Wednesday, February 11, 2009
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට රැහැන් රහිත ජාල කලාපයක්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට රැහැන් රහිත ජාල කලාපයක් කුඩා පාසලක් වන නිහිලුව මහා විද්‍යාලයේ ස්ථාපිත කරන ලදි. පාසලේ ක්‍රියාත්මක පරිගණක ඒකකයේ කටයුතු පාසල පුරා ව්‍යාප්ත කිරිම මෙහි අරමුණයි.අප පාසලේ වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇති අතර අප පිහිටුවනු ලැබු රැහැන් රහිත ජාල කලාපය නිසා පාසලේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇතිවේ.මේ සදහා අපට මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ලද්දේ දකුණු පලාත් ගරු සභානායක සෝමවංශ කෝදාගොඩ මැතිතුමා විසිනි. ඉන්ටෙල් සමාගම ක්‍රියාත්මක කරන ඉන්ටෙල් ටීච් වැඩසටහන යටතේ අප පාසලටද ක්ලාස් මේට් වර්ගයේ ලැප්ටොප් 20 ලැබීමට නියමිත අතර ඒවා යොදා ගනිමින් සෑම පන්ති කාමරයකටම අන්තර්ජාල පහසුකම් ලබා දීමටද අප සැලසුම් කොට ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ අදහසක් ලෙස 2009 වසර තොරතුරු තාක්ෂන හා ඉංග්‍රිසි භාෂෘ වසර ලෙස නම් කොට ඇති බැවින් එයට සමගාමීව අප පාසලේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ
ශ්‍රමදාන වැඩසටහනක්.....

නිහිළුව මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ යෝජනා ස්ථිරත්වයකට අනුව
2009 වසරේ පළමු වැනි වාරය සදහා නියමිත ශ්‍රමදාන වැඩ සටහන 2009.02.05 දින උදෑසන 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැවැත් විය. ඒ සදහා සියළු ම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් හා භාරකරුවන් විද්‍යාලයට පැමිණ ක්‍රීඩා පිටිය හා ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීම් කටයුතු වල නිරත විය.

Monday, February 2, 2009
61 වන නිදහස් දින සැමරුම

61 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් විද්‍යාලීය උසස් පෙල ගුරු සිසු සංසදය සැලසුම් කර ක්‍රියාත්මල කරනු ලැබු 61 වන නිදහස් දින සැමරු උත්සවය අද දින පෙ.ව. 7.30 පවත්වන ලදි.විද්‍යාලීය විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතා විසින් ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනයෙන් හා උතුරේ සටන් වැද සිටින අභික රණවිරුවන් හා නිදහස් සටන වෙනුවෙන් තම ජිවිත පරිත්‍යාග කරනු ලැබු ජාතික වීරවරයින් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම වැඩසටහනේ මුල් පියවර විය.ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සිරිසේන මහතා නිදහස් සටනට උරදුන් අභිත නායකත්වයන් පිලිබද දේශනයක් පවත්වන ලද අතර නිදහස් සටනට උරදුන් ජාතික වීරවරයින් කිහිපදෙනකු පිලිබදව සිසුන්ද අදහස් දැක්වීය.
ජාතික අභිමානය හා දේශාභිමානය වඩවන ගීත කීපයක්ද සිසුන් විසින් ගායනා කරන ලදි.ස්තුති කථාව විදුහල්පතිතුමා විසින් පවත්වන ලදි.මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දුන් ගුරු සිසු සියලු දෙනාටම විදුහලේ ස්තුතිය පිරිනැමේ.

Tuesday, January 27, 2009
ලේ දන්දීමේ පිංකම..........
නිහිළුව මහා විද්‍යාලයේ ගරු විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය උසස් පෙළ කලා, වාණිජ අංශයේ හා ශිෂ්‍ය නායක සංසදයේ මූලිකත්වයෙන් ලේ දන් දීමේ ව්‍යාපෘතියක් 2009.03.19 වන දින විද්‍යාලීය භූමියේ දී සිදු කිරීමට නියමිත ව ඇත. එදිනට ලේ පරිත්‍යාගශීලීන් අවම වශයෙන් සිය දෙනෙකු සහභාගී කරවා ගැනීමට අදහස් කෙරේ.
මෙම ලේ දන්දීමේ මහා පිංකම පවත්වනු ලබන්නේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින වීරෝදාර රණ විරුවන් වෙනුවෙනි. මෙම උදාර කටයුත්ත සදහා එදිනට පැමිණ ඔබගේ වටිනා ලේ බිදක් පරිත්‍යාග කර අභීත රණ විරුවන් ගේ ජීවිත බේරා ගැනීමට දායක වන්න.

Monday, January 26, 2009
නව පරිගණක ඒකකයක්.....

විද්‍යාලීය පරිගණක ඒකකය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ඊ ගම්මාන ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂම ව ඉදිරියට කරගෙන යාම සදහා ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනය මගින් අප වෙත අංග සම්පූර්ණ නව පරිගණක ඒකකයක් ලබා දෙන ලදි. එය නිහිළුව ශ්‍රී අස්වත්ථාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇත.
ඒ අනුව නව පරිගණක හයක්, ස්කෑනරයක්, වෙබ් කෑමයක් හා මුද්‍රණ යන්ත්‍රයකින් මෙම පරිගණක ඒකකය සමන්විත වේ. නව පරිගණක ඒකකය මගින් අවට ගම් වාසීන්ට පරිගණක දැනුම හා අන්තර්ජාලය පිළිබද දැනුම ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනයට අපගේ හෘදයාංගමය ස්තුතිය පුද කර සිටිමු.
Monday, January 19, 2009
කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් මෙහෙය වු දින තුනේ වැඩමුලුව
කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් විසින් මෙහෙය වු දින තුනේ වැඩමුලුවක් අප විද්‍යාලීය පරිගණක අංශයේදි පැවැත් විය.ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනය වසර කීපයක සිට මෙම සද්කාර්ය කරනු ලබයි.ඒ අනුව අප විද්‍යාලයේ ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහන සාර්ථක කරගැනීම සදහාද මෙම දින තුනේ වැඩමුලුව ඉමහත් දායකත්වයක් ලබා දුනි.
වැඩමුලුවේ වීඩියෝ දර්ශන
Subscribe to:
Posts (Atom)