තාරැණ්‍යයට හෙටක් සංවිධානය කරන මහපොල අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය ඔක්තෝබර් 14 සිට 18 දක්වා බෙලිඅත්ත රුහුණු විජයබා විද්‍යාලයේදී පැවැත් වේ.අප පාසලටද ප්‍රදර්ශන කුටියක් වෙන් කොට ඇති අතර තොරතුරු හා සන්නවේදන තාක්ෂණයට අදාලව එය සංවිධානය කිරිමට අප බලාපොරොත්තු වෙමු.ඒ සදහා දකුණු පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය සහයෝගය දක්වන අතර ද්විතීයික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය අනුග්‍රාහකත්වය සපයයි.
තොරතුරු හා සන්නවේදන තාක්ෂණයට අදාලව වෙනස් ආකාරයේ අත්දැකීමක් ලබා දීමට අපගේ ප්‍රදර්ශන කුටිය තුලින් බලාපොරොත්තු වේ.එමෙන්ම ප්‍රදර්ශනය පැවැත්වෙන දින 5 පුරාවට අපගේ පාසල් වෙබ් අඩවිය හරහා ලයිව් වෙබ් කාස්ටින් (Web cast) තුලින් ප්රදර්ශනෙය් රූපරාමු විකාශය කිරීමටද සැලසුම් කොට ඇත.එය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසලක් විසින් කරන ප්‍රථම අත්හදා බැලීමද වේ
අප විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය ඔක්තෝබර් පලමුදිනට යෙදී ඇති ලෝක ළමා දිනය සැමරීම සිදුකළේ අමුතුම ආකාරයකටය.එනම් අද දින පාසලේ සියලුම සිසුන්ට ගුරු මණ්ඩලය විසින් කිරිබත් සහ කෙසෙල් වලින් සංග්‍රහයක් සිදු කරන ලදි.


අප විද්‍යාලීය සිසුන් සහ ගුරු මණ්ඩලයේ පිරිසක් සැප්තැම්බර් 14 වන දින අරලිය ගහ මැදුර නැරඹීමට ගියෙමු.එහිදී අරලිය ගහ මැදුරේ සියළු විශේෂිත ස්ථාන දැක බලා ගැනීමේ අවස්ථාව අපට හිමි විය.විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්රහාරයන් විදහා දැක්වෙන ජායාරූප කාමරය අපගේ මතකය ඈතට ගෙන ගිය අතර ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීම කෙතරම් උතුම් ක්රියාවකදැයි අපට සිතුනි.
එමෙන්ම අපගේ වාසනාවට අතිගරු ජනාධිපතිතුමන්ද මුණ ගැසීමට ද අපට හැකි විය.අප සිසුන් විසින් රට මුදවා ගැනීමට උපහාරයක් ලෙස රැගෙන ගිය සිහිවටනය එහිදි අතිගරු ජනාධිපතිතුමන්ට පිරිනමන ලදි.
තොරතුරු තාක්ෂණය පිළිබදව එතුමන් විශේෂ උනන්දුවක් දක්වන බව අප අසා තිබුණු හෙයින් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අප, පාසල හා සම්බන්ධව සිදුවන ඊ-ගම්මාන වැඩසටහන පිළිබඳවද අතිගරු ජනාධිපතිතුමන්ව දැණුවත් කරන ලදි.ඒ පිළිබදව උනන්දුවක් දැක්වූ එතුමන් වහාම දුරකථන ඇමතුමක් ගෙන අදාල නිලධාරීන්ට අප ඉදිරියේදීම පවසා සිටියේ නිහිළුවට ණැනසලක් ලබා දීමට සතියක් තුල කටයුතු කරන ලෙසය.අප ඉන් මහත් සතුටට පත් වුයෙමු.නිහිළුව පාසල ඇතුළු සමස්ත ගම්වාසීන් ගේ හදපිරි ස්තූතිය අතිගරු ජනාධිපතිතුමන්ට අප පාසල් වෙබ් අඩවිය හරහා මෙසේ පුද කරන්නෙමු.ණැනසල ලබා දීමේ කටයුතු ඉක්මනින් ආරම්භ වෙතැයි අප බලාපොරොත්තු වෙමු.








