Tuesday, November 13, 2012

ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්‍ෂනය


තංගල්ල කලාපයේ  ප්‍රාථමික ගුරුවරුන් සදහා තොරතුරු තාක්‍ෂන පුහුණූ වැඩමුළුවක් අද දින අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.තංගල්ල කලාප කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ O.P.G .නිලානි     මහත්මිය මෙය සංවිධානය කරන ලදි.



Monday, September 17, 2012

තොරතුරු තාක‍්ෂනය ප්‍රචලිත කිරීමේ වැඩමුළුව

අප විද්‍යාලීය තොරතුරු තාක‍්ෂන සංසදය විසින් මෙහෙයවන මෙම වැඩමුළුව සැප්තැම්බර් මස 17-18 සහ 19 දිනයන්හි විද්‍යාලීය නව පරිගණක විද්‍යාගාරයේදී පැවැත්වේ.තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 40 සිසසුන්ගෙ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යනාංශයේ සිසුන් විසින් දේශන පවත්වනු ලබයි.




Saturday, August 25, 2012

අනධ්ය න කාර්යමණ්ඩල සදහා තොරතුරු තාක්ෂපන වැඩමුළුව


තංගල්ල කලාපයේ   අන්‍යධ්‍යන කාර්යමණ්ඩල සදහා මූලික තොරතුරු තාක්‍ෂන වැඩමුළුවක් 25 හා 26 දිනයන්හි අප පාසල් විද්‍යාගාරයේදී පැවැත්වේ.මෙම වැඩමුළුව තංගල්ල කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්‍ෂ නිර්මාල් ජයසූරිය මැතිතුමන් විසින් සංවිධානය කරන ලද අතර කලාප අධ්‍යාපන අධ්‍යක‍්‍ෂ එස්.එච්.සුනිල් මැතිතුමාගේ අධීක්ෂනයෙන් සිදුවේ.





Sunday, May 20, 2012

විරුවන් සමරමු




මැයි 19 අපිට කවදාවත් අමතක නොවනු ඇත.ඒ අපිට අළුත් නිදහසක් ලැබුන හන්ද.ඒ නිදහස අපිට දෙන්න අපේම සොහොයුරන් දහස් ගනනක් ඔවුන්ගෙ හුස්ම පොද මේ වාතලයට මුදා හැරිය බවත් අප අමකත නොකල යුතුයි.අපි සදා සමරමු ඒ විරුවන්.

Thursday, May 3, 2012






2600 වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක් සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ තරඟයක් පවත්වන ලදී.

Wednesday, April 4, 2012

ඉසිඹු ලද විදුහල්පතිට උපහාර පිදූ දා...


පුරා වසර 34 ගුරු වෘත්තියේ යෙදී සිට අප විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 3 සේවය කොට ඉසිඹු ලද ආරියසේන බෝධිගම මැතිතුමන්ට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 4 වන දින සිසු , දෙමාපිය , ආචාර්ය මණ්ඩලයේ මෙන්ම තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

  




Wednesday, February 8, 2012

විදුහල්පතිතුමා නික්ම ගියේය.


වසර 34 සේවා කාලයකින් පසු අප වර්තමාන විදුහල්පති ආරියසේන බෝධිගම මැතිතුමන් අද දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි.මෑත භාගයේ අප විද්‍යාලයට පැමිණි දක්‍ෂ මෙන්ම යමක් කිරීමට හැකි සහ යමක් කිරීමේ අවශ්‍යතාවකින්ද හෙබි ආරියසේන බෝධිගම විදුහල්පතිතුමන් කෙටි කාලයකට වුවද විද්‍යාලයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු කල බව දෙමව්පියන්ගේද අදහසයි.එමෙන්ම අනෙක් විශේෂ කාරනාව වන්නේ එතුමන් පරිගණක තාක්‍ෂනය පිළිබඳ දැක්වු උනන්දුවයි.එමෙන්ම කැපවී වැඩ කරන ගුරුවරුන් හට වැඩි අවස්ථාවක් දෙමින් ඔවුන්ව දිරි ගැන්වීම ද විශේෂ කරනාවකි.මෙවනි විදුහල්පති වරුන් සොයා ගැනීම අද දුර්ලභ දෙයකි.
අද දින පවා එතුමන් රාජකාරයේ යෙදුනු අතර අවසාන රාජකාරිය ලෙස ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පළලඳ වන ලදි.එතුමන්ට සෙත් පතා අද දින අප බෝධි පූජාවක්ද  පවත් වන ලදි.
අප එතුමන්ට නිදුක් නිරෝගී අනාගතයක් පතමු.


                                          එතුමන් අවසාන වශයෙන් කල රාජකාරිය

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...