Saturday, February 1, 2014

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

ඊයේ  දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ තරග ඉසව් පැවැත්වීම ආරම්භ වූ අතර පළමු තරඟය වශයෙන් පැවැත්වූයේ මාර්ග ධාවන තරඟ ඉසව්වයි.මේ සඳහා “රන්“ “මිණි“ සහ “මුතු“ යන නිවාස තුනෙන් කාන්තා සහ පිරිමි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ අතර පිරිමි තරඟයෙන් “රන්“ නිවාසය සහ කාන්තා කරඟයෙන් “මුතු“ නිවාසය පළමු ස්ථානය හිමි කරගත්හ.



Tuesday, January 7, 2014

2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන් ඇතුලත් කර ගැනීම

2014 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක සිසුන්  ඇතුලත් කර ගැනීම අද දිනද ි උත්සවාකාරයෙන් අප විද්‍යාලයේ දී  සිදු කෙරෙණි.මෙහිද ි සංඝරත්නය වැඩමවා සිසුන්ට සෙත් පිරිත් ආශිර්වාදයක් ද පවත්වන ලදී.


Wednesday, January 1, 2014

නිහිළුව පාසලෙන් නික්ම ගිය පරමාදර්ශී ගුරුවරයෙක්

අප පාසලේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය සහ ඊ-ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පුරෝගාමී ගුරුවරයා වූ අමල් ගුණවර්ධන ගුරු මහත්මා මුලටියන අධ්‍යාපන කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය  ගුරු උපදේශක වරයෙකු වශයෙන් උසස් වීමක් ලැබ මෙම පාසලෙන් ඉවත්ව ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිනි.නමුත් ඔහුගේ නික්ම යෑම අප පාසලට ඉමහත් පාඩුවක් වන අතර තොරතුරු තාක්ෂණ අංශයෙන් අප පාසල ඔසවා තැබීමට ඉමහත් කැපවීමක් කල පුද්ගලයා වන්නේ ඔහුය.අප පාසපේ පරිගණක විද්‍යාගාරය තංගල්ල අධ්‍යාපන කලාපයේ හොදම පරිගණක විද්‍යාගාරය බවට පත්කීරීමට ඔහු සිදුකල මෙහෙය අතිමහත්ය.අප ඔහුගෙන් උගත් දෑ බොහෝය.අවසාන වශයෙන් ඔහුගේ අනාගත ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි  ප්‍රාර්ථනා කරමු.

පාලමු පාසල් වාරය ආරම්භ විය.

2014 ජනවාරි 02 වන අද දින පාලමු පාසල් වාරය ආරම්භ විය.



“රස සරණිය” වර්ෂ පුර්ණ විවිධප්‍රසංගය

අප පාසලේ සිසු දරු දැරියන්ගේ සැගැවුණු දක්ෂතා එලි දැක්වීම සඳහා 2013.12.05 වන දින අප පාසලේ ඉදිකරන ලද එලිමහන් රංගපීඨයක් තුල දී ඉතාමත් උත්කර්ෂවත් විවිධප්‍රසංගයක් පැවැත්විණී.ඉතාමත් අලංකාර නැටුම්,ගැයුම් හා නාට්‍ය අංගයන්ගෙන් වර්ණවත් වූ මෙම උත්සවය පාසලේ සිසුන්ගේ,දෙමාපියන්ගේ මෙන්ම ආරධීත අමුත්තන්ගේ ද නොම ද පැසසුමට ලක්විය.මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම තුලින් සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ලෝකය හමුවේ ඉදිරිපත් කිරීමට ලැබීම ඔවුනට ඉමහත් පිටුවහලකි.මෙම කාර්යය සාර්ථකව සංවිධානය කර ගැනීම සඳහා පාසලේ විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිතුමා ,සෞන්දර්යය අංශයේ ගුරු මහත්ම මහත්මීන්ගේ,දෙමාපියන්ගේ මෙන්ම පාසලේ ආචාර්ය මණ්ඩලයේ ද නොමද සහායක් ලැබුණී.



Thursday, October 3, 2013

7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය

ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි.

ලෝක ළමා දින සැමරුම

මෙවර ලෝක ළමා දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක්  සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක් පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම ද  සිදු කෙරිණී.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...