Monday, May 4, 2009
විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම ගුරු මාතාව විශ්‍රාම ගනී.
පුරා වසර 32 ට අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කල ජේ।එම්.ඒ ලීලා ගුරු මාතාව 2009 මැයි මස 01 වැනිදා සිට විශ්‍රාම ලැබුවාය.සුවහසක් දරුවන්ගේ නැණ නෙත පාදමින් විද්‍යාලයේ අභිවෘද්ධියට අනුපමේය සේවාවක් කළ එතුමියට සෙත්පතා විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතාගේ මග පෙන්වීම හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් 2009 අප්‍රේල් මස 30 වැනිදා ආශීර්වාද පූජාවක් හා සෙත් පිරිත් සජඣායනාවක් පවත් වන ලදි.
වෙසක් සතිය අර්ථවත් කරමු.
වෙසක් සතිය නිමිති කර ගනිමින් අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට යාබද විහාරස්ථානය වන ශ්‍රී අශ්වත්ථාරාමය පන්සල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2009 මැයි මස 5 වැනිදා පවත්වන ලදි.ගුණ දහමින් පිරි සිසු පරපුරක් බිහි කිරිමේ අරමුනින් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි.
එමෙන්ම අප පාසලේ බුදු මැදුර පිරිසිදු කොට හුණු පිරියම් කිරිමද සිසුන් විසින් එදින සිදු කරන ලදි.
විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඇතුළු බෞද්ධ සමිතිය අදාල ශ්‍රමදානය සංවිධානය කරන ලදි
එමෙන්ම අප පාසලේ බුදු මැදුර පිරිසිදු කොට හුණු පිරියම් කිරිමද සිසුන් විසින් එදින සිදු කරන ලදි.
විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඇතුළු බෞද්ධ සමිතිය අදාල ශ්‍රමදානය සංවිධානය කරන ලදි
Monday, April 6, 2009
ආදර්ශමත් ගුරුමහතකුට උපහාර පිදු වගයි.
පුරා අවුරුදු 10 අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කළ ඩබ්.ජි.සෝමසිරි මහතා ඉකුත් දිනෙක අප පාසලෙන් ස්ථාන මාරුවක් ලැබ ගියේය.සිය විෂය වු ගණිතය විෂයේ සාධන මට්ටම ඉහල දැමීම සදහා විශාල වෙහෙසක් ගත් බව අප කවුරුත් දන්නා කාරනයකි.එමෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද විශාල කැපකිරිමක් සිදු කරන ලදි.ඔහු කළ සේවයට උපහාර පිදීමක් 2009 අප්‍රේල් මස 6 වැනිදා අප විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදි පවත්වන ලදි.
විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරි හේවාගම මහතාගේ පරිත්‍යාගය
විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරිහේවා මහතා විද්‍යාලයේ දීර්ඝ කාලයක් පැවති අඩුපාඩුවක් සපුරාලමින් ප්ලාස්ටික් පුටු 25 2009 අප්‍රේල් මස 6 වැනිදා පාසලට පරිත්‍යාග කරන ලදි.වර්තමානයේ පාසල් වල පැවැත්මට ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය අවශ්‍ය යුගයක මෙම පරිත්‍යාගය ඉතාමත් වටිනා බව අප විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී පැවසීය.
ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළදවීම
2009 වසර සදහා අභිනවයෙන් තොරා ගත් ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැලදවීමේ උත්සවය 2009 අප්‍රේල් මස 6 වැනිදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.විද්‍යාලීය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සදහා තෝරාගත් සිසුන්ගේ දෙමාපියන් සහභාගි වු අතර කලාප කාර්යාලය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කේ.ඒ.සෝමසිරි මහතා එක් විය.

Thursday, March 19, 2009
පාසල් ළමා උපදේශන වැඩමුළුව.

නිහිළුව මහා විද්‍යාලයේ 2009.03.13 වන දින මනෝවිද්‍යාත්මක අධ්‍යාපන වැඩ සටහනක් පවත්වන ලදි. එහිදී උපදේශකයන් ලෙස ,
මනෝ විද්‍යාව පිළිබඳ උපදේශිකා රේණුකා හේවගේ මැතිණිය.
විශේෂ අධ්‍යාපනය පිළිබඳ උපදේශක ලාල් ධම්මික සෙනවිරත්න මහතා.
පරිවාස හා ළමාරක්ෂණ නිළදාරී එස්. ප්‍රේමචන්ද්‍ර මහතා.
ළමා හා කාන්තා කාර්යංශයේ උපදේශිකා ශ්‍රියා ලියනගම මැතිණිය සහභාගී විය.
මෙම වැඩමුළුවේ අරමුණු ලෙස,
අධ්‍යාපන හා යෞවනයත්වය.
අධ්‍යාපනයේ ඉලක්ක.
සුචරිතවත් සමාජයක් බිහි කිරීම යන කරුණු දැක්විය හැක.
නිහිළුව මහා විද්‍යාලයේ උපදේශනය පිළිබඳ ආචාරිනී පී.ඒ.සුනීතා ගුරු මහත්මිය විසින් මෙම වැඩ සටහන මෙහයවන ලදි.
Wednesday, March 18, 2009
ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය.


12 වසර සිසුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියට අනුව සංවිධානය කරනු ලැබූ රට දැය වෙනුවෙන් දිවි පුදන, අනතුරු වලට ලක්වන උදාර රණ විරුවන් වෙනුවෙන් ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 2009.03.19, එනම් අද දින විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සිසු දරු දැරියන්ගේත්, හා ප්‍රදේශවාසි ලේ දන්දීම පිණිස පැමිණි දෙමාපියන්ගේත් සහභාගීත්වයෙන් මේ අවස්ථාවේ සිදුවෙමින් පවතී. මෙම උදාර කටයුත්ත අද දින ප.ව. 4.00 පමණ වන තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


Subscribe to:
Posts (Atom)





