Thursday, December 11, 2014

වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය....

මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය  පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ  සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය.

එසේම අප පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටුකල P.R පතිරණ විදුහල්පතිතුමාට සහ අප පාසලේ පරිගණක විද්‍යා විෂය ආරමිභ කිරී්මේ සහ ඊ-ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ අමල් ගුණවර්ධන ගුරු මහත්මාට සමුදීමේ උත්සවයද මෙයට සමගාමීව පැවැත්විණ.මෙම අවස්ථාව අප පාසලේ සියළුම දෙනාට හැහීම්බර අවස්ථාවක් විය.





Monday, December 1, 2014

අප පාසලේ නව විදුහල්පතිතුමා

ඔත්තෝම්බර් මස 10 වන දින සිට අප පාසලේ නව විදුහල්පති තුමා වශයෙන් කීර්ති මහේන්ද්‍ර මහතා රාජකාරි කටයුතු ආරමිභ කලා.එතුමා මෙම පාසලේම නියෝජ්‍ය විදුහල්පති තුමා වශයෙන් වසර පහක පමණ කාල සීමාවක් කටයුතු කරන ලද අතර එතුමාගේ නව පත්වීම වෙනුවෙන් අප පාසලේ සියලුම දෙනා සුභාසිංශණ පලකරයි.

සමස්ත ලංකා ගුරු ක්‍රිඩා උළෙලේ ජයග්‍රහණය

අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි.

Thursday, October 2, 2014

විදුහල්පතිතුමා උසස් වීමක්ලැබ නික්ම යයි.

අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.R.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය.


Wednesday, October 1, 2014

ලෝක ළමා දින සැමරුම

මෙවර ද ලෝක ළමා දිනය වෙනුවෙන් අප විද්‍යාලය ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබූ අතර සිසුන්ට අයිස්ක්‍රීම් සංග්‍රහයක් සහ ළමා චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සිදුකෙරිණි.


Tuesday, September 30, 2014

දෙමාපිය වන්දනා වැඩසටහන

අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන් ‍වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසිනි.




අප පාසලට ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්ගේ පැමිණිම.

2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක්  අප පාසලේ පරිගණක විද්‍යාගාර‍යේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමට දායකත්වය සපයා ඇති ආකාරය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.
මෙහිදී ඔවුන් අප පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාරව සිටී අමල් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සහ අප පරිගණක විද්‍යාගාරය පිළිබද වීඩියෝ දර්ශන ලබා ගන්නා ලදී.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...