Wednesday, September 28, 2011

ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2011


බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සාහිත්‍ය උත්සවය  මෙම 23 වනදා අප විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදි.එහි ඡායාරූප එකතුවක් මේ.







Monday, May 23, 2011

2600 සම්බුද්ධ ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසුණු නිහිළුවෙි පුංචි හපන්නු



2011.05.16 දින නිහිළුව ප්‍රාථමික ප්‍රාථමිකයේ දරැවෝ පෙරහැරකට පෙළ ගැසෙන ආකාරයට අපි දුටුවා.මල් බයිසිකල් පෙරටු කරගත් පෙරහැර වලවෙල දක්වා ගමන් කර නැවත ශ්‍රී අස්වත්ත රාමයට පැමිණ ගමන් මග අවසන් කරනු ලැබුවා.මෙහිදී බෞද්ධ කොඩි රැගත් දරැ දැරියෝ වගේම වඩිග පටුන, ලී කෙලිය පෙරහැරේ කැපී පෙනුන අංග වුනා.මීට අමතරව තවත් විශේෂ අංග රැසකින් පෙරහැර අලංකාර කිරීමට විදුහලේ විදුහල්පතිතුමා,අචාර්ය මණ්ඩලය සහ දෙමාපියන් විශාල අත්සාහයක් ගෙන තිබුණා.


Wednesday, May 18, 2011

සම්බුද්ධත්ව ජයන්තියට අපෙන් දන්සැලැක්




12 වසර අපේ දරුවෝ පාසල මුල් කරගෙන බෙලි මල් දන්සැලැක් දෙන්න ඉදිරිපත් වුනා.ඹවුන් එක්රැස් කල මුදල් වියදම් කරලා දානමය කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය සියළුම දේවල් සැලැසුම් කලා.උදේ 8.30ට විතර දන්සැලේ වැඩ කටයුතු ආරම්භ කරලා හවස 4.30 පමණ වෙනතුරැ ඉතා සාර්ථක විදියට ඒ කටයුතු කලා.ඒ සදහා නිහිවව මහ විදුහලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය,වගේම සිසු දරැ දැරියෝ එවුන්ගේ සහයෝගය නොමදව ලැබුණු නිසා අඩුපාඩු මගහරවා හගන ඒ කටයුත්ත කරගන්න හැකි වුනා.ඒ සදහා විදුහල්පතිතුමා ,පද්මලතා මිය,කොඩිතුවක්කු මයා,ශ්‍රි කාන්ති මිය,ජයසේකර මයා සහ කිර්ති මහේන්ද්‍ර මයා සහභාගී විය





Tuesday, May 17, 2011

නෑගම් ආ ඩොයිෂ් බැංකුවට අපේ තුති.















ඩොයිෂ් බැංකුව කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කරන බැංකුවක්.ඉතින් පසුගිය 13 වනදා ඔවුන් ආවා අපේ පුංචි පාසලට.හැබැයි හිස් අතින් හෙම නෙවි ලක්ෂ 6 ආසන්න පරිගණක උපකරනත් අරගෙන.අපිට පොඩි ආඩම්භරයකුත් ආවා මේ වගේ විශාල බැංකුවක් පාසලට ආවම.අපි හොද උත්සවයක් පවත්වලා ඔවුන්ව සතුටු කරා .ඇත්තටම ඔවුන්ගෙ ප්‍රධානය අපිට වටින තරම මෙතෙක් යයි කියල නිශ්චය කරන්න අමාරුයි.ඒ තරම්ම වටිනවා.පරිගණක 10 ට අමතරව අපේ නව පරිගණක විද්‍යාගාරයෙ ජාල ගත කරන්න අවශ්‍ය සියළු උපාංගත් ඔවුන් රැගෙන ආවා.එහි පරිගණක 30 ක ජාලයක් අපි සිසුන්ගෙ දැනුමෙන් ස්ථාපිත කරා.

ඉතින් අපි හදපත්ලෙන්ම ඩොයිෂ් බැංකුවට ස්තුති කරනවා.

Monday, May 9, 2011

සම්බුද්දත්ව ජයන්තියට සාරධර්ම ප්රිගුණ කරමු.
















අපිටත් හිතුනා අළුත් දෙයක් කරන්න සම්බුද්දත්ව ජයන්තිය සමරන්න.ඉතින් අපේ විදුහල්පතිතුමයි සමස්ත ආචාර්ය මණ්ඩලයයි තීරණය කරා තම නිවෙස් වල බුදු පිළිම නොමැති සිසුන් සදහා ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් බුදු පිළිම ලබා දෙන්න.ඒ වැඩසටහන ඉතාමත් සාර්ථක විදිහට අපි 9 වනදා සිදු කරා.බුද්ධ ප්‍රතිමා 28 පෙරහරකින් වඩම්මලා යුගාසන කවි බණකුත් කියලා සිසුන් සදහා බුදු පිළිම පූජාව සිදු කරා.

අපේ අරමුණ වුනේ සාරධර්ම පිරිහීයන යුගයක ඒවා සිසුන් තුල ප්‍රගුණ කරන්නයි.අපි මේ සිසුන් නියමිත පරිදි දිනපතා සවසට බුදුන් වදිනවද කියලා පසු විමරමක් කරන්නත් කටයුතු යොදලයි තියෙන්නේ.ඉතින් අපි උත්සාහ කරල බලමු නේද.

Thursday, March 31, 2011

අපිට තිබුනා හීනයක් ..................




අපි බොහොම පොඩි පාසලක්.ඒත් අපිට පරිගණක කාමරයක් ලැබුනා පරිගණක 10 එක්ක 2005 වර්ෂයේදි.අපිට අවශ්‍ය වුනා වෙනසක් කරන්න.ඒකට අවශ්‍ය උත්සාහය අපි ගාව තිබ්බ.ඉතින් මේ වෙනකොට අන්තර්ජාලය භාවිතා කරන හුගක් අය අපි ගැන දන්නව.අපිට උදව් කරපු හුගක් අය දන්න දෙයක් තමයි අපිට තිබුනේ ඉතාම කුඩා කාමරයක් බව.සිසුන් 10 කුට වඩා එකපාරකට දාන්න බැහැ.ඒත් අපි ඒ ගැන සිතන්නෙ නැතිව වැඩ කරා.මොකද හුගක් වෙලාවට අපි නිතරම කරන්නෙ සම්පත් ඉල්ල ඉල්ලා නිළධාරින්ට හරි රජයන්ට හරි කෙදිරි ගාන එක.ඉතින් අපේ වෙබ් අඩවි වලට පිවිසීමෙන් අප කල වැඩ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඉතින් අපට කියන්න අවශ්‍ය අපිට ලොකු පරිගණක කාමරයක් ලැබුනා.මේ දවස්වල ඒක නිම කරගෙන යනවා.ඇත්තටම අපිට සතුටුයි.අපිට හිතෙන්නෙ සද්භාවයෙන් දෙයක් කරොත් ඒකට ලැබෙන ප්‍රතිළුල කිසිම කෙනකුට නතර කරන්න බැහැ කියලයි.ඉතින් මේ පරිගණක කාමරය් පරිගණක 35 දාන්න පුළුවන්.අවශ්‍ය පරිගණක සංඛ්‍යාව විවිධ සංවිධාන හරහා අපි දැනටමත් හොයාගෙන ඉවරයි.ජාලකරනය සදහා අවශ්‍ය උපකරණත් අපි දානපතියන් හරහා සොයා ගෙන ඉවරයි.ඒත් ජාලගත කිරීම සදහා විශාල මුදලක් ඉල්ලුවා.ඉතින් කාට හරි පුළුවන් නම් මේ ජාලගත කිරීම නොමිලේ අපට කරල දෙන්න ඒක මේ පුංචි පාසලට කරන ලොකු උදව්වක් වේවි.කෑම බීම නවාතැන් අපිට දෙන්න පුළුවන්.ඉතින් මේ ගැන තොරතුරු දැනගන්න මේ ඊ-මේල් ලිපිනයට ලිපියක් එවන්න.
nmv@nihiluwamv.sch.lk
ඉතින් මේ සමග නව පරිගණක කාමරයේ පින්තූරත් පල කරනවා.අපිට අවශ්‍ය තංගල්ල අධ්‍යාපන කලාපයේ නවීනතම පරිගණක ඒකකය බවට මේක පත් කරන්නයි.



විශ්‍රාමික ගුරු දෙපලකට අභිමානවත් උපහාරයක්.





පුරා වසර 40 ට ආසන්න කාලයක් සිප්සත බෙදා දුන් ගුරු දෙපලකගේ නික්ම යාමක් පසුගිය දා අප පාසලේදී සිදු විය.එස්.ඒ.ගුණවර්ධන සහ කේ.ජි.හේමලතා යන දෙපල එසේ විශ්‍රාම ගියහ.මෙම ගුරු මහතා සහ ගුරු මහත්මිය වසර 25 අධික කාලයක් වරින් වර අප පාසලේ සේවය කොට ඇත.ඹවුන් සදහා අප පාසලේ සිසුන් හා ගුරු සුභ සාධක සංගමය සංවිධානය කළ උපහාර උත්සවය 2011 මාර්තු 31 දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුනි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...