Wednesday, February 11, 2009

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට රැහැන් රහිත ජාල කලාපයක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට රැහැන් රහිත ජාල කලාපයක් කුඩා පාසලක් වන නිහිලුව මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි. පාසලේ ක්‍රියාත්මක පරිගණක ඒකකයේ කටයුතු පාසල පුරා ව්‍යාප්ත කිරිම මෙහි අරමුණයි.අප පාසලේ වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇති අතර අප පිහිටුවනු ලැබු රැහැන් රහිත ජාල කලාපය නිසා පාසලේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇතිවේ.මේ සදහා අපට මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ලද්දේ දකුණු පලාත් ගරු සභානායක සෝමවංශ කෝදාගොඩ මැතිතුමා විසිනි. ඉන්ටෙල් සමාගම ක්‍රියාත්මක කරන ඉන්ටෙල් ටීච් වැඩසටහන යටතේ අප පාසලටද ක්ලාස් මේට් වර්ගයේ ලැප්ටොප් 20 ලැබීමට නියමිත අතර ඒවා යොදා ගනිමින් සෑම පන්ති කාමරයකටම අන්තර්ජාල පහසුකම් ලබා දීමටද අප සැලසුම් කොට ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ අදහසක් ලෙස 2009 වසර තොරතුරු තාක්ෂන හා ඉංග්‍රිසි භාෂෘ වසර ලෙස නම් කොට ඇති බැවින් එයට සමගාමීව අප පාසලේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ

ශ්‍රමදාන වැඩසටහනක්.....



නිහිළුව මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ යෝජනා ස්ථිරත්වයකට අනුව
2009 වසරේ පළමු වැනි වාරය සදහා නියමිත ශ්‍රමදාන වැඩ සටහන 2009.02.05 දින උදෑසන 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත් විය. ඒ සදහා සියළු ම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් හා භාරකරුවන් විද්‍යාලයට පැමිණ ක්‍රීඩා පිටිය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීම් කටයුතු වල නිරත විය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...