


ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ගුරු දිනය සැමැරූ අතර සියළුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ පාසලේ ශිෂ්‍ය නායක සංසදය විසිනි.එහිදී සෑම ගුරු වරයෙකු වෙතම වටිනා ත්‍යාගයක් ලබා දෙන ලදී.



2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල අත්සාහයක් ගෙන තිබුණා.






ඩොයිෂ් බැංකුව කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන බැංකුවක්.ඉතින් පසුගිය 13 වනදා ඔවුන් ආවා අපේ පුංචි පාසලට.හැබැයි හිස් අතින් හෙම නෙවි ලක්ෂ 6 ආසන්න පරිගණක උපකරනත් අරගෙන.අපිට පොඩි ආඩම්භරයකුත් ආවා මේ වගේ විශාල බැංකුවක් පාසලට ආවම.අපි හොද උත්සවයක් පවත්වලා ඔවුන්ව සතුටු කරා .ඇත්තටම ඔවුන්ගෙ ප්‍රධානය අපිට වටින තරම මෙතෙක් යයි කියල නිශ්චය කරන්න අමාරුයි.ඒ තරම්ම වටිනවා.පරිගණක 10 ට අමතරව අපේ නව පරිගණක විද්‍යාගාරයෙ ජාල ගත කරන්න අවශ්‍ය සියළු උපාංගත් ඔවුන් රැගෙන ආවා.එහි පරිගණක 30 ක ජාලයක් අපි සිසුන්ගෙ දැනුමෙන් ස්ථාපිත කරා.
ඉතින් අපි හදපත්ලෙන්ම ඩොයිෂ් බැංකුවට ස්තුති කරනවා.



අපිටත් හිතුනා අළුත් දෙයක් කරන්න සම්බුද්දත්ව ජයන්තිය සමරන්න.ඉතින් අපේ විදුහල්පතිතුමයි සමස්ත ආචාර්ය මණ්ඩලයයි තීරණය කරා තම නිවෙස් වල බුදු පිළිම නොමැති සිසුන් සදහා ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් බුදු පිළිම ලබා දෙන්න.ඒ වැඩසටහන ඉතාමත් සාර්ථක විදිහට අපි 9 වනදා සිදු කරා.බුද්ධ ප්‍රතිමා 28 පෙරහරකින් වඩම්මලා යුගාසන කවි බණකුත් කියලා සිසුන් සදහා බුදු පිළිම පූජාව සිදු කරා.
අපේ අරමුණ වුනේ සාරධර්ම පිරිහීයන යුගයක ඒවා සිසුන් තුල ප්‍රගුණ කරන්නයි.අපි මේ සිසුන් නියමිත පරිදි දිනපතා සවසට බුදුන් වදිනවද කියලා පසු විමරමක් කරන්නත් කටයුතු යොදලයි තියෙන්නේ.ඉතින් අපි උත්සාහ කරල බලමු නේද.