Tuesday, February 17, 2009

සිවුදින අධ්‍යාපන චාරිකාවක්

2009 වර්ෂයේ විද්‍යාලයීය වාර්ෂික සැලැස්මට අනුව නිහිළුව මහා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ යෝජනා ස්ථිරත්වයෙන් හා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඒ. ශාන්ත කුමාර මහතාගේ උපදේශකත්වයෙන් 2009.02.22 – 2009.02.25 දින දක්වා වූ සිවුදින අධ්‍යාපන චාරිකාවක් යාමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි දී අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර, නුවරඑළිය වැනි ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පෞරාණික ස්ථාන මෙන්ම කලාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රාශියක් නැරඹීමට නියමිත අතර විද්‍යාලයේ ගුරු මහත්ම/ මහත්මීන් අට දෙනෙක් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 60 දෙනෙක් සහභාගී වෙති.

3 comments:

  1. අනිවාර්යයෙන්ම ඔබේ චාරිකාව අතිශයින්ම විනෝදාත්මක චාරිකාවක් වනු නියතය. ඒ චාරිකාව ඔබේ මතකයෙන් කවදාවත් මැකී නොයනු ඇත. එහි සෑම මොහොතකම රසය විඳින්න.

    ReplyDelete
  2. පාසල් අධ්‍යාපන චාරිකා ඉතාම විනෝදයි. එය හොඳින් විඳින්න සුභ පැතුම්.

    ReplyDelete
  3. සුභ පැතුවාට තුති

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...