Thursday, December 11, 2014

වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය....

මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය  පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ  සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය.

එසේම අප පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටුකල P.R පතිරණ විදුහල්පතිතුමාට සහ අප පාසලේ පරිගණක විද්‍යා විෂය ආරමිභ කිරී්මේ සහ ඊ-ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ අමල් ගුණවර්ධන ගුරු මහත්මාට සමුදීමේ උත්සවයද මෙයට සමගාමීව පැවැත්විණ.මෙම අවස්ථාව අප පාසලේ සියළුම දෙනාට හැහීම්බර අවස්ථාවක් විය.





Monday, December 1, 2014

අප පාසලේ නව විදුහල්පතිතුමා

ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්‍ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි.

සමස්ත ලංකා ගුරු ක්‍රිඩා උළෙලේ ජයග්‍රහණය

අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි.

Thursday, October 2, 2014

විදුහල්පතිතුමා උසස් වීමක්ලැබ නික්ම යයි.

අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.R.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය.


Wednesday, October 1, 2014

ලෝක ළමා දින සැමරුම

මෙවර ද ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලය ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර සිසුන්ට අයිස්ක්‍රීම් සංග්‍රහයක් සහ ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සිදුකෙරිණි.


Tuesday, September 30, 2014

දෙමාපිය වන්දනා වැඩසටහන

අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන් ‍වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසිනි.




අප පාසලට ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්ගේ පැමිණිම.

2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක්  අප පාසලේ පරිගණක විද්‍යාගාර‍යේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමට දායකත්වය සපයා ඇති ආකාරය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.
මෙහිදී ඔවුන් අප පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාරව සිටී අමල් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සහ අප පරිගණක විද්‍යාගාරය පිළිබද වීඩියෝ දර්ශන ලබා ගන්නා ලදී.

Monday, September 22, 2014

6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ ක්ෂේත්‍ර චාරිකාව

පසුගිය සිකුරාද දින එනම් සැප්තැම්බර් මස 19 වන දින අප විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ විද්‍යා විෂය සම්බන්ධ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඹ ග්‍රහලෝකාගාරය නැරඹීම,හික්කඩුව කොරල් පර නැරඹීම, සහ කැළණීය වෝටර් වර්ඩි මත්ස්‍ය සහ කුරුලු උයන නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණ.මීට අමතරව කැළණිය පුරාණ රජ මහා විහාරය වැද පුදා ගැනීමද සිදු කළ අතර මේ සදහා ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමාපියන් කිහිපදෙනෙකු ද සහභාගී විය.



Wednesday, July 16, 2014

ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන

මෙම අගහරුවාදා දින එනම් 2014.07.15 වන දින ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා තව දුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් ගුරු සංවර්ධන වැඩසටහනක් අප විද්‍යාලයේ දී පැවැත්විණි.මෙහිදී අප පාසලේ ප්‍රවීණ ආචාර්ය තුමියක් සහ නවක ගුරු මහත්මයෙක් ආදර්ශ පාඩමක් ඉගැන්වීමක් සිදුකල අතර අප කලාපයේ ප්‍රවීන ගුරු උපදේශක මහත්මයෙකු වන රත්නවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කල අතර අප විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ සහයෝගය මේ සදහා ලැබුණි.




Sunday, June 22, 2014

තොරතුරු තාක්ෂණ ගුරුසැසිය

මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ.



Monday, May 19, 2014

වෙසක් සැමරුම්

බුදු තෙමගුල සිහිකරමින් අප විද්‍යාලයේ බෞද්ධ සංගමය සහ සිසු දරු දැරියන් විසින් 2014.05.12 සිට 2014.05.16 දක්වා වෙසක් සතිය සමරන ලදී.එහිද  කාව්‍යමය ධර්ම දේශණයක්,වෙසක් කූඩු ප්‍රදර්ශනයක් ,සව් දන්සලක් හා වෙසක් ක‍ාඩ්පත් නිර්මාණය කිරීමක් ද සිදු  කරන ලදි.



Sunday, March 23, 2014

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2014

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ මාතෘකානුකූල කාව්‍ය නිර්මාණ අංශයෙන් සමස්ත ලංකා 2 වන ස්ථානය දිනා  ගැනීමට හ/නිහිළුව මහ විද්‍යාලයේ H.T.පියුමි ඉන්ද්‍රචාපා ශිෂ්‍යාව සමත් වූවාය.විද්‍යාලයට කීර්තිනාමයක් ලබා දුන් ඇයට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සහ දරු දැරියන්ගේ ආශිර්වාදය පිරිනම මු.



Saturday, February 1, 2014

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

ඊයේ  දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ.



Tuesday, January 7, 2014

2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම

2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන්  ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී  සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී.


Wednesday, January 1, 2014

නිහිළුව පාසලෙන් නික්ම ගිය පරමාදර්ශී ගුරුවරයෙක්

අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය සහ ඊ-ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී ගුරුවරයා වූ අමල් ගුණවර්ධන ගුරු මහත්මා මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය  ගුරු උපදේශක වරයෙකු වශයෙන් උසස් වීමක් ලැබ මෙම පාසලෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.නමුත් ඔහුගේ නික්ම යෑම අප පාසලට ඉමහත් පාඩුවක් වන අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල ඔසවා තැබීමට ඉමහත් කැපවීමක් කල පුද්ගලයා වන්නේ ඔහුය.අප පාසපේ පරිගණක විද්‍යාගාරය තංගල්ල අධ්‍යාපන කලාපයේ හොදම පරිගණක විද්‍යාගාරය බවට පත්කීරීමට ඔහු සිදුකල මෙහෙය අතිමහත්ය.අප ඔහුගෙන් උගත් දෑ බොහෝය.අවසාන වශයෙන් ඔහුගේ අනාගත ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි  ප්‍රාර්ථනා කරමු.

පාලමු පාසල් වාරය ආරම්භ විය.

2014 ජනවාරි 02 වන අද දින පාලමු පාසල් වාරය ආරම්භ විය.



“රස සරණිය” වර්ෂ පුර්ණ විවිධප්‍රසංගය

අප පාසලේ සිසු දරු දැරියන්ගේ සැගැවුණු දක්ෂතා එලි දැක්වීම සඳහා 2013.12.05 වන දින අප පාසලේ ඉදිකරන ලද එලිමහන් රංගපීඨයක් තුල දී ඉතාමත් උත්කර්ෂවත් විවිධප්‍රසංගයක් පැවැත්විණී.ඉතාමත් අලංකාර නැටුම්,ගැයුම් හා නාට්‍ය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම උත්සවය පාසලේ සිසුන්ගේ,දෙමාපියන්ගේ මෙන්ම ආරධීත අමුත්තන්ගේ ද නොම ද පැසසුමට ලක්විය.මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තුලින් සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමට ලැබීම ඔවුනට ඉමහත් පිටුවහලකි.මෙම කාර්යය සාර්ථකව සංවිධානය කර ගැනීම සඳහා පාසලේ විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමා ,සෞන්දර්යය අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගේ,දෙමාපියන්ගේ මෙන්ම පාසලේ ආචාර්ය මණ්ඩලයේ ද නොමද සහායක් ලැබුණී.



LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...