Monday, November 7, 2011

පාසල් වෙබ් අඩවියට comments දැමීමේ පහසුකම එක් කරා !

ඔන්න දැන් අපේ පාසල් වෙබ් අඩවියටත් කමෙන්ට්ස් දාන්නත් පුළුවන්.
පිවිසෙන්න
http://www.nihiluwamv.sch.lk

ස්තුතියි

Monday, October 31, 2011

නව පරිගණක ඒකකයේ වැඩ නිම වෙයි.


මේ වෙනකොට අපේ නව පරිගණක ඒකකය සම්පූර්නයෙන්ම නිම  කරලයි තියෙන්නෙ.මේකට අවශ්‍ය පරිගණක සහ අනෙකුත් උපාංග සොයා ගැනීමේ මෙහෙයුමක තමයි දැන් අපි නිරත වෙලා ඉන්නෙ.මුල ඉදලම අපි අපට අවශ්‍ය දේවල් ලැබෙනකම් බලා හිටිය පාසලක් නෙවි.බොහෝ දෙවල් අපේ වෙබි අඩවිය හරහා මුන ගැහෙන කරුනාවන්ත පුද්ගලයන් හරහා ලබා ගත්තා.
මේ නව ඒකකයේ බිම් මහලේ පරිගණක 30 සදහා ඉඩ තිබෙනවා.උඩු මහලේ පරිගණක 15 සදහා විදුලි පහසුකම් සපයල තියෙනවා.අපි ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට කොල්ලුපිටියෙ තිබෙන ඩොයිෂ් බැංකුව අපිට නව පරිගණක 10 කුත්,බිමි මහලේ පරිගණක 30 සදහා අවශ්‍ය ජාලකරණ උපකරනත් ලබා දුන්නා.මේ වෙනකොට ජාලකරනය සිසු සහභාගිත්වය සමග අපි ස්ථාපනය කරලයි තියෙන්නේ.එමෙන්ම ඔවුන් දැනට පොරොන්දු වෙලා තියෙනවා භාවිතයෙන් ඉවත් කරන(නමුත් හොද තත්වයේ) පරිගණක මේස කිහිපයකුත් ලබා දෙන්න.අපිට මේස තමයි ප්‍රශ්නය.දැනට අපි සතුව තිබෙන පරන පරිගණක 7 අළුත්වැඩියා කරල ගන්න හිතාගෙන ඉන්නවා.එවිට පරිගණක 17 විතර යොදලා නව ඒකකය විවෘත කරන්නත් එදාට තොරතුරු තාක්ෂන දිනයක් සංවිධානය කරන්නත් හිතාගෙන ඉන්නවා.ඉතින් අපිය අවශ්‍යයි පරිගණක විෂයේ විවධ පැති වලින් දැනුමෙන් සන්නද්ධ අය එදාව වැඩමුළු පවත්වන්න.තව විවිධ ආයතන ආවොත් හොදයි ප්‍රදර්ශන කුටි පවත්වන්න.අපි පොඩි පාසලක් හන්ද එහෙම ලොකු ආයතන ඒවිද මන්දා..
අපිට විශ්වාසයක් තියෙනවා අන්තරජාලයේ අපේ මිතුරන් උදව් කරාවි කියලා.මොකද පහුගිය දවසක අපිට හිමි විය යුතු ව තිබු දෙයක් අහිමි වෙලා තියෙනවා.අහිමි කරාද කියලත් අපි දන්නෙ නැහැ.කාලයත් සමග එය කුමක්ද කියලා හැමෝටම දැනගන්න ලැබේවි.
ඒත් අපි අපේ ගමන යනවා.
 




පාසල් සමුපකාරය ආරම්භ වුදා.....



දකුණු පළාත් සමුපකාර අමාත්‍ය ගරු ඩී.වී.උපුල් මැතිතුමාගේ අදහසක් අන්ව අප විද්‍යාලයට විශාල අඩුපාඩුවක්ව පැවති පාසල් සමුපකාරය විද්‍යාලයේ සිසුන්ට සහන මිලය පාසල් උපකරණ ලබා දීමේ අරමුණින් ඔක්තෝබර් 27 දින පෙ.ව.10.09 යෙදුනු සුභ මොහොතින් ආරම්භ විය.


Sunday, October 9, 2011

ලෝක ගුරු දිනය




ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ගුරු දිනය සැමැරූ අතර සියළුම සංවිධාන කටයුතු සිදුකරනු ලැබුයේ පාසලේ ශිෂ්‍ය නායක සංසදය විසිනි.එහිදී සෑම ගුරු වරයෙකු වෙතම වටිනා ත්‍යාගයක් ලබා දෙන ලදී.

ලෝක ළමා දිනය




ඔක්තෝම්බර් 1 වන දින අප විද්‍යාලයේ ද ලෝක ළමා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර ගුරු මණ්ඩල‍යේ දායකත්වයෙන් ත්‍යාග ප්‍රදානයක් සිදු කල අතර වි‍ශේෂ දක්ෂතා දක්වන ලද සිසුන් සදහා වටිනා සහතික පත්‍රයක් ප්‍රධානය කරන ලදී.

Wednesday, September 28, 2011

ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2011


බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය උත්සවය  මෙම 23 වනදා අප විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.එහි ඡායාරූප එකතුවක් මේ.







Monday, May 23, 2011

2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු නිහිළුවෙි පුංචි හපන්නු



2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල අත්සාහයක් ගෙන තිබුණා.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...