Monday, October 31, 2011

නව පරිගණක ඒකකයේ වැඩ නිම වෙයි.


මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම  කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.
මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි පහසුකම් සපයල තියෙනවා.අපි ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට කොල්ලුපිටියෙ තිබෙන ඩොයිෂ් බැංකුව අපිට නව පරිගණක 10 කුත්,බිමි මහලේ පරිගණක 30 සදහා අවශ්‍ය ජාලකරණ උපකරනත් ලබා දුන්නා.මේ වෙනකොට ජාලකරනය සිසු සහභාගිත්වය සමග අපි ස්ථාපනය කරලයි තියෙන්නේ.එමෙන්ම ඔවුන් දැනට පොරොන්දු වෙලා තියෙනවා භාවිතයෙන් ඉවත් කරන(නමුත් හොද තත්වයේ) පරිගණක මේස කිහිපයකුත් ලබා දෙන්න.අපිට මේස තමයි ප්‍රශ්නය.දැනට අපි සතුව තිබෙන පරන පරිගණක 7 අළුත්වැඩියා කරල ගන්න හිතාගෙන ඉන්නවා.එවිට පරිගණක 17 විතර යොදලා නව ඒකකය විවෘත කරන්නත් එදාට තොරතුරු තාක්ෂන දිනයක් සංවිධානය කරන්නත් හිතාගෙන ඉන්නවා.ඉතින් අපිය අවශ්‍යයි පරිගණක විෂයේ විවධ පැති වලින් දැනුමෙන් සන්නද්ධ අය එදාව වැඩමුළු පවත්වන්න.තව විවිධ ආයතන ආවොත් හොදයි ප්‍රදර්ශන කුටි පවත්වන්න.අපි පොඩි පාසලක් හන්ද එහෙම ලොකු ආයතන ඒවිද මන්දා..
අපිට විශ්වාසයක් තියෙනවා අන්තරජාලයේ අපේ මිතුරන් උදව් කරාවි කියලා.මොකද පහුගිය දවසක අපිට හිමි විය යුතු ව තිබු දෙයක් අහිමි වෙලා තියෙනවා.අහිමි කරාද කියලත් අපි දන්නෙ නැහැ.කාලයත් සමග එය කුමක්ද කියලා හැමෝටම දැනගන්න ලැබේවි.
ඒත් අපි අපේ ගමන යනවා.
 




2 comments:

  1. හොදින් ඉගෙන ගෙන රටට සේවය කරන්න.

    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.

    ReplyDelete
  2. ඔය පරිගණක සඳහා භාවිතයට බලපත්‍ර සහිත මෘදුකාංග දුන්නද?

    හන්තාන ගැන කියලා දීලා භාවිතයට උදව් කරන්න අපු කැමතියි.

    හැකි ඉක්මනින් https://groups.google.com/group/hanthana-community සමූහයට කියන්න.

    අපි එන්නම්.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...