Monday, February 2, 2009

61 වන නිදහස් දින සැමරුම




61 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් විද්‍යාලීය උසස් පෙල ගුරු සිසු සංසදය සැලසුම් කර ක්‍රියාත්මල කරනු ලැබු 61 වන නිදහස් දින සැමරු උත්සවය අද දින පෙ.ව. 7.30 පවත්වන ලදි.විද්‍යාලීය විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතා විසින් ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනයෙන් හා උතුරේ සටන් වැද සිටින අභික රණවිරුවන් හා නිදහස් සටන වෙනුවෙන් තම ජිවිත පරිත්‍යාග කරනු ලැබු ජාතික වීරවරයින් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම වැඩසටහනේ මුල් පියවර විය.ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සිරිසේන මහතා නිදහස් සටනට උරදුන් අභිත නායකත්වයන් පිලිබද දේශනයක් පවත්වන ලද අතර නිදහස් සටනට උරදුන් ජාතික වීරවරයින් කිහිපදෙනකු පිලිබදව සිසුන්ද අදහස් දැක්වීය.
ජාතික අභිමානය හා දේශාභිමානය වඩවන ගීත කීපයක්ද සිසුන් විසින් ගායනා කරන ලදි.ස්තුති කථාව විදුහල්පතිතුමා විසින් පවත්වන ලදි.මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දුන් ගුරු සිසු සියලු දෙනාටම විදුහලේ ස්තුතිය පිරිනැමේ.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...