අද දින අප පාසලේ සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් දරුවන්ට දෙමාපියන්ගේ වටිනාකම සහ දෙමාපියන් වර්තමාන සමාජය තුල තම දරුවන් වැරදි ක්‍රියාවන්ට යොමු වීමෙන් වලක්වා ගන්නේ කෙසේද යන්න පිළබද දැනුවත් කිරීම සදහා මා පිය වන්දනා වැඩසටහනක් පැවැත්විණි.මෙම වැඩසටහන මෙහෙය වනු ලැබුවේ පූජ්‍ය බුද්ධියාගම ධම්ම සේන හිමියන් විසිනි.
Tuesday, September 30, 2014
අප පාසලට ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්ගේ පැමිණිම.
2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් අප පාසලේ පරිගණක විද්‍යාගාරයේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමට දායකත්වය සපයා ඇති ආකාරය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.
මෙහිදී ඔවුන් අප පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාරව සිටී අමල් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සහ අප පරිගණක විද්‍යාගාරය පිළිබද වීඩියෝ දර්ශන ලබා ගන්නා ලදී.
Monday, September 22, 2014
6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ ක්ෂේත්‍ර චාරිකාව
පසුගිය සිකුරාද දින එනම් සැප්තැම්බර් මස 19 වන දින අප විද්‍යාලයේ 6 සහ 7 ශ්‍රේණිවල සිසු දරුදැරියන්ගේ විද්‍යා විෂය සම්බන්ධ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඹ ග්‍රහලෝකාගාරය නැරඹීම,හික්කඩුව කොරල් පර නැරඹීම, සහ කැළණීය වෝටර් වර්ඩි මත්ස්‍ය සහ කුරුලු උයන නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණ.මීට අමතරව කැළණිය පුරාණ රජ මහා විහාරය වැද පුදා ගැනීමද සිදු කළ අතර මේ සදහා ගුරු මහත්ම මහත්මීන් මෙන්ම දෙමාපියන් කිහිපදෙනෙකු ද සහභාගී විය.
Wednesday, July 16, 2014
ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන
මෙම අගහරුවාදා දින එනම් 2014.07.15 වන දින ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කුසලතා තව දුරටත් සංවර්ධනය කිරීමේ අරමුණින් ගුරු සංවර්ධන වැඩසටහනක් අප විද්‍යාලයේ දී පැවැත්විණි.මෙහිදී අප පාසලේ ප්‍රවීණ ආචාර්ය තුමියක් සහ නවක ගුරු මහත්මයෙක් ආදර්ශ පාඩමක් ඉගැන්වීමක් සිදුකල අතර අප කලාපයේ ප්‍රවීන ගුරු උපදේශක මහත්මයෙකු වන රත්නවීර මහතාගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කල අතර අප විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පූර්ණ සහයෝගය මේ සදහා ලැබුණි.
Sunday, June 22, 2014
තොරතුරු තාක්ෂණ ගුරුසැසිය
මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ.
Monday, May 19, 2014
Monday, May 12, 2014
Subscribe to:
Posts (Atom)






