Thursday, October 3, 2013

7 ශ්‍රේණීය සිසුන්ගේ විද්‍යා ප්‍රදර්ශනය

ඊයේ දිනයේදි අප පාසලේ 7 ශ්‍රේණීයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාව විෂය සම්බන්ධ ප්‍රදර්ශනයක් පැවැත්විණි.මේ සදහා සෑම සිසු සිසුවියක්ම නිර්මාණයක් ඉදිරිපක් කොට තිබු අතර ඉතාම ඉහල නිර්මාණ ඉදිරිපත් කොට තිබූ පළමු,දෙවන හා තෙවන ස්ථාන සදහා තෑගි ප්‍රධානයක් ද සිදුකෙරිණි.

ලෝක ළමා දින සැමරුම

මෙවර ලෝක ළමා දින සැමැරුම වෙනුවෙන් නිහිළුව මහ විද්‍යාලය මගින් ක්‍රියාකාරකම් රැසක්  සංවිධාන කොට තිබූ අතර සිසුන් හා ගුරුවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වීම,පාසලේ සියළුම ළමුන් හට සිංහල ළමා චිත්‍රපටයක් පෙන්වීම සහ සිසුන් හට “අයිස්ක්‍රීම්“ සංග්‍රහයක් ලබා දීම ද  සිදු කෙරිණී.


Wednesday, September 18, 2013

තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව

තංගල්ල කලාපයේ ප්‍රාථමික විෂය ගුරුභවතුන් පුහුණු කිරීමේ වැඩමුළුව 2013.09.11 දින සහ 2013.09.18 යන දෙදෙනින තුලදී අප විද්‍යාලයිය පරිගණක සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.මෙය තංගල්ල කලාප කාර්්‍යාලයේ  පුර්ණ අධීක්ෂණය යටතේ සිදු විය.

Wednesday, August 14, 2013

සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය - 2011

හ/නිහිළුව මහ විද්‍යාලයේ 2011 වසර 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලැබූ W.A.නිලූෂි ශෂිකලා ශිෂ්‍යාව මාතෘකානූකූල කාව්‍ය රචනා තරගයේ සමස්ත ලංකා මට්ටමේ ප්‍රථම ස්ථානයද ජාතික මට්ටමේ තෙවන ස්ථානයද දිනා ගැනීමට සමත් වූවාය.

Monday, July 29, 2013

පාසලේ සිසු දරුදැරියන්ගේ විනෝද චාරිකාව

මෙම වසර සඳහා පාසලේ සිසුදරුවන්ගේ විනෝද චාරිකාව සදහා පිටත්වයෑම හෙට දින   අළුයම සිදුකිරීමට සංවිධානය කොට ඇති අතර  නුවරඑලිය ආශ්‍රිතව සංචාරය කිරිමට තිරණය කොට ඇත.



ගෙවතු වගාවෙන් ලබාගත් එළඳාවෙන් ඉහල ආදායමක්

විද්‍යාලයීය කෘෂීකර්ම අංශයේ සිසු දරු දරියන්ගේ ගෙවතු වගා ව්‍යාපෘතියේ එළඳාව අද දිනදී නෙලා ගන්නා ලදී.එය විද්‍යාලයීය සිසු දරු දරියන්ට හා ගුරුභවතුන්ට අලෙවි කොට ඉහල ආදායමක් උපයා ගන්නා ලදි.මෙම මුදල් පාසලේ ඉදිරි කටයුතු සදහා යෙ‍ාදා ගැනීමට විදුහල්පති තුමා බලාපොරොත්තු වේ.




අප පාසලේ වාර්ෂීක සමාජ සත්කාරක වැඩසටහන

ඊයේ දිනයේදී තංගල්ල පොළොම්මාරුව අඳ ගොළු බිහිරි විද්‍යාලයේ සිසු දැරු දැරියන් හට  අප පාසලේ සිසු හා ගුරු මහත්ම මහත්මීන්ගේ එකමුතුවෙන් දිවා ආහාර වේලක් පිරිනමණ ලදි.




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...