Monday, October 19, 2009

පරිගණකයට සිත ගිය වැඩිහිටියා

මේ ජායාරූප හොදින් බලන්න.මේ තමයි බෙලිඅත්තෙ පැවති මහපොල ප්‍රදර්ශනයේදි ගත්ත වටිනම එක.අපි තොරතුරු තාක්‍ෂන කුටියක් මහපොල ප්‍රදර්ශනයේ විවෘත කලා..අපේ ශීෂ්‍යාවක් ගේ උදවු ඇතිව ඒකට ආපු තාත්තා කෙනෙක් පරිගණකය බොහොම හොදට හසුරුවල විත්‍රයක් ඇන්ද.

Sunday, October 11, 2009

නවමු IT අත්දැකීමකට මහපොල භූමියට එන්න

තාරැණ්‍යයට හෙටක් සංවිධානය කරන මහපොල අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය ඔක්තෝබර් 14 සිට 18 දක්වා බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේදී පැවැත් වේ.අප පාසලටද ප්‍රදර්ශන කුටියක් වෙන් කොට ඇති අතර තොරතුරු හා සන්නවේදන තාක්‍ෂණයට අදාලව එය සංවිධානය කිරිමට අප බලාපොරොත්තු වෙමු.‍ඒ සදහා දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සහයෝගය දක්වන අතර ද්විතීයික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය අනුග්‍රාහකත්වය සපයයි.

තොරතුරු හා සන්නවේදන තාක්‍ෂණයට අදාලව වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දීමට අපගේ ප්‍රදර්ශන කුටිය තුලින් බලාපොරොත්තු ‍වේ.එමෙන්ම ප්‍රදර්ශනය පැවැත්වෙන දින 5 පුරාවට අපගේ පාසල් වෙබ් අඩවිය හරහා ලයිව් වෙබ් කාස්ටින් (Web cast) තුලින් ප්‍රදර්ශන‍ෙය් රූපරාමු විකාශය කිරීමටද සැලසුම් කොට ඇත.එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක් විසින් කරන ප්‍රථම අත්හදා බැලීමද වේ

Wednesday, September 30, 2009

ලෝක ළමා දිනයට ගුරුවරුන්ගෙන් සිසුන්ට සත්කාරයක් !

අප විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඔක්තෝබර් පලමුදිනට යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීම සිදුකළේ අමුතුම ආකාරයකටය.එනම් අද දින පාසලේ සියලුම සිසුන්ට ගුරු මණ්ඩලය විසින් කිරිබත් සහ කෙසෙල් වලින් සංග්‍රහයක් සිදු කරන ලදි.

Tuesday, September 29, 2009

අරලිය ගහ මැදුර බලන්න අප ගිය ගමන


අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ පිරිසක් සැප්තැම්බර් 14 වන දින අරලිය ගහ මැදුර නැරඹීමට ගියෙමු.එහිදී අරලිය ගහ මැදුරේ සියළු විශේෂිත ස්ථාන දැක බලා ගැනීමේ අවස්ථාව අපට හිමි විය.විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රහාරයන් විදහා දැක්වෙන ජායාරූප කාමරය අපගේ මතකය ඈතට ගෙන ගිය අතර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම කෙතරම් උතුම් ක්‍රියාවකදැයි අපට සිතුනි.

එමෙන්ම අපගේ වාසනාවට අතිගරු ජනාධිපතිතුමන්ද මුණ ගැසීමට ද අපට හැකි විය.අප සිසුන් විසින් රට මුදවා ගැනීමට උපහාරයක් ලෙස රැගෙන ගිය සිහිවටනය එහිදි අතිගරු ජනාධිපතිතුමන්ට පිරිනමන ලදි.

තොරතුරු තාක්‍ෂණය පිළිබදව එතුමන් විශේෂ උනන්දුවක් දක්වන බව අප අසා තිබුණු හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අප, පාසල හා සම්බන්ධව සිදුවන ඊ-ගම්මාන වැඩසටහන පිළිබඳවද අතිගරු ජනාධිපතිතුමන්ව දැණුවත් කරන ලදි‍.ඒ පිළිබදව උනන්දුවක් දැක්වූ එතුමන් වහාම දුරකථන ඇමතුමක් ගෙන අදාල නිලධාරීන්ට අප ඉදිරියේදීම පවසා සිටියේ නිහිළුවට ණැනසලක් ලබා දීමට සතියක් තුල කටයුතු කරන ලෙසය.අප ඉන් මහත් සතුටට පත් වුයෙමු.නිහිළුව පාසල ඇතුළු සමස්ත ගම්වාසීන් ගේ හදපිරි ස්තූතිය අතිගරු ජනාධිපතිතුමන්ට අප පාසල් වෙබ් අඩවිය හරහා මෙසේ පුද කරන්නෙමු.ණැනසල ලබා දීමේ කටයුතු ඉක්මනින් ආරම්භ වෙතැයි අප බලාපොරොත්තු වෙමු.


Saturday, July 4, 2009

විසි වසරකට පසු යලි පනගැන්වු හඳුගල තේ කර්මාන්ත ශාලාව


භීෂණ සමයේ සිදුවු විනාශය හේතුවෙන් වසර 20 අක්‍රීයව පැවති හඳුගල තේ කර්මාන්ත ශාලාව නව ආයෝජනයකු යටතේ නැවතත් ආරම්භ විය.නවීකරණය කරන ලද කර්මාන්තශාලාව 2009 ජුනි මස 27 වනදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් අතින් විවෘත විය.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති එකම තේ කර්මාන්තශාලාව වන මෙය පිහිටා ඇත්තේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හඳුගල ග්‍රාම නිලධාරී වසම තුලය.අත්හැර දමන ලද කුඩා තේ වතු හිමියන් මේ වන විට යලිත් සිය වගා කටයුතු ආරම්භකොට ඇත.ප්‍රදේශයේ ආර්ථික තත්වය දියුණු විමටද මෙය හේතුවක් වී ඇත.




ඇසල පොහොයට අප කළ වැඩිහිටි සත්කාරය.







වර්තමානයේ පාසල් සිසුන් තුල ගුණධර්ම රෝපණය කිරීම අන් කවරදාටත් වඩා යුගයේ අවශ්‍යතාවක් වී ඇත.එය මනාව වටහා ගනිමින් නිහිළුව මහා විද්‍යාලයේ විදුහල්පතිගේ මගපෙන්වීමෙන් හා බෞද්ධ සමිතිය විසින් ඇසල පොහොය නිමිති කරගෙන උතුම් වු වැඩිහිටි සත්කාර්යක් 2009 ජූලි මස 3 වනදා විද්‍යාලීය සිසු සහභාගීත්වයෙන් සිදු කරන ලදි.
එදින ප්‍රදේශවාසී වැඩිහිටියන් කිහිප දෙනකු විදුහලට කැදවාගෙන විත් නහවා,අළුත් ඇදුම් ලබා දී,පිය හා මව් ගුන ගායනයෙන් ප්‍රබෝධමත් කොටආහාර පානාදියෙන් හා තෑගි බෝගවලින් සංග්‍රහ කොට දීර්ඝායුෂ පතන ලදි.




















LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...