Sunday, May 20, 2012

විරුවන් සමරමු




මැයි 19 අපිට කවදාවත් අමතක නොවනු ඇත.ඒ අපිට අළුත් නිදහසක් ලැබුන හන්ද.ඒ නිදහස අපිට දෙන්න අපේම සොහොයුරන් දහස් ගනනක් ඔවුන්ගෙ හුස්ම පොද මේ වාතලයට මුදා හැරිය බවත් අප අමකත නොකල යුතුයි.අපි සදා සමරමු ඒ විරුවන්.

Thursday, May 3, 2012






2600 වැනි සම්බුද්ධත්වය ජයන්තිය සැමැරීම සඳහා බෞද්ධ පින්කම් මාලාවක් අප පාසල විසින් මෙම වසරේදීද සංවිධානය කරනු ලැබුවා.මේ අතරින් ප්‍රධානම පින්කමක් වූයේ සෑම ශ්‍රේණියක් සදහාම වෙන් වෙන් වශයෙන් ස්වාමීන්වහන්සේ නමක් වැඩමවා ධර්ම දේශනයක් පවත්වන ලදී.එය ඊයේ දින පවත්වන ලදී.අද දිනයේදී වෙසක් පහන් කූඩු තරගයක් සහ වෙසක් පත් නිර්මාණ තරඟයක් පවත්වන ලදී.

Wednesday, April 4, 2012

ඉසිඹු ලද විදුහල්පතිට උපහාර පිදූ දා...


පුරා වසර 34 ගුරු වෘත්තියේ යෙදී සිට අප විද්‍යාලයේ විදුහල්පති ලෙස වසර 3 සේවය කොට ඉසිඹු ලද ආරියසේන බෝධිගම මැතිතුමන්ට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 4 වන දින සිසු , දෙමාපිය , ආචාර්ය මණ්ඩලයේ මෙන්ම තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂතුමන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

  




Wednesday, February 8, 2012

විදුහල්පතිතුමා නික්ම ගියේය.


වසර 34 සේවා කාලයකින් පසු අප වර්තමාන විදුහල්පති ආරියසේන බෝධිගම මැතිතුමන් අද දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදි.මෑත භාගයේ අප විද්‍යාලයට පැමිණි දක්‍ෂ මෙන්ම යමක් කිරීමට හැකි සහ යමක් කිරීමේ අවශ්‍යතාවකින්ද හෙබි ආරියසේන බෝධිගම විදුහල්පතිතුමන් කෙටි කාලයකට වුවද විද්‍යාලයේ කැපී පෙනෙන වෙනස්කම් රාශියක් සිදු කල බව දෙමව්පියන්ගේද අදහසයි.එමෙන්ම අනෙක් විශේෂ කාරනාව වන්නේ එතුමන් පරිගණක තාක්‍ෂනය පිළිබඳ දැක්වු උනන්දුවයි.එමෙන්ම කැපවී වැඩ කරන ගුරුවරුන් හට වැඩි අවස්ථාවක් දෙමින් ඔවුන්ව දිරි ගැන්වීම ද විශේෂ කරනාවකි.මෙවනි විදුහල්පති වරුන් සොයා ගැනීම අද දුර්ලභ දෙයකි.
අද දින පවා එතුමන් රාජකාරයේ යෙදුනු අතර අවසාන රාජකාරිය ලෙස ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පළලඳ වන ලදි.එතුමන්ට සෙත් පතා අද දින අප බෝධි පූජාවක්ද  පවත් වන ලදි.
අප එතුමන්ට නිදුක් නිරෝගී අනාගතයක් පතමු.


                                          එතුමන් අවසාන වශයෙන් කල රාජකාරිය

Wednesday, February 1, 2012

තිරසාර සංවර්ධනය සදහා අධ්‍යාපනය By Nilwala Collage of Education.


නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුන් වාර්ෂිකව මෙහෙයවනු ලබන උක්ත කඳවුර සදහා මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තෙ තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් හතරකි.මෙම කඳවුරට අනුව ඔවුන් දින 5 කාලයක් අදාල පාසල් තුල නේවාසිකව සිටින අතර විද්‍යාපීඨ ආචාර්ය මණ්ඩලයද නේවාසිකව සිටී.
අප පාසලේ  නොයෙකුත් ආකාරයේ සංවර්ධන හා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.පාසල් පරිසරය අලංකාර කිරීම,පස සංරක
ෂන උපක්‍රම භාවිතා කිරීම,පන්ති කාමර වර්න ගැන්වීම,ගණිත අංශය,විද්‍යා අංශය සදහා ඉගෙනුම් උපකරණ සෑදීම,බිත්ති මත සිතුවම් ඇඳීම,ආදිය වේ.
එමෙන්ම 2 වනදා සවස සස්කෘතික සංදර්ශනයක් අප විද්‍යාලීය සිසුන් සමග පැවැත් වීමටද අදහස් කොට ඇත.
මෙම අර්ථවත් වැඩසටහන සදහා අපගේ සිසුන්ගේ හා දෙමාපියන්ගේද නොමසුරු දායකත්වය ලබා දී ඇත.






Monday, December 5, 2011

ඊ-දිරියට අපෙන් දිරියක්


තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂන නියෝජිතායතනය සංවිධානය කරන පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමේ වැඩසටහන අප පාසල් පරිගණක විද්‍යාගාරයෙදී මේ දිනවල පැවැත්වේ.බෙලිඅත්ත ප්‍රදේශයේ පරිගණක විද්‍යාගාර නොමැති පාසල් අටක සිසුන් 125 සදහා මේ යටතේ මුලික පරිගණක පුහුණුව ලබා දේ.මේ සදහා අපගේ දායකත්වය ඉතාමත් සතුටින් අප ලබා දෙන අතර ඉදිරියේදී  මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමටද බලාපොරොත්තු වේ.


Thursday, November 17, 2011

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...