Wednesday, December 16, 2009

ශ්‍රි ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයට (SLIIT)යන අපේ ප්‍රථම ශිෂ්‍යාව.

අප විද්‍යාලීය ඊ-ගම්මාන වැඩසටහනේ නිරත සිසුන් තිදෙනෙක්‍ මෙවර උසස් පෙළ හොදින් සමත්ව ඇත.

වින්ද්‍යා මනම්පේරි

Sinhala A

BC A

Economic A

Rank 215

සමන්තිකා හේවාපතිරන

Sinhala -A

BC -A

Economics -C

Rank - 485

ප්‍රියන්ගිකා සදමාලි

Sinhala - A

BC - A

Economic – B

Rank – 269

වින්ද්‍යා ශිෂ්‍යාව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ඇත.නමුත් අපගේ ඊ-ගම්මාන වැඩසටහන තුලින් එම ශිෂ්‍යාවගේ අනාගතය වඩාත් සුරක්‍ෂිත කිරීමට අපට හැකි විය.වර්තමානයේ තොරතුරු තාක්‍ෂණ ‍ෙක්‍ෂ්ත්‍රයේ රැකියා අවස්ථා දහස් ගනනක් ඇති මුත් ඒ සදහා සුදුසු ශ්‍රමිකයන් හිග වී ඇත.එවන් අවධියක අප විදේශිය දානපතියකුගේ අනුග්‍රහය මත වින්ද්‍යා තොරතුරු තාක්‍ෂණ ගෞරව උපාධියක් ලබා ගැනීම සදහා ශ්‍රි ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයට 2010 අධ්‍යයන වර්ෂය සදහා ඇතුලත් කරන ලදි.මෙය වර්ෂ හතරක කාලයකින් යුක්ත අතර සියළු වියදම් අදාල අනුග්‍රහයෙන් දරනු ඇත.මෙය අප ලැබු විශාල ජයල්‍රහණයක් ලෙස අප විශ්වාස කරමු.

අපගේ උත්සාහය අනෙක් ශිෂ්‍යාවන් දෙදෙනාටද මෙවන් අනාගතයක් උදා කර දීමයි. තොරතුරු තාක්‍ෂන ඩිප්ලෝමාවක් හෝ ලබා දීම අපගේ අරමුණයි.ඒ සදහා මෙම ශිෂ්‍යාවන්ට අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි පුද්ගයන් වෙතොත් අපව අමතන්න.

www.ruhunulanka.org

info@ruhunulanka.org

0714422770

Monday, November 16, 2009

අ.පො.ස.(සා.පෙළ) සිසුන් සදහා තොරතුරු තාක්‍ෂණ වැඩමුළුව

වාර්ෂිකව අප විද්‍යාලීය පරිගණක අංශය පවත්වන මෙම වැඩමුළුව මෙවරත් නොවැම්බර් 18,19,20 යන තෙදින පුරා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.මෙ සදහා සම්පත් දායකත්වය මෙවරත් ලබා දෙන්නේ කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශයේ සිසුන් විසිනි.මේ සදහා මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ට සහභාගී විය හැක.තංගල්ල කලාපයේ පාසල් සිසුන්ට නොමිලේ මේ සදහා සහභාගී විය හැක.

දින තුන පුරාවට අපගේ වෙබ් අඩවිය හරහා වෙබ් කාස්ට් තාක්ෂනය මගින් වැඩමුළුව විකාශය වේ.

පිවිසෙන්න

www.nihiluwamv.sch.lk

Monday, October 19, 2009

පරිගණකයට සිත ගිය වැඩිහිටියා

මේ ජායාරූප හොදින් බලන්න.මේ තමයි බෙලිඅත්තෙ පැවති මහපොල ප්‍රදර්ශනයේදි ගත්ත වටිනම එක.අපි තොරතුරු තාක්‍ෂන කුටියක් මහපොල ප්‍රදර්ශනයේ විවෘත කලා..අපේ ශීෂ්‍යාවක් ගේ උදවු ඇතිව ඒකට ආපු තාත්තා කෙනෙක් පරිගණකය බොහොම හොදට හසුරුවල විත්‍රයක් ඇන්ද.

Sunday, October 11, 2009

නවමු IT අත්දැකීමකට මහපොල භූමියට එන්න

තාරැණ්‍යයට හෙටක් සංවිධානය කරන මහපොල අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය ඔක්තෝබර් 14 සිට 18 දක්වා බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේදී පැවැත් වේ.අප පාසලටද ප්‍රදර්ශන කුටියක් වෙන් කොට ඇති අතර තොරතුරු හා සන්නවේදන තාක්‍ෂණයට අදාලව එය සංවිධානය කිරිමට අප බලාපොරොත්තු වෙමු.‍ඒ සදහා දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සහයෝගය දක්වන අතර ද්විතීයික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය අනුග්‍රාහකත්වය සපයයි.

තොරතුරු හා සන්නවේදන තාක්‍ෂණයට අදාලව වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දීමට අපගේ ප්‍රදර්ශන කුටිය තුලින් බලාපොරොත්තු ‍වේ.එමෙන්ම ප්‍රදර්ශනය පැවැත්වෙන දින 5 පුරාවට අපගේ පාසල් වෙබ් අඩවිය හරහා ලයිව් වෙබ් කාස්ටින් (Web cast) තුලින් ප්‍රදර්ශන‍ෙය් රූපරාමු විකාශය කිරීමටද සැලසුම් කොට ඇත.එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක් විසින් කරන ප්‍රථම අත්හදා බැලීමද වේ

Wednesday, September 30, 2009

ලෝක ළමා දිනයට ගුරුවරුන්ගෙන් සිසුන්ට සත්කාරයක් !

අප විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඔක්තෝබර් පලමුදිනට යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීම සිදුකළේ අමුතුම ආකාරයකටය.එනම් අද දින පාසලේ සියලුම සිසුන්ට ගුරු මණ්ඩලය විසින් කිරිබත් සහ කෙසෙල් වලින් සංග්‍රහයක් සිදු කරන ලදි.

Tuesday, September 29, 2009

අරලිය ගහ මැදුර බලන්න අප ගිය ගමන


අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ පිරිසක් සැප්තැම්බර් 14 වන දින අරලිය ගහ මැදුර නැරඹීමට ගියෙමු.එහිදී අරලිය ගහ මැදුරේ සියළු විශේෂිත ස්ථාන දැක බලා ගැනීමේ අවස්ථාව අපට හිමි විය.විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයන් විදහා දැක්වෙන ජායාරූප කාමරය අපගේ මතකය ඈතට ගෙන ගිය අතර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම කෙතරම් උතුම් ක්‍රියාවකදැයි අපට සිතුනි.

එමෙන්ම අපගේ වාසනාවට අතිගරු ජනාධිපතිතුමන්ද මුණ ගැසීමට ද අපට හැකි විය.අප සිසුන් විසින් රට මුදවා ගැනීමට උපහාරයක් ලෙස රැගෙන ගිය සිහිවටනය එහිදි අතිගරු ජනාධිපතිතුමන්ට පිරිනමන ලදි.

තොරතුරු තාක්‍ෂණය පිළිබදව එතුමන් විශේෂ උනන්දුවක් දක්වන බව අප අසා තිබුණු හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අප, පාසල හා සම්බන්ධව සිදුවන ඊ-ගම්මාන වැඩසටහන පිළිබඳවද අතිගරු ජනාධිපතිතුමන්ව දැණුවත් කරන ලදි‍.ඒ පිළිබදව උනන්දුවක් දැක්වූ එතුමන් වහාම දුරකථන ඇමතුමක් ගෙන අදාල නිලධාරීන්ට අප ඉදිරියේදීම පවසා සිටියේ නිහිළුවට ණැනසලක් ලබා දීමට සතියක් තුල කටයුතු කරන ලෙසය.අප ඉන් මහත් සතුටට පත් වුයෙමු.නිහිළුව පාසල ඇතුළු සමස්ත ගම්වාසීන් ගේ හදපිරි ස්තූතිය අතිගරු ජනාධිපතිතුමන්ට අප පාසල් වෙබ් අඩවිය හරහා මෙසේ පුද කරන්නෙමු.ණැනසල ලබා දීමේ කටයුතු ඉක්මනින් ආරම්භ වෙතැයි අප බලාපොරොත්තු වෙමු.


Saturday, July 4, 2009

විසි වසරකට පසු යලි පනගැන්වු හඳුගල තේ කර්මාන්ත ශාලාව


භීෂණ සමයේ සිදුවු විනාශය හේතුවෙන් වසර 20 අක්‍රීයව පැවති හඳුගල තේ කර්මාන්ත ශාලාව නව ආයෝජනයකු යටතේ නැවතත් ආරම්භ විය.නවීකරණය කරන ලද කර්මාන්තශාලාව 2009 ජුනි මස 27 වනදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් විවෘත විය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති එකම තේ කර්මාන්තශාලාව වන මෙය පිහිටා ඇත්තේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හඳුගල ග්‍රාම නිලධාරී වසම තුලය.අත්හැර දමන ලද කුඩා තේ වතු හිමියන් මේ වන විට යලිත් සිය වගා කටයුතු ආරම්භකොට ඇත.ප්‍රදේශයේ ආර්ථික තත්වය දියුණු විමටද මෙය හේතුවක් වී ඇත.




ඇසල පොහොයට අප කළ වැඩිහිටි සත්කාරය.







වර්තමානයේ පාසල් සිසුන් තුල ගුණධර්ම රෝපණය කිරීම අන් කවරදාටත් වඩා යුගයේ අවශ්‍යතාවක් වී ඇත.එය මනාව වටහා ගනිමින් නිහිළුව මහා විද්‍යාලයේ විදුහල්පතිගේ මගපෙන්වීමෙන් හා බෞද්ධ සමිතිය විසින් ඇසල පොහොය නිමිති කරගෙන උතුම් වු වැඩිහිටි සත්කාර්යක් 2009 ජූලි මස 3 වනදා විද්‍යාලීය සිසු සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
එදින ප්‍රදේශවාසී වැඩිහිටියන් කිහිප දෙනකු විදුහලට කැදවාගෙන විත් නහවා,අළුත් ඇදුම් ලබා දී,පිය හා මව් ගුන ගායනයෙන් ප්‍රබෝධමත් කොටආහාර පානාදියෙන් හා තෑගි බෝගවලින් සංග්‍රහ කොට දීර්ඝායුෂ පතන ලදි.




















Wednesday, July 1, 2009

විශ්‍රාම උපහාර පිදීම





තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අප පාසලට යාබදව පිහිටි නිහිළුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වශයෙන් අවුරුදු 13 සේවට කොට විශ්‍රාම ගිය එම්।එල්.සිරිසේන මහතාගේ විශ්‍රාමයාම හේතුකොට උපහාර පිදීමේ උළෙලක් 2009.06.26 වන දින තංගල්ල කලාප අධ්‍යාපන අධක්ෂ එච්.එස්.සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු දකුණු පලාත් සභාවේ සභානායක සෝමවංශ කෝදාගොඩ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.මෙම උපහාර උත්සවය විදුහල්පති ජි.එම් සිරිසේන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා ගම්වාසීන් විසින් සංවිධානය කරන ලදි.

Thursday, June 4, 2009

වාර්ෂික පොසොන් සීල සමාදාන වැඩසටහන

අප විද්‍යාලීය බෞද්ධ සංගමය වාර්ෂිකව පවත්වන සීල ව්‍යාපාරය අද දින එනම් පොසොන් මස 5 වනදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ।



Monday, May 4, 2009

විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම ගුරු මාතාව විශ්‍රාම ගනී.

පුරා වසර 32 ට අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කල ජේ।එම්.ඒ ලීලා ගුරු මාතාව 2009 මැයි මස 01 වැනිදා සිට විශ්‍රාම ලැබුවාය.සුවහසක් දරුවන්ගේ නැණ නෙත පාදමින් විද්‍යාලයේ අභිවෘද්ධියට අනුපමේය සේවාවක් කළ එතුමියට සෙත්පතා විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතාගේ මග පෙන්වීම හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් 2009 අප්‍රේල් මස 30 වැනිදා ආශීර්වාද පූජාවක් හා සෙත් පිරිත් සජඣායනාවක් පවත් වන ලදි.

වෙසක් සතිය අර්ථවත් කරමු.

වෙසක් සතිය නිමිති කර ගනිමින් අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට යාබද විහාරස්ථානය වන ශ්‍රී අශ්වත්ථාරාම‍ය පන්සල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2009 මැයි මස 5 වැනිදා පවත්වන ලදි.ගුණ දහමින් පිරි සිසු පරපුරක් බිහි කිරිමේ අරමුනින් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි.
එමෙන්ම අප පාසලේ බුදු මැදුර පිරිසිදු කොට හුණු පිරියම් කිරිමද සිසුන් විසින් එදින සිදු කරන ලදි.
විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඇතුළු බෞද්ධ සමිතිය අදාල ශ්‍රමදානය සංවිධානය කරන ලදි

Monday, April 6, 2009

ආදර්ශමත් ගුරුමහතකුට උපහාර පිදු වගයි.


පුරා අවුරුදු 10 අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කළ ඩබ්.ජි.සෝමසිරි මහතා ඉකුත් දිනෙක අප පාසලෙන් ස්ථාන මාරුවක් ලැබ ගියේය.සිය විෂය වු ගණිතය විෂයේ සාධන මට්ටම ඉහල දැමීම සදහා විශාල වෙහෙසක් ගත් බව අප කවුරුත් දන්නා කාරනයකි.එමෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද විශාල කැපකිරිමක් සිදු කරන ලදි.ඔහු කළ සේවයට උපහාර පිදීමක් 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා අප විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදි පවත්වන ලදි.

විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරි හේවාගම මහතාගේ පරිත්‍යාගය


විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරිහේවා මහතා විද්‍යාලයේ දීර්ඝ කාලයක් පැවති අඩුපාඩුවක් සපුරාලමින් ප්ලාස්ටික් පුටු 25 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා පාසලට පරිත්‍යාග කරන ලදි.වර්තමානයේ පාසල් වල පැවැත්මට ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය අවශ්‍ය යුගයක මෙම පරිත්‍යාගය ඉතාමත් වටිනා බව අප විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී පැවසීය.

ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළදවීම

2009 වසර සදහා අභිනවයෙන් තොරා ගත් ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැලදවීමේ උත්සවය 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.විද්‍යාලීය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සදහා තෝරාගත් සිසුන්ගේ දෙමාපියන් සහභාගි වු අතර කලාප කාර්යාලය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කේ.ඒ.සෝමසිරි මහතා එක් විය.

Thursday, March 19, 2009

පාසල් ළමා උපදේශන වැඩමුළුව.


නිහිළුව මහා විද්‍යාලයේ 2009.03.13 වන දින මනෝවිද්‍යාත්මක අධ්‍යාපන වැඩ සටහනක් පවත්වන ලදි. එහිදී උපදේශකයන් ලෙස ,
මනෝ විද්‍යාව පිළිබඳ උපදේශිකා රේණුකා හේවගේ මැතිණිය.
විශේෂ අධ්‍යාපනය පිළිබඳ උපදේශක ලාල් ධම්මික සෙනවිරත්න මහතා.
පරිවාස හා ළමාරක්ෂණ නිළදාරී එස්. ප්‍රේමචන්ද්‍ර මහතා.
ළමා හා කාන්තා කාර්යංශයේ උපදේශිකා ශ්‍රියා ලියනගම මැතිණිය සහභාගී විය.

මෙම වැඩමුළුවේ අරමුණු ලෙස,
අධ්‍යාපන හා යෞවනයත්වය.
අධ්‍යාපනයේ ඉලක්ක.
සුචරිතවත් සමාජයක් බිහි කිරීම යන කරුණු දැක්විය හැක.

නිහිළුව මහා විද්‍යාලයේ උපදේශනය පිළිබඳ ආචාරිනී පී.ඒ.සුනීතා ගුරු මහත්මිය විසින් මෙම වැඩ සටහන මෙහයවන ලදි.

Wednesday, March 18, 2009

ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය.



12 වසර සිසුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියට අනුව සංවිධානය කරනු ලැබූ රට දැය වෙනුවෙන් දිවි පුදන, අනතුරු වලට ලක්වන උදාර රණ විරුවන් වෙනුවෙන් ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 2009.03.19, එනම් අද දින විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සිසු දරු දැරියන්ගේත්, හා ප්‍රදේශවාසි ලේ දන්දීම පිණිස පැමිණි දෙමාපියන්ගේත් සහභාගීත්වයෙන් මේ අවස්ථාවේ සිදුවෙමින් පවතී‍. මෙම උදාර කටයුත්ත අද දින ප.ව. 4.00 පමණ වන තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Thursday, February 26, 2009

පරිගණනකයෙන් ලොව දිනනා ගැමි දරුවෝ



මෙම ඡායාරූප මගින් දිස් වන්නේ අප විද්‍යාලයේ හය වසර සිසුන් ක්ලාස්මේට්
පරිගණක භාවිතා කරන ආකාරයයි.මෙම පරිගණක ඉන්ටෙල් සමාගම විසින් අප පාසල වෙත පරිත්‍යාග කරන ලදි.පාසල තුල වයර්ලස් ඉන්ටර්නෙට් පහසුකම් ඇති නිසා අප සිසුන් පන්ති කාමරය තුල සිටම තොරතුරු ගවේෂනයට අන්තර්ජාලයට පිවිසේ.අප ලද මෙම මහගු පරිත්‍යාගය කාර්යක්ෂම ලෙස භාවිතා කිරිම අපගේ අරමුණයි.විද්‍යලයේ සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක භාවිතා කිරිමේ පුහුණුවක් ලබා දිමද අරමුණකි.

මෙම පරිගණක ඉතාමත් ප්‍රවේශමෙන් භාවිතා කල යුතු අතර නියමිත ආකාරයට චාර්ජ් කිරිමද කල යුතුය.දැනට මෙම පරිගණක ස්ථාන ගත කොට ඇත්තේ පරිගණක විද්‍යාගාරය තුලයි.නමුත් එම කාමරයේ ඉඩ ප්‍රමානවත් නොවන අතර පාසලේ කාමර ඇතත් ඒවා ආරක්ෂිත නොවේ.දැනට ප්‍රයෝජනයට නොගන්නා කාමරයක් ඇති අතර එහි සුලු අලුත්වැඩියාවකින් ආරක්ෂිත ආකාරයට සකස් කල හැක.තොරතුරු තාක්ෂන ලොව ජයගැනීමට ගැමිදරුවන් දරනා මෙම උත්සාහයට ඔබගේ දායකත්වයක් ලබා දිය හැකි නම් එය ඉතාමත් අගනා කාර්යක් ලෙස අප දකිමි
.

Wednesday, February 25, 2009

විද්‍යාලීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව සාර්ථකව නිම කරයි.


අප විද්‍යාලීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව ඉතාමත් සාර්ථක නිම කරමින් විදුහල්පතිතුමා ඇතුලු සිසු කණ්ඩායම 25 වන දින රාත්‍රී 10 පමණ පාසලට පැමිනියහ.දින හතරක මෙම චාරිකාව මගින් ලංකාවේ ‍ෙඑතිහාසික සිද්ධස්ථාන රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව අප සිසුන් වෙත උදා විය.මෙම චාරිකාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දුන් සියලු දෙනාටමත් සුභ පැතු අයටත් විදුහල්පතිතුමා සිය ස්තුතිය පිරිනැමීය.

Wednesday, February 18, 2009

ඉන්ටෙල් ක්ලාස්මේට් පරිගණක 20 ක ප්‍රදානයක් අප පාසලට


අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය ඉන්ටෙල් සමාග‍ෙම් අනුග්‍රහයෙන් අප පාසලටද ක්ලාස්මේට් පරිගණක 20 ක් ලබා දෙන ලදි.ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පෙබරවාරි මස 16 වන දින පවත්වන ලදි.ලංකාවේ පාසල් 25 සදහා එදින මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මේ සදහා සුදුසුකම් ලැබුවේ අප පාසල පමණි.ඒ සදහා අප පාසල් පරිගණක විද්‍යාගාරය ඉටු කරනු ලැබු සේවාව සැලකිල්ලට ගෙන තිබුනි.

මෙම පරිගණක යොදා ගනිමින් පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂන හැකියාව වර්ධනය කිරිම අපගේ අරමුණයි.පාසල තුල මේ වන විට රැහැන් රහිත ජාල පහසුකම් ස්ථාපිත කො‍ට ඇති බැවින් පාසලේ ඕනෑම ස්ථානයක සිට මෙම පරිගණක යොදා ගනිමින් අන්තර්ජාලයටද පිවිසීමේ හැකියාවද අප සතුය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...