පසුගිය සිකුරාද දින එනම් සැප්තැම්බර් මස 19 වන දින අප විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ විද්‍යා විෂය සම්බන්ධ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඹ ග්‍රහලෝකාගාරය නැරඹීම,හික්කඩුව කොරල් පර නැරඹීම, සහ කැළණීය වෝටර් වර්ඩි මත්ස්‍ය සහ කුරුලු උයන නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණ.මීට අමතරව කැළණිය පුරාණ රජ මහා විහාරය වැද පුදා ගැනීමද සිදු කළ අතර මේ සදහා ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමාපියන් කිහිපදෙනෙකු ද සහභාගී විය.
Monday, September 22, 2014
Wednesday, July 16, 2014
ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන
මෙම අගහරුවාදා දින එනම් 2014.07.15 වන දින ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා තව දුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් ගුරු සංවර්ධන වැඩසටහනක් අප විද්‍යාලයේ දී පැවැත්විණි.මෙහිදී අප පාසලේ ප්‍රවීණ ආචාර්ය තුමියක් සහ නවක ගුරු මහත්මයෙක් ආදර්ශ පාඩමක් ඉගැන්වීමක් සිදුකල අතර අප කලාපයේ ප්‍රවීන ගුරු උපදේශක මහත්මයෙකු වන රත්නවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කල අතර අප විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ සහයෝගය මේ සදහා ලැබුණි.
Sunday, June 22, 2014
තොරතුරු තාක්ෂණ ගුරුසැසිය
මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ.
Monday, May 19, 2014
Monday, May 12, 2014
Sunday, March 23, 2014
Saturday, February 1, 2014
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
ඊයේ දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ.
Subscribe to:
Posts (Atom)






