක මේස කිහිපයකුත් ලබා දෙන්න.අපිට මේස තමයි ප්‍රශ්නය.දැනට අපි සතුව තිබෙන පරන පරිගණක 7 අළුත්වැඩියා කරල ගන්න හිතාගෙන ඉන්නවා.එවිට පරිගණක 17 විතර යොදලා නව ඒකකය විවෘත කරන්නත් එදාට තොරතුරු තාක්ෂන දිනයක් සංවිධානය කරන්නත් හිතාගෙන ඉන්නවා.ඉතින් අපිය අවශ්‍යයි පරිගණක විෂයේ විවධ පැති වලින් දැනුමෙන් සන්නද්ධ අය එදාව වැඩමුළු පවත්වන්න.තව විවිධ ආයතන ආවොත් හොදයි ප්‍රදර්ශන කුටි පවත්වන්න.අපි පොඩි පාසලක් හන්ද එහෙම ලොකු ආයතන ඒවිද මන්දා..
අපිට විශ්වාසයක් තියෙනවා අන්තරජාලයේ අපේ මිතුරන් උදව් කරාවි කියලා.මොකද පහුගිය දවසක අපිට හිමි විය යුතු ව තිබු දෙයක් අහිමි වෙලා තියෙනවා.අහිමි කරාද කියලත් අපි දන්නෙ නැහැ.කාලයත් සමග එය කුමක්ද කියලා හැමෝටම දැනගන්න ලැබේවි.
ඒත් අපි අපේ ගමන යනවා.
 




පාසල් සමුපකාරය ආරම්භ වුදා.....



දකුණු පළාත් සමුපකාර අමාත්‍ය ගරු ඩී.වී.උපුල් මැතිතුමාගේ අදහසක් අන්ව අප විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති පාසල් සමුපකාරය විද්‍යාලයේ සිසුන්ට සහන මිලය පාසල් උපකරණ ලබා දීමේ අරමුණින් ඔක්තෝබර් 27 දින පෙ.ව.10.09 යෙදුනු සුභ මොහොතින් ආරම්භ විය.


Sunday, October 9, 2011

ලෝක ගුරු දිනය




ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ගුරු දිනය සැමැරූ අතර සියළුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ පාසලේ ශිෂ්‍ය නායක සංසදය විසිනි.එහිදී සෑම ගුරු වරයෙකු වෙතම වටිනා ත්‍යාගයක් ලබා දෙන ලදී.

ලෝක ළමා දිනය




ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ළමා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර ගුරු මණ්ඩල‍යේ දායකත්වයෙන් ත්‍යාග ප්‍රදානයක් සිදු කල අතර වි‍ශේෂ දක්ෂතා දක්වන ලද සිසුන් සදහා වටිනා සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලදී.

Wednesday, September 28, 2011

ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2011


බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය උත්සවය  මෙම 23 වනදා අප විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.එහි ඡායාරූප එකතුවක් මේ.







Monday, May 23, 2011

2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු නිහිළුවෙි පුංචි හපන්නු



2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල අත්සාහයක් ගෙන තිබුණා.


Wednesday, May 18, 2011

සම්බුද්ධත්ව ජයන්තියට අපෙන් දන්සැලැක්




12 වසර අපේ දරුවෝ පාසල මුල් කරගෙන බෙලි මල් දන්සැලැක් දෙන්න ඉදිරිපත් වුනා.ඹවුන් එක්රැස් කල මුදල් වියදම් කරලා දානමය කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය සියළුම දේවල් සැලැසුම් කලා.උදේ 8.30ට විතර දන්සැලේ වැඩ කටයුතු ආරම්භ කරලා හවස 4.30 පමණ වෙනතුරැ ඉතා සාර්ථක විදියට ඒ කටයුතු කලා.ඒ සදහා නිහිවව මහ විදුහලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය,වගේම සිසු දරැ දැරියෝ එවුන්ගේ සහයෝගය නොමදව ලැබුණු නිසා අඩුපාඩු මගහරවා හගන ඒ කටයුත්ත කරගන්න හැකි වුනා.ඒ සදහා විදුහල්පතිතුමා ,පද්මලතා මිය,කොඩිතුවක්කු මයා,ශ්‍රි කාන්ති මිය,ජයසේකර මයා සහ කිර්ති මහේන්ද්‍ර මයා සහභාගී විය





Tuesday, May 17, 2011

නෑගම් ආ ඩොයිෂ් බැංකුවට අපේ තුති.















ඩොයිෂ් බැංකුව කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන බැංකුවක්.ඉතින් පසුගිය 13 වනදා ඔවුන් ආවා අපේ පුංචි පාසලට.හැබැයි හිස් අතින් හෙම නෙවි ලක්ෂ 6 ආසන්න පරිගණක උපකරනත් අරගෙන.අපිට පොඩි ආඩම්භරයකුත් ආවා මේ වගේ විශාල බැංකුවක් පාසලට ආවම.අපි හොද උත්සවයක් පවත්වලා ඔවුන්ව සතුටු කරා .ඇත්තටම ඔවුන්ගෙ ප්‍රධානය අපිට වටින තරම මෙතෙක් යයි කියල නිශ්චය කරන්න අමාරුයි.ඒ තරම්ම වටිනවා.පරිගණක 10 ට අමතරව අපේ නව පරිගණක විද්‍යාගාරයෙ ජාල ගත කරන්න අවශ්‍ය සියළු උපාංගත් ඔවුන් රැගෙන ආවා.එහි පරිගණක 30 ක ජාලයක් අපි සිසුන්ගෙ දැනුමෙන් ස්ථාපිත කරා.

ඉතින් අපි හදපත්ලෙන්ම ඩොයිෂ් බැංකුවට ස්තුති කරනවා.

Monday, May 9, 2011

සම්බුද්දත්ව ජයන්තියට සාරධර්ම ප්රිගුණ කරමු.
















අපිටත් හිතුනා අළුත් දෙයක් කරන්න සම්බුද්දත්ව ජයන්තිය සමරන්න.ඉතින් අපේ විදුහල්පතිතුමයි සමස්ත ආචාර්ය මණ්ඩලයයි තීරණය කරා තම නිවෙස් වල බුදු පිළිම නොමැති සිසුන් සදහා ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් බුදු පිළිම ලබා දෙන්න.ඒ වැඩසටහන ඉතාමත් සාර්ථක විදිහට අපි 9 වනදා සිදු කරා.බුද්ධ ප්‍රතිමා 28 පෙරහරකින් වඩම්මලා යුගාසන කවි බණකුත් කියලා සිසුන් සදහා බුදු පිළිම පූජාව සිදු කරා.

අපේ අරමුණ වුනේ සාරධර්ම පිරිහීයන යුගයක ඒවා සිසුන් තුල ප්‍රගුණ කරන්නයි.අපි මේ සිසුන් නියමිත පරිදි දිනපතා සවසට බුදුන් වදිනවද කියලා පසු විමරමක් කරන්නත් කටයුතු යොදලයි තියෙන්නේ.ඉතින් අපි උත්සාහ කරල බලමු නේද.

Thursday, March 31, 2011

අපිට තිබුනා හීනයක් ..................




අපි බොහොම පොඩි පාසලක්.ඒත් අපිට පරිගණක කාමරයක් ලැබුනා පරිගණක 10 එක්ක 2005 වර්ෂයේදි.අපිට අවශ්‍ය වුනා වෙනසක් කරන්න.ඒකට අවශ්‍ය උත්සාහය අපි ගාව තිබ්බ.ඉතින් මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා කරන හුගක් අය අපි ගැන දන්නව.අපිට උදව් කරපු හුගක් අය දන්න දෙයක් තමයි අපිට තිබුනේ ඉතාම කුඩා කාමරයක් බව.සිසුන් 10 කුට වඩා එකපාරකට දාන්න බැහැ.ඒත් අපි ඒ ගැන සිතන්නෙ නැතිව වැඩ කරා.මොකද හුගක් වෙලාවට අපි නිතරම කරන්නෙ සම්පත් ඉල්ල ඉල්ලා නිළධාරින්ට හරි රජයන්ට හරි කෙදිරි ගාන එක.ඉතින් අපේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් අප කල වැඩ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් අපට කියන්න අවශ්‍ය අපිට ලොකු පරිගණක කාමරයක් ලැබුනා.මේ දවස්වල ඒක නිම කරගෙන යනවා.ඇත්තටම අපිට සතුටුයි.අපිට හිතෙන්නෙ සද්භාවයෙන් දෙයක් කරොත් ඒකට ලැබෙන ප්‍රතිළුල කිසිම කෙනකුට නතර කරන්න බැහැ කියලයි.ඉතින් මේ පරිගණක කාමරය් පරිගණක 35 දාන්න පුළුවන්.අවශ්‍ය පරිගණක සංඛ්‍යාව විවිධ සංවිධාන හරහා අපි දැනටමත් හොයාගෙන ඉවරයි.ජාලකරනය සදහා අවශ්‍ය උපකරණත් අපි දානපතියන් හරහා සොයා ගෙන ඉවරයි.ඒත් ජාලගත කිරීම සදහා විශාල මුදලක් ඉල්ලුවා.ඉතින් කාට හරි පුළුවන් නම් මේ ජාලගත කිරීම නොමිලේ අපට කරල දෙන්න ඒක මේ පුංචි පාසලට කරන ලොකු උදව්වක් වේවි.කෑම බීම නවාතැන් අපිට දෙන්න පුළුවන්.ඉතින් මේ ගැන තොරතුරු දැනගන්න මේ ඊ-මේල් ලිපිනයට ලිපියක් එවන්න.
nmv@nihiluwamv.sch.lk
ඉතින් මේ සමග නව පරිගණක කාමරයේ පින්තූරත් පල කරනවා.අපිට අවශ්‍ය තංගල්ල අධ්‍යාපන කලාපයේ නවීනතම පරිගණක ඒකකය බවට මේක පත් කරන්නයි.



විශ්‍රාමික ගුරු දෙපලකට අභිමානවත් උපහාරයක්.





පුරා වසර 40 ට ආසන්න කාලයක් සිප්සත බෙදා දුන් ගුරු දෙපලකගේ නික්ම යාමක් පසුගිය දා අප පාසලේදී සිදු විය.එස්.ඒ.ගුණවර්ධන සහ කේ.ජි.හේමලතා යන දෙපල එසේ විශ්‍රාම ගියහ.මෙම ගුරු මහතා සහ ගුරු මහත්මිය වසර 25 අධික කාලයක් වරින් වර අප පාසලේ සේවය කොට ඇත.ඹවුන් සදහා අප පාසලේ සිසුන් හා ගුරු සුභ සාධක සංගමය සංවිධානය කළ උපහාර උත්සවය 2011 මාර්තු 31 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුනි.

Friday, March 25, 2011

අප විද්‍යාලයේ 2011 වසර සදහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය




අප විද්‍යාලයේ 2011 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැළදවීමෙි උත්සවය 2011 මාර්තු මස 25 වන දින ගරු දකුණු පළාත් ධිවර, සංස්කෘතික,සමුපාකාර අමාත්‍ය ඩී.වී.උපුල් සහ තංගල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇස්.එච්.සුනිල් මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Thursday, February 10, 2011

නිවාසාන්තර ක්‍රීඩා සාර්ථකව අවසන් විය






අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථක ලෙස පෙබරවාරි 9 වනදා අවසන් විය.
ප්‍රථමස්ථානය රන් නිවාසය විසින් දිනා ගන්නා ලදි.
දෙවන ස්ථානය මිණි නිවාසයටත් තෙවන ස්ථානය මුතු නිවාසයටත් හිමි විය.

Thursday, January 27, 2011

මැරතන් තරගය මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් විය



අප විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද දින පැවැත්වු මැරතන් තරගයෙන් ආරම්භ විය.එම තරගයේ ධාවන මාර්ගය වුයේ අප විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී බෙලිඅත්ත නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් හැරී නැවත අප විද්‍යාලය අසලට පැමිණීමයි.

ප්‍රථම ස්ථානය - රන් නිවාසයේ ලසිත තිලක්‍ෂණ

දෙවන ස්ථානය - රන් නිවාසයේ රසිත් තාරුක

තෙවන ස්ථානය -මිණි නිවාසයේ ඉසුරු පියුමාල්


Thursday, January 20, 2011

දෙමාපිය ශ්‍රමදාන වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය





අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට සමගාමීව සිසුන්ගේ දෙමාපිය සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි .ඒ සදහා දෙමාපියන් මෙන්ම පාසලේ සිසුන්ද ක්‍රියාකාරි ලෙස සහභාගී විය.එහි ඡායාරෑප කිහිපයක් පහත දැක්වා ඇත

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...