Thursday, May 12, 2016

අප පාසලේ විදුහල්පතිතුමා වෙනත් විද්‍යාලයක විදුහල්පතිවරයා වශයෙන් පත්ව යයි..

කීර්ති මහේන්ද්‍ර ගුරු පියා මෙම පාසල තුල වසර 6 ක පමණ කාලයක් උප විදුහල්පති වරයා වශයෙන් ද වසර 2 ක පමණ කාලයක් විදුහල්පති වරයා වශයෙන් ද අප පාසලට ඉමහත් සේවයක් ඉටු කලේය.එතුමා 2016.05.06 වන දින සිට වෙනත් විදුහලක විදුහල්පතිතුමා වශයෙන් පත්ව අපෙන් සමුගෙන ගියේය.එතුමා අප විද්‍යාලයට ඉටුකල මෙහෙය අපමණය.එතුමාගේ වෙන්ව යාම අප පාසලට විශාල පාඩුවකි.අප එතුමාගේ ඉදිරි ජීවිතය දියුනුවෙන් දියුනුවට පත්වේවා යැයි ප්‍රාර්ථනා කරමු....




සීතා ගුරුමහත්මිය වසර 39 ක ගුරු දිවියෙන් ඉසිඹු ලැබුවේය.

දශක ගණනාවක් සුවහසක් දරුදැරියන්ගේ නැණ පහන් දැල්වූ සීතා ගුරු මව වසර 39 ක සේවා කාලයක් අවසන 2016.05.06 වන දින සිට  සිය පාසල් ගුරු දිවියට සමුදුන්නේය.ගණිතය විෂය සම්බන්ධයෙන් විශාල ජයග්‍රහන ප්‍රමාණයක් කරා අප විද්‍යාලය මෙහෙය විමට ඇයගේ කාලය තුල දි ඇයට හැකි විය.අද දින ගුරු දිවියෙන් විශ්‍රාම ගන්නා ඇයට අප සියලු දෙනා දීර්ඝායුෂ පතමු.....




Monday, July 13, 2015

ශිෂ්‍ය නායක වැඩමුළුව

අප පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සහ අවට පාසල් කිහිපයක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 10 වන දින පෙ.ව 6.30 සිට ප.ව 6.30 දක්වා ශිෂ්‍ය නායක වැඩමුළුවක් අප විද්‍යාල භූමයේදී සාර්ථක ලෙස පැවැත්විණ.මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වන චන්න වීරසූරිය මහතාය.“නායකත්වය“ යන මැයෙන් එතුමා විසින් ඉතාමත් වටිනා දේශණයක් ද පවත්වන ලද අතර මෙම වැඩමුළුව තුල සිසුන් හට විවිධ ක්‍රියාකාරකම් සදහා ප්‍රායෝගිකව සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය. මෙය සිසුන්ගේ  ක්‍රීඩා මය කුසලතා,සෞන්දර්යය රසවින්දනාත්මක කුසලතා ,නායකත්ව කුසලතා,අභියෝග වලට මුහුණදීමේ කුසලතා වැනි ගුණාංග දියුණු කරගැනීමට  මහගු අවස්ථාවක් විය.මේ සදහා බෙලිඅත්ත කොඨිඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.ජී.ධර්මසිරි මහතා හිටපු  බුද්ධාගම විෂය අධ්‍යක්ෂක සෝමසිරි මහතා,තාක්ෂණ විෂය අධ්‍යක්ෂක සරත්චන්ද්‍ර මහතා,ශාරිරික අධ්‍යාපන විෂය ගුරු ලලිත් විට්ටච්චි මහතා,බෙලිඅත්ත රෝහලේ හෙදි නිලධාරි කපිල මහානාම මහතා ඇතුළු සම්පත් දායකයින් විශාල ප්‍රමාණයක් මේ සදහා දායකවිය.





Friday, June 19, 2015

මහින්දෝදය විද්‍යාගාරය විවෘත වූ දා

අද දින අප පාසලේ මහින්දෝදය විද්‍යාගාරය ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කිරීම සිදු විය.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා  ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා වූ අතර මේ  සදහා දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදා‍ගොඩ මහතා,දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමා,දකුණු පළාත් සැලැසුම් අධ්‍යක්ෂක තුමිය,තංගල්ල කලාප අධ්‍යක්ෂක තුමා,තංගල්ල කලාපයේ සැලැසුම් අධ්‍යක්ෂක තුමා ඇතුළු ආරාධීත අමුත්තන් විශාල සංඛ්‍යාවක්  සහභාගී වුනි.
 මෙම විද්‍යාගාරය තුල ජීව හා රසායන විද්‍යාගාරයක්,ගණීත හා භෞතික විද්‍යාගාරයක්,තෙරෙතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්සහ නැණස භාෂාගාරයකින් සමන් විත වේ.මෙමගින් අප විද්‍යාලයේ සිසු දරු දරියන්ගේ විද්‍යා,ගණීත හා තාක්ෂණීක දැනුම වර්ධනය කර ගැනීමට ඉමහත් රැකුලක් සිදුවේ.


Tuesday, June 9, 2015

2015 වර්ෂය සදහා උසස් පෙළ සිසුන් බදවා ගැනීම.

ඊයේ දිනයේදි එනම් ජුනි මස 8 වන සදුදා දින 2015 වසර සදහා 12 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම සිදුකරන ලදී.මෙම වසරේ දි ජීව විද්‍යාව,ගණිතය,කලා,වාණිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශ සදහා සිසුන් බදවා ගැනීම සිදුකරන ලද අතර මෙම වසරේ සිට සිසුන්ට නව තාක්ෂණ විද්‍යාගාර තුල තම ඉගැනීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.සිසුන් බදවා ගැනීම අති පූජනීය ස්වාමීන්වහන්සේලාගේ සෙත් පිරිත් සත්ගායනා මධ්‍යයේ සිදුවිය.


පොසොන් පොහොය දින වැඩසටහන

මෙවරත් අප විද්‍යාලය විසින් පොසොන් පොහොය සැමැරීම නිමිත්තෙන් සීලසමාදාන වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.මේ සදහා පාසලේ සියළුම සිසු දරුදරියන්,ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ අතර සිසුන් සදහා දානය පිළිගැන්වීමේ පුණ්‍යකර්මය  දෙමාපියන් විසින් සංවිධානය කර තිබුණි. අප පාසලේ ගුරු ස්වාමීන්වහන්සේ නම වන පූජ්‍ය කිවුලේ විමලවංශ හිමිපාණන් සහ පාසලේ බෞද්ධ සංගමය විසින් මෙම සීල සමාදාන වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි.



Wednesday, May 13, 2015

වෙසක් පෙරහර

2015 වර්ෂයේ වෙසක් පොහොය සැමරීම නිමිත්තෙන් අප තංගල්ල කලාපය තුල ක්‍රියාත්මක වෙසක් පෙරහැර පැවැත්වීමේ වැඩසටහනේ බෙලිඅත්ත කොට්ඨාසය තුල පවත්වනු ලබන වෙසක් පෙරහර අද දින පාසල් සිසුන්ගේ දායකත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදි.මේ සදහා බෙලිඅත්ත කොට්ඨාසයේ සියලුම පාසල් වල ගුරුවරුන් සහ ළමුන් තම  දායකත්වය සපයන ලදී.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...