2014 සැප්තැම්බර් මස 29 වන දින ආසියානු සංවර්ධන අරමුදලේ නිලධාරීන්,දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතිය(EKSP) අධයක්ෂක තුමා,දකුණු පළාත් EKSP ව්‍යාපෘතිය අධ්‍යක්ෂක තුමා සහ අධ්‍යාප අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් අප පාසලේ පරිගණක විද්‍යාගාරයේ තොරතුරු ලබා ගැනීමට අප විද්‍යාලයට පැමිනුණා.මෙහිදි ඔවුන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලාංකීය ග්‍රාමීය පාසලක් වශයෙන් අප පාසල රජය සහ පෞද්ගලික අංශය සම්බන්ධ කරගනිම්න් පාසලේ දියුණුවට සහ ප්‍රජාවගේ දැනුම වර්ධනය කිරීමට දායකත්වය සපයා ඇති ආකාරය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.
මෙහිදී ඔවුන් අප පරිගණක සම්පත් මධ්‍යස්ථානය භාරව සිටී අමල් ගුණවර්ධන මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් සහ අප පරිගණක විද්‍යාගාරය පිළිබද වීඩියෝ දර්ශන ලබා ගන්නා ලදී.






