Sunday, May 10, 2015

මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් කූඩූ ප්‍රදර්ශනයක් පැවැත්වීම“ වැනි පින්කම් රාශීයක් පැවැත්විය.





Thursday, February 12, 2015

නිවාසාන්තර ක්‍රිඩා උත්සවය අදින් අවසන් විය.

2015 වර්ෂය සදහා අප පාසලේ නාවාසාන්තර ක්‍රිඩා උළෙල ඉතාමත් සාර්ථක ලෙස අදින් අවසන් විය.ක්‍රිඩා උළෙලේ ශූරතාවය සදහා "රන්" "මිණි" "මුතු"ලෙස නිවාස තුනකට බෙදී සිසුන් තරග වැදී අතර මෙහිදී ශූරතාවය ලබාගනු ලැබුවේ "රන්" නිවාසය විසිනි.අප පාසලේ සිටින දක්ෂ දුවා දරුවන්ගේ සහජ දක්ෂතා කළ එලි දැක්වීමට ඔවුන්ට මෙය මහගු අවස්ථාවක් විය.



Tuesday, February 10, 2015

බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වන ලද ඉංග්‍රීසී වැඩමුළුව

බ්‍රිතාන්‍ය කවුන්සලය මගින් පවත්වනු ලබන ඉංග්‍රීසි වැඩමුළුව 2015.01.24 වන සෙනසුරාදා අප විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ දී සාර්ථක ලෙස පවත්වන ලදී.මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරුභවතුන් 20ක් පමණ සහභාගී විය.



6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීම.

මෙම වර්ෂය සදහා 6 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කරගැනීම 2015.01 දින උත්සවාකාරයෙන් පැවැත්වුණ අතර මෙහිදී සෙත් පිරිත් සත්ගායනා කොට ආශිර්වාද ලබාගනිමින් සුබ මොහොතින් වැඩ කටයුතු ආරම්භ කරන ලදී.



Thursday, December 11, 2014

වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය....

මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය  පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ  සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය.

එසේම අප පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටුකල P.R පතිරණ විදුහල්පතිතුමාට සහ අප පාසලේ පරිගණක විද්‍යා විෂය ආරමිභ කිරී්මේ සහ ඊ-ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ අමල් ගුණවර්ධන ගුරු මහත්මාට සමුදීමේ උත්සවයද මෙයට සමගාමීව පැවැත්විණ.මෙම අවස්ථාව අප පාසලේ සියළුම දෙනාට හැහීම්බර අවස්ථාවක් විය.





Monday, December 1, 2014

අප පාසලේ නව විදුහල්පතිතුමා

ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්‍ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි.

සමස්ත ලංකා ගුරු ක්‍රිඩා උළෙලේ ජයග්‍රහණය

අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...