Showing posts with label nihiluwamv. Show all posts
Showing posts with label nihiluwamv. Show all posts

Wednesday, January 7, 2009

2009 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නව සිසුන් අද දින පාසල් වලට ඇතුළත් කර ගැනේ.


2009 වර්ෂයේ 6 වන ශ්‍රේණිය සඳහා නව සිසුන් අද දින පාසල් වලට ඇතුළත් කර ගැනීමට නියමිතව ඇත.
එ බැවින් අප පාසලේ ද 6වන ශ්‍රේණිය සඳහා නව සිසුන් ඇතුළත් කර ගැනීමේ වැඩසටහන අද දින ක්‍රියාත්මක වේ. ඒ අනුව පළමුව ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව උදෑසන 9.00ට පමණ අප පාසලේ විදුහල්පති ඊ.ඒ.ගාමිණි ශාන්ත කුමාර මහතා නව සිසුන් හා දෙමව්පියන් අමතා පාසලේ නීති රීතීන් පිළිබඳව සහ පාසල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳවත් ඔවුන් දැනුවත් කරමින් වි‍ෙශ්ෂ කතාවක් පවත්වන ලදි.අනතුරුව ඔවුන් අප පාසලට ඇතුළත් කරගනු ලැබූ අතර මෙවර 6 ශ්‍රේණිය සඳහා නව සිසුන් හතළිස් දෙනෙකු පමණ දැනට ඇතුළත් වී ඇත.

Sunday, January 4, 2009

2009 නව පාසල් වාරය අදින් ආරම්භ වේ.

අද දින නිහිළුව මහා විද්‍යාලහ‍ෙය් 2009 නව පාසල් වාරය ආරම්භ විය. පළමුවෙන් ම අද දින උදය රැස්වීමේ දී කිළිනොච්චිය මුදවාගත් රණ විරුවන්ට උපහාර දැක්වීම සඳහා මිනිත්තු දෙකක පමණ නිෂ්ශබ්දතාවයක් පාසලේ සියළු ම ගුරුභවතුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවත්වන ලදි. අද දින පාසලේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරනු ලබන අතර හෙට දින සිට පාසලේ අධ්‍යාපනික කටයුතු නියමිත පරිදි සිදු කරනු ලබන බව විදුහල්පති තුමා දැනුම් දේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...