Thursday, February 26, 2009

පරිගණනකයෙන් ලොව දිනනා ගැමි දරුවෝ



මෙම ඡායාරූප මගින් දිස් වන්නේ අප විද්‍යාලයේ හය වසර සිසුන් ක්ලාස්මේට්
පරිගණක භාවිතා කරන ආකාරයයි.මෙම පරිගණක ඉන්ටෙල් සමාගම විසින් අප පාසල වෙත පරිත්‍යාග කරන ලදි.පාසල තුල වයර්ලස් ඉන්ටර්නෙට් පහසුකම් ඇති නිසා අප සිසුන් පන්ති කාමරය තුල සිටම තොරතුරු ගවේෂනයට අන්තර්ජාලයට පිවිසේ.අප ලද මෙම මහගු පරිත්‍යාගය කාර්යක්ෂම ලෙස භාවිතා කිරිම අපගේ අරමුණයි.විද්‍යලයේ සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක භාවිතා කිරිමේ පුහුණුවක් ලබා දිමද අරමුණකි.

මෙම පරිගණක ඉතාමත් ප්‍රවේශමෙන් භාවිතා කල යුතු අතර නියමිත ආකාරයට චාර්ජ් කිරිමද කල යුතුය.දැනට මෙම පරිගණක ස්ථාන ගත කොට ඇත්තේ පරිගණක විද්‍යාගාරය තුලයි.නමුත් එම කාමරයේ ඉඩ ප්‍රමානවත් නොවන අතර පාසලේ කාමර ඇතත් ඒවා ආරක්ෂිත නොවේ.දැනට ප්‍රයෝජනයට නොගන්නා කාමරයක් ඇති අතර එහි සුලු අලුත්වැඩියාවකින් ආරක්ෂිත ආකාරයට සකස් කල හැක.තොරතුරු තාක්ෂන ලොව ජයගැනීමට ගැමිදරුවන් දරනා මෙම උත්සාහයට ඔබගේ දායකත්වයක් ලබා දිය හැකි නම් එය ඉතාමත් අගනා කාර්යක් ලෙස අප දකිමි
.

10 comments:

  1. සුභ පැතුම්, මට හැකියාවක් තිබ්බා නම් දැන් වුණත් කරනවා!

    ReplyDelete
  2. Hello,.. I oftenly heard about suriname that the people of suriname can speak javanese, and dutch as well because of the history of that country,.. but why suriname didnt often to show up their country in the international community? please visit my blog... thank you

    ReplyDelete
  3. මම නම් දකින්නෙ මෙහි සතුටු වනවාට වඩා අපට දුක් වන්නට සිදුවන්නේ, පරිගණකය ගමට ගිහින් දුන්නට ඒ සඳහා අවට ඇති යටිතල පහසුකම් දියුණු නොකිරීම තුල ඇතිවන ගැටළු නිසායි, මම පෞද්ගලිකව හොද අත්දැකීම් ලබා ඇති නිසා මා දැන් කොළඹින් පිටට යාම අදි මදි කරනුයේ මේ හේතුව නිසායි, මන්ද කොල් එකක් ගන්න සිග්නල් නෑ, අන්තර්ජාලයට සම්බන්ධවීමට අවෂ්‍ය අවම පහසුකම් වත් නෑ, පොත් සාප්පුවල කොළබ තියෙන පොත් සාප්පුවල ඇති පොත් වලින් කාලක් වත් නෑ, පොතක් දෙකක් තිබුනත් ඒවගෙ මිල කොළබ මිලමෙන් එක් හමාරක් හෝ දෙගුණයක් වෙනව. ඒ වගේම විදුලි බිල දැක්කම අඩු ආදායම් ඇති පවුල්වල අය සිහි නැතිවෙන්න පුළුවන්.

    බොහෝ අය සිතනව පරිගණක භාවිතා කරනව කියන්නෙ මේ කාර්‍යාල වැඩ ටටික කරගන්න පරිගණකය භාවිතා කරන්න හැකි වුනා නම් එපමණයි කියල, අනික් දේ තමා ඉංග්‍රීසි දැනුම.

    ගම්බද බොහෝ අය එක රාමුවක් තුල සිරවී සිටින්නෙ, අප පළමුවෙන් ඒ රාමුවෙන් පිටතට ගත යුතුයි, නැතිව පරිගණක දීල ලස්සනට තියාගෙන සිටීමට නම් වැනක් නෑ.

    හැබැයි මෙවැනි ගැටළු මැද මෙසේ හෝ පරිගණක භාවිතා කිරීම සතුටට කාරණයක්.

    ReplyDelete
  4. ඇත්ත තමයි.ග්‍රාමීය ප්‍රදේශවල පහසුකම් වල අඩුපාඩු තිබෙනවා.විශේෂයෙන් අන්තර්ජාල සබදතා ග්‍රාමීය ප්‍රදේශවල නැති තරම් .සමහර විට ග්‍රාමීය ජනතාවට අන්තර්ජාල පහසුකම් ලබා දුන්නොත් නගරබද ජනතාවට වඩා ප්‍රයෝජන ගනීවි.අපේ සිසුන් ඉංග්‍රිසි බාධාවක් කරගෙන නැහැ .අපිට අවශ්‍ය සම්මත රාමුවෙන් පිටතට මේ ජනතාට රැගෙන ඒම ලෙහෙසි නැතිවේවි.නමුත් සාර්ථක වේවි.

    ReplyDelete
  5. අමල් සිර්

    මං හිතනව ඔබට මාව මතක ඇති කියා.(ගිය අවුරුද්දෙ ඔබ පාසලට ආපු UCSC අයගෙන් එක්කෙනෙක්)

    මට මතකයි ඔබ මෙ පරිගණක ඔබ පාසලට ලැබෙන බව අපිට පැවසුවා.ඉතාමත්ම සංතොස ආරංචියක්.ඇත්තටම හදවතින්ම සතුටුයි අපෙම නිහිලුවෙ නංගිල මල්ලිලට ඉක්මනටම මේ ලොකය දකින්න අවස්තාව ලැබිච්ච එක ගැන.

    අපිට තෙරෙනවා ඔබගෙ අවශ‍යතාවය.පරිගණකයෙන් වැඩ ගන්න එවා නියමිත පරිදි නඩත්තු කරන්න අවශ්‍යයි.

    විෂ්ව විද්‍යාල මට්ටමෙන් කල හැකි කුමක් හො තිබෙදැයි අපි සොයල බලන්නම්.

    ඔබ නිහිලුවට වස්තුවක්.

    Gayan Garusinghe

    ReplyDelete
  6. ගයාන් කී දේ මමත් ප්‍රතිරාව කරන්න කැමතියි..

    "අමල් සර්, ඔබ නිහිළුවට වස්තුවක්"

    හැකි ඉක්මනින් නැවතත් දැනුම් සම්භාරයක් රැගෙන එන්නට චනක සමඟ පිඹුරුපත් සකසමින් ඉන්නේ. ඉක්මනින්ම නැවත හමුවෙමු.

    ReplyDelete
  7. අමල් සර්ට UCSC එකත් UCSC එකෙන් ගිය අවුරුද්දෙ කරපු workshop එකත් අමතක වෙලා නැතුව ඇති... එහෙම නේද සර්?

    "නිහිලුව"ට ඔබ කරන සේවය අතිමහත් ඒක දැන්ම ඔබේ විද්‍යාලයේ අයට තේරෙන්නෙ නැති උනාට තව ටික කාලයක් යද්දි ඔබ කරපු දේ අගය තේරේවි. අද "නිහිලුව විද්‍යාලය" මේ තරම් තැනක තියෙන්නෙ ඔබේ උත්සාහය නිසා.

    අමල් සර්, ඔබේ උත්සාහය අතාරින්න එපා.... දිගටම ඔබේ කටයුත්ත කරගෙන යන්න.

    සුභ පැතුම්...!

    සුදම් ලියනගේ.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...