Monday, October 31, 2011
නව පරිගණක ඒකකයේ වැඩ නිම වෙයි.
මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.
මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි පහසුකම් සපයල තියෙනවා.අපි ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට කොල්ලුපිටියෙ තිබෙන ඩොයිෂ් බැංකුව අපිට නව පරිගණක 10 කුත්,බිමි මහලේ පරිගණක 30 සදහා අවශ්‍ය ජාලකරණ උපකරනත් ලබා දුන්නා.මේ වෙනකොට ජාලකරනය සිසු සහභාගිත්වය සමග අපි ස්ථාපනය කරලයි තියෙන්නේ.එමෙන්ම ඔවුන් දැනට පොරොන්දු වෙලා තියෙනවා භාවිතයෙන් ඉවත් කරන(නමුත් හොද තත්වයේ) පරිගණක මේස කිහිපයකුත් ලබා දෙන්න.අපිට මේස තමයි ප්‍රශ්නය.දැනට අපි සතුව තිබෙන පරන පරිගණක 7 අළුත්වැඩියා කරල ගන්න හිතාගෙන ඉන්නවා.එවිට පරිගණක 17 විතර යොදලා නව ඒකකය විවෘත කරන්නත් එදාට තොරතුරු තාක්ෂන දිනයක් සංවිධානය කරන්නත් හිතාගෙන ඉන්නවා.ඉතින් අපිය අවශ්‍යයි පරිගණක විෂයේ විවධ පැති වලින් දැනුමෙන් සන්නද්ධ අය එදාව වැඩමුළු පවත්වන්න.තව විවිධ ආයතන ආවොත් හොදයි ප්‍රදර්ශන කුටි පවත්වන්න.අපි පොඩි පාසලක් හන්ද එහෙම ලොකු ආයතන ඒවිද මන්දා..
අපිට විශ්වාසයක් තියෙනවා අන්තරජාලයේ අපේ මිතුරන් උදව් කරාවි කියලා.මොකද පහුගිය දවසක අපිට හිමි විය යුතු ව තිබු දෙයක් අහිමි වෙලා තියෙනවා.අහිමි කරාද කියලත් අපි දන්නෙ නැහැ.කාලයත් සමග එය කුමක්ද කියලා හැමෝටම දැනගන්න ලැබේවි.
ඒත් අපි අපේ ගමන යනවා.
පාසල් සමුපකාරය ආරම්භ වුදා.....
Sunday, October 9, 2011
ලෝක ගුරු දිනය
ලෝක ළමා දිනය
Wednesday, September 28, 2011
Monday, May 23, 2011
2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු නිහිළුවෙි පුංචි හපන්නු



2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල අත්සාහයක් ගෙන තිබුණා.
Wednesday, May 18, 2011
සම්බුද්ධත්ව ජයන්තියට අපෙන් දන්සැලැක්



12 වසර අපේ දරුවෝ පාසල මුල් කරගෙන බෙලි මල් දන්සැලැක් දෙන්න ඉදිරිපත් වුනා.ඹවුන් එක්රැස් කල මුදල් වියදම් කරලා දානමය කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය සියළුම දේවල් සැලැසුම් කලා.උදේ 8.30ට විතර දන්සැලේ වැඩ කටයුතු ආරම්භ කරලා හවස 4.30 පමණ වෙනතුරැ ඉතා සාර්ථක විදියට ඒ කටයුතු කලා.ඒ සදහා නිහිවව මහ විදුහලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය,වගේම සිසු දරැ දැරියෝ එවුන්ගේ සහයෝගය නොමදව ලැබුණු නිසා අඩුපාඩු මගහරවා හගන ඒ කටයුත්ත කරගන්න හැකි වුනා.ඒ සදහා විදුහල්පතිතුමා ,පද්මලතා මිය,කොඩිතුවක්කු මයා,ශ්‍රි කාන්ති මිය,ජයසේකර මයා සහ කිර්ති මහේන්ද්‍ර මයා සහභාගී විය
Subscribe to:
Posts (Atom)














