Tuesday, February 17, 2009

සද්දෙ තරමට කවරේජ් නැති අන්තර්ජාල සේවාවන්

අප පාසලේ පරිගණක ඒකකය හා සම්බන්ධව ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසට අපට ලැබුනු නව පරිගණක විද්‍යාගාරය පාසලෙන් බාහිර ස්ථානයක පිහිටවනු ලැබුවා.මෙම පරිත්‍යාගය කරනු ලැබූවේ ඊස්ට් - වෙස්ට් පරිගණක ආයතනයයි.අපට අවශ්‍ය වුයේ මෙම නව ඒකකය හරහා ගම්වාසීන්ට අන්තර්ජාල සේවාවන් ලබා දීමත් තොරතුරු සෙවීම සදහා අන්තර්ජාලයේ ඇති වාසිය වටහා දීමත්ය.ඉතින් නව ඒකකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අපට අනුග්‍රහය දීමට ජර්මන් ජාතිකයෙක් කැමැත්ත ප්‍රකාශ කරා. අපි මේ සදහා ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන කීපයකට ගොස් කරුණු වීමසීමක් කළා.අප මෙහිදි ඔවුන් අයකරනු ලබන ගාස්තු පිලිබදවත් සැලකිලිමත් වුනා.අවාසනාවකට එම ආයතන අපට පැවසුවේ පාසල පිහිටි ප්‍රදේශය ඔවුන්ගේ ආවරණ කලාපයට අයත් නොවන බවයි.අප පාසල පිහිටි නිහිලුව ගම්මානයට බෙලිඅත්ත නගරයේ සිට ඇත්තේ කිලෝමීටර තුනහමාරක් පමනි.ඉදිරියේදි ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල භාවිත‍ෙය් වැඩිවීමක් සිදුවනු ඒකාන්තය.මෙවන් කෙටි දුරක් වත් ආවරනය කල නොහැකි අන්තර්ජාල සබදතා සපයන ආයතන මේ පිලිබදව දැන් සිතා බැලිය යුතුය.මිල ගනන් ඇසූ විටද අපට සිතෙන්නේ අධිකම මිල ගනන් අය කරන්නේ ලංකාවේ පමනක්ද යන්නය.

අප බලාපොරොත්තු වුයේ සහනදායී මිලකට අන්තර්ජාල සබදතාවක් ලබාගෙන අප පාසල අවට ප්‍රජාවට එම සහනදායී මිලටම සේවාවන් සැපයීමටය।නමුත් මෙතරම් දියුණු යුගයේ අවාසනාවට කිලෝමීටර තුනහමාරක් දුරින් අප ගම පිහිටි නිසා අපගේ බලාපොරොත්තු සුන් වී ඇත.
info@ruhunulanka.org

5 comments:

  1. එක ඇත්ත ඔය සමාගම්වල හිත තියෙන්නේ ඇමරිකන් ක්‍රමයටය වැඩ ඉතියොපින් ක්‍රමයටයි

    ReplyDelete
  2. පොඩ්ඩක් හොයලා බලන්න ඩයලොග් ADSL ගැන

    ReplyDelete
  3. H සොයුරුගේ අදහසට මම එකඟයි. කාට කිම්ද මේ දුක?

    ReplyDelete
  4. ඇත්තටම පුධාන නගර කිහිපයේ හැරුණුකොට අන්තර්ජාලයට සම්බන්ධවෙන්න මාර කට්ටක් කන්න ඕනි පිටට ගියාම, මොනව කරන්නද? මේව කාට කීවත් විසදුමක් දෙන්න අපේ යටිතල පහසුකම් සංවර්ධනය කරගන්න තමා අවෂය, අළුතෙන් කොපමන ආයතන ආවත් ඒ අය බලන්නෙ නාගරික ප්‍රදේශ ගැන පමණයි, ‍මන්ද ග්‍රාමීය පරිසරය තුල ආදායම් ඉපැයීම ඒ අයට කරන්න අපහසුයි,

    මම සිතන විදිහට ගමට පරිගණක දුන්නට වැඩක් නෑ ගම්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්නෙ නැතිව.

    මම නම් කොළබින් පිටට යන්න කැමතිම නෑ මේ නිසා.

    ReplyDelete
  5. තවමත් අපි සිතන තරමේ මුදලකට අන්තර්ජාල සබදතාවක් ගන්න බැරිවුනා.බොහෝ සමාගම් අපිව හූරා කන්න හදනවා.අනේ ඇයි මෙතරම් මේවාට අය කරන්නේ.ඉතින් අපි වගේ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට අන්තර්ජාලේ අරහංද ?

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...