Friday, March 25, 2011

අප විද්‍යාලයේ 2011 වසර සදහා ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය




අප විද්‍යාලයේ 2011 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ නිල ලාංඡන පැළදවීමෙි උත්සවය 2011 මාර්තු මස 25 වන දින ගරු දකුණු පළාත් ධිවර, සංස්කෘතික,සමුපාකාර අමාත්‍ය ඩී.වී.උපුල් සහ තංගල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇස්.එච්.සුනිල් මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Thursday, February 10, 2011

නිවාසාන්තර ක්‍රීඩා සාර්ථකව අවසන් විය






අප විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සාර්ථක ලෙස පෙබරවාරි 9 වනදා අවසන් විය.
ප්‍රථමස්ථානය රන් නිවාසය විසින් දිනා ගන්නා ලදි.
දෙවන ස්ථානය මිණි නිවාසයටත් තෙවන ස්ථානය මුතු නිවාසයටත් හිමි විය.

Thursday, January 27, 2011

මැරතන් තරගය මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් විය



අප විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අද දින පැවැත්වු මැරතන් තරගයෙන් ආරම්භ විය.එම තරගයේ ධාවන මාර්ගය වුයේ අප විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී බෙලිඅත්ත නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් හැරී නැවත අප විද්‍යාලය අසලට පැමිණීමයි.

ප්‍රථම ස්ථානය - රන් නිවාසයේ ලසිත තිලක්‍ෂණ

දෙවන ස්ථානය - රන් නිවාසයේ රසිත් තාරුක

තෙවන ස්ථානය -මිණි නිවාසයේ ඉසුරු පියුමාල්


Thursday, January 20, 2011

දෙමාපිය ශ්‍රමදාන වැඩසටහන නිහිළුව මහා විද්‍යාලය





අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයට සමගාමීව සිසුන්ගේ දෙමාපිය සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදි .ඒ සදහා දෙමාපියන් මෙන්ම පාසලේ සිසුන්ද ක්‍රියාකාරි ලෙස සහභාගී විය.එහි ඡායාරෑප කිහිපයක් පහත දැක්වා ඇත

Thursday, January 13, 2011

නව වසරේ හය වසරේ ආරම්භය දා................






හය ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 12 සුභ මොහොතින් සිදු විය.දෙමාපිය සහභාගිත්වයෙන් සිදු වු මෙය නවක සිසුන්ගේ නැටුමෙන් ගැයුමෙන් අලංකාර වත් ලෙස පැවැත්වුනි.


Tuesday, January 4, 2011

නිවාසාන්තර ක්රිාඩා උත්සවය ආරම්භ විය.



අද දින අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය ආරම්භ විය.සියළුම ශිෂ්‍යයින් චන්ද්‍ර , සූර්ය, සහ තාරැකා යන නිවාසවලට බෙදන ලද අතර අද දින ක්‍රීඩා පිටිය පිරිසිදුකිරීමේ ශ්‍රමදානයක් පැවැත්වේ.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...