මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ.
Sunday, June 22, 2014
Monday, May 19, 2014
Monday, May 12, 2014
Sunday, March 23, 2014
Saturday, February 1, 2014
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
ඊයේ දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ.
Tuesday, January 7, 2014
Wednesday, January 1, 2014
නිහිළුව පාසලෙන් නික්ම ගිය පරමාදර්ශී ගුරුවරයෙක්
අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය සහ
ඊ-ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී ගුරුවරයා වූ අමල් ගුණවර්ධන ගුරු මහත්මා
මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ගුරු උපදේශක වරයෙකු වශයෙන් උසස් වීමක් ලැබ මෙම
පාසලෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.නමුත් ඔහුගේ නික්ම යෑම අප පාසලට
ඉමහත් පාඩුවක් වන අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල ඔසවා තැබීමට ඉමහත් කැපවීමක්
කල පුද්ගලයා වන්නේ ඔහුය.අප පාසපේ පරිගණක විද්‍යාගාරය තංගල්ල අධ්‍යාපන කලාපයේ හොදම පරිගණක
විද්‍යාගාරය බවට පත්කීරීමට ඔහු සිදුකල මෙහෙය අතිමහත්ය.අප ඔහුගෙන් උගත් දෑ බොහෝය.අවසාන
වශයෙන් ඔහුගේ අනාගත ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු.
Subscribe to:
Posts (Atom)




