Thursday, March 19, 2009

පාසල් ළමා උපදේශන වැඩමුළුව.


නිහිළුව මහා විද්‍යාලයේ 2009.03.13 වන දින මනෝවිද්‍යාත්මක අධ්‍යාපන වැඩ සටහනක් පවත්වන ලදි. එහිදී උපදේශකයන් ලෙස ,
මනෝ විද්‍යාව පිළිබඳ උපදේශිකා රේණුකා හේවගේ මැතිණිය.
විශේෂ අධ්‍යාපනය පිළිබඳ උපදේශක ලාල් ධම්මික සෙනවිරත්න මහතා.
පරිවාස හා ළමාරක්ෂණ නිළදාරී එස්. ප්‍රේමචන්ද්‍ර මහතා.
ළමා හා කාන්තා කාර්යංශයේ උපදේශිකා ශ්‍රියා ලියනගම මැතිණිය සහභාගී විය.

මෙම වැඩමුළුවේ අරමුණු ලෙස,
අධ්‍යාපන හා යෞවනයත්වය.
අධ්‍යාපනයේ ඉලක්ක.
සුචරිතවත් සමාජයක් බිහි කිරීම යන කරුණු දැක්විය හැක.

නිහිළුව මහා විද්‍යාලයේ උපදේශනය පිළිබඳ ආචාරිනී පී.ඒ.සුනීතා ගුරු මහත්මිය විසින් මෙම වැඩ සටහන මෙහයවන ලදි.

Wednesday, March 18, 2009

ලේ දන් දීමේ මහා පුණ්‍යකර්මය.



12 වසර සිසුන්ගේ කණ්ඩායම් ව්‍යාපෘතියට අනුව සංවිධානය කරනු ලැබූ රට දැය වෙනුවෙන් දිවි පුදන, අනතුරු වලට ලක්වන උදාර රණ විරුවන් වෙනුවෙන් ලේ දන්දීමේ මහා පුණ්‍ය කර්මය 2009.03.19, එනම් අද දින විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත්, සිසු දරු දැරියන්ගේත්, හා ප්‍රදේශවාසි ලේ දන්දීම පිණිස පැමිණි දෙමාපියන්ගේත් සහභාගීත්වයෙන් මේ අවස්ථාවේ සිදුවෙමින් පවතී‍. මෙම උදාර කටයුත්ත අද දින ප.ව. 4.00 පමණ වන තෙක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Thursday, February 26, 2009

පරිගණනකයෙන් ලොව දිනනා ගැමි දරුවෝ



මෙම ඡායාරූප මගින් දිස් වන්නේ අප විද්‍යාලයේ හය වසර සිසුන් ක්ලාස්මේට්
පරිගණක භාවිතා කරන ආකාරයයි.මෙම පරිගණක ඉන්ටෙල් සමාගම විසින් අප පාසල වෙත පරිත්‍යාග කරන ලදි.පාසල තුල වයර්ලස් ඉන්ටර්නෙට් පහසුකම් ඇති නිසා අප සිසුන් පන්ති කාමරය තුල සිටම තොරතුරු ගවේෂනයට අන්තර්ජාලයට පිවිසේ.අප ලද මෙම මහගු පරිත්‍යාගය කාර්යක්ෂම ලෙස භාවිතා කිරිම අපගේ අරමුණයි.විද්‍යලයේ සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක භාවිතා කිරිමේ පුහුණුවක් ලබා දිමද අරමුණකි.

මෙම පරිගණක ඉතාමත් ප්‍රවේශමෙන් භාවිතා කල යුතු අතර නියමිත ආකාරයට චාර්ජ් කිරිමද කල යුතුය.දැනට මෙම පරිගණක ස්ථාන ගත කොට ඇත්තේ පරිගණක විද්‍යාගාරය තුලයි.නමුත් එම කාමරයේ ඉඩ ප්‍රමානවත් නොවන අතර පාසලේ කාමර ඇතත් ඒවා ආරක්ෂිත නොවේ.දැනට ප්‍රයෝජනයට නොගන්නා කාමරයක් ඇති අතර එහි සුලු අලුත්වැඩියාවකින් ආරක්ෂිත ආකාරයට සකස් කල හැක.තොරතුරු තාක්ෂන ලොව ජයගැනීමට ගැමිදරුවන් දරනා මෙම උත්සාහයට ඔබගේ දායකත්වයක් ලබා දිය හැකි නම් එය ඉතාමත් අගනා කාර්යක් ලෙස අප දකිමි
.

Wednesday, February 25, 2009

විද්‍යාලීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව සාර්ථකව නිම කරයි.


අප විද්‍යාලීය වාර්ෂික අධ්‍යාපන චාරිකාව ඉතාමත් සාර්ථක නිම කරමින් විදුහල්පතිතුමා ඇතුලු සිසු කණ්ඩායම 25 වන දින රාත්‍රී 10 පමණ පාසලට පැමිනියහ.දින හතරක මෙම චාරිකාව මගින් ලංකාවේ ‍ෙඑතිහාසික සිද්ධස්ථාන රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව අප සිසුන් වෙත උදා විය.මෙම චාරිකාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දුන් සියලු දෙනාටමත් සුභ පැතු අයටත් විදුහල්පතිතුමා සිය ස්තුතිය පිරිනැමීය.

Wednesday, February 18, 2009

ඉන්ටෙල් ක්ලාස්මේට් පරිගණක 20 ක ප්‍රදානයක් අප පාසලට


අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය ඉන්ටෙල් සමාග‍ෙම් අනුග්‍රහයෙන් අප පාසලටද ක්ලාස්මේට් පරිගණක 20 ක් ලබා දෙන ලදි.ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පෙබරවාරි මස 16 වන දින පවත්වන ලදි.ලංකාවේ පාසල් 25 සදහා එදින මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මේ සදහා සුදුසුකම් ලැබුවේ අප පාසල පමණි.ඒ සදහා අප පාසල් පරිගණක විද්‍යාගාරය ඉටු කරනු ලැබු සේවාව සැලකිල්ලට ගෙන තිබුනි.

මෙම පරිගණක යොදා ගනිමින් පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂන හැකියාව වර්ධනය කිරිම අපගේ අරමුණයි.පාසල තුල මේ වන විට රැහැන් රහිත ජාල පහසුකම් ස්ථාපිත කො‍ට ඇති බැවින් පාසලේ ඕනෑම ස්ථානයක සිට මෙම පරිගණක යොදා ගනිමින් අන්තර්ජාලයටද පිවිසීමේ හැකියාවද අප සතුය.

Tuesday, February 17, 2009

සද්දෙ තරමට කවරේජ් නැති අන්තර්ජාල සේවාවන්

අප පාසලේ පරිගණක ඒකකය හා සම්බන්ධව ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙසට අපට ලැබුනු නව පරිගණක විද්‍යාගාරය පාසලෙන් බාහිර ස්ථානයක පිහිටවනු ලැබුවා.මෙම පරිත්‍යාගය කරනු ලැබූවේ ඊස්ට් - වෙස්ට් පරිගණක ආයතනයයි.අපට අවශ්‍ය වුයේ මෙම නව ඒකකය හරහා ගම්වාසීන්ට අන්තර්ජාල සේවාවන් ලබා දීමත් තොරතුරු සෙවීම සදහා අන්තර්ජාලයේ ඇති වාසිය වටහා දීමත්ය.ඉතින් නව ඒකකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අපට අනුග්‍රහය දීමට ජර්මන් ජාතිකයෙක් කැමැත්ත ප්‍රකාශ කරා. අපි මේ සදහා ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන කීපයකට ගොස් කරුණු වීමසීමක් කළා.අප මෙහිදි ඔවුන් අයකරනු ලබන ගාස්තු පිලිබදවත් සැලකිලිමත් වුනා.අවාසනාවකට එම ආයතන අපට පැවසුවේ පාසල පිහිටි ප්‍රදේශය ඔවුන්ගේ ආවරණ කලාපයට අයත් නොවන බවයි.අප පාසල පිහිටි නිහිලුව ගම්මානයට බෙලිඅත්ත නගරයේ සිට ඇත්තේ කිලෝමීටර තුනහමාරක් පමනි.ඉදිරියේදි ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල භාවිත‍ෙය් වැඩිවීමක් සිදුවනු ඒකාන්තය.මෙවන් කෙටි දුරක් වත් ආවරනය කල නොහැකි අන්තර්ජාල සබදතා සපයන ආයතන මේ පිලිබදව දැන් සිතා බැලිය යුතුය.මිල ගනන් ඇසූ විටද අපට සිතෙන්නේ අධිකම මිල ගනන් අය කරන්නේ ලංකාවේ පමනක්ද යන්නය.

අප බලාපොරොත්තු වුයේ සහනදායී මිලකට අන්තර්ජාල සබදතාවක් ලබාගෙන අප පාසල අවට ප්‍රජාවට එම සහනදායී මිලටම සේවාවන් සැපයීමටය।නමුත් මෙතරම් දියුණු යුගයේ අවාසනාවට කිලෝමීටර තුනහමාරක් දුරින් අප ගම පිහිටි නිසා අපගේ බලාපොරොත්තු සුන් වී ඇත.
info@ruhunulanka.org

සිවුදින අධ්‍යාපන චාරිකාවක්

2009 වර්ෂයේ විද්‍යාලයීය වාර්ෂික සැලැස්මට අනුව නිහිළුව මහා විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයේ යෝජනා ස්ථිරත්වයෙන් හා විද්‍යාලයේ විදුහල්පති ඊ.ඒ. ශාන්ත කුමාර මහතාගේ උපදේශකත්වයෙන් 2009.02.22 – 2009.02.25 දින දක්වා වූ සිවුදින අධ්‍යාපන චාරිකාවක් යාමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි දී අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර, නුවරඑළිය වැනි ශ්‍රී ලංකාවේ ඓතිහාසික හා පෞරාණික ස්ථාන මෙන්ම කලාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රාශියක් නැරඹීමට නියමිත අතර විද්‍යාලයේ ගුරු මහත්ම/ මහත්මීන් අට දෙනෙක් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 60 දෙනෙක් සහභාගී වෙති.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...