

2010 වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය මුල් කරගෙන ආගමික වැඩසටහන් රාශියක් පැවැත්වීමට අප විද්‍යාලීය බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.
දෙමාපිය උපහාර උළෙල
2010 මැයි 21 දින පෙ.ව 9 සිට 11 දක්වා ඕමාරේ සද්ධානන්ද පිරිවෙනෙහි පරිවේනාචාර්ය ශාස්ත්‍රවේදී අති පූජ්‍ය කුඹුක්මුල්ලේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මෙහෙය වන දෙමාපියසම්භාවනා වැඩසටහන විදුහල්පති ආරියසේන බෝධීගම මහතාගේ උඵදෙස් මත සිදු කරනලදි.
දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතියේ (EKSP Ministry of Education)අනුග්‍රහයෙන් අප විද්‍යාලයේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන අධීක්‍ෂනය කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරීන් දෙදෙනකු 2010 මාර්තු මස 25 වැනිදා අප විද්‍යලයට පැමිනියහ.එහිදී පරිගණක අංශ භාර අමල් ගුණවර්ධන මහතා විසින් ඊ-ගම්මාන වැඩසටහනේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මග පිළිබද ඔවුන්ව දැනුවක් කරන ලදි.
ඉන් පසු ඔවුන් අප විසින් ගම්මානයේ ප්‍රයෝජනය සදහා ලබා දී ඇති පරිගණක ඒකකයද සිය නිරීක්‍ෂනයට ලක් කලේය.ලංකාවේ පාසලක් විසින් පාසල අවට ප්‍රජාවගේ පරිහරණය සදහා පරිගණක ඒකකයක් ලබා දී ඇත්නම් එය අප පාසල පමනක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.



අප විද්‍යාලීය ඊ-ගම්මාන වැඩසටහනේ නිරත සිසුන් තිදෙනෙක් මෙවර උසස් පෙළ හොදින් සමත්ව ඇත.
Sinhala A
BC A
Economic A
Rank 215
සමන්තිකා හේවාපතිරන
Sinhala -A
BC -A
Economics -C
Rank - 485
ප්‍රියන්ගිකා සදමාලි
Sinhala - A
BC - A
Economic – B
Rank – 269
වින්ද්‍යා ශිෂ්‍යාව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ඇත.නමුත් අපගේ ඊ-ගම්මාන වැඩසටහන තුලින් එම ශිෂ්‍යාවගේ අනාගතය වඩාත් සුරක්‍ෂිත කිරීමට අපට හැකි විය.වර්තමානයේ තොරතුරු තාක්‍ෂණ ෙක්‍ෂ්ත්‍රයේ රැකියා අවස්ථා දහස් ගනනක් ඇති මුත් ඒ සදහා සුදුසු ශ්‍රමිකයන් හිග වී ඇත.එවන් අවධියක අප විදේශිය දානපතියකුගේ අනුග්‍රහය මත වින්ද්‍යා තොරතුරු තාක්‍ෂණ ගෞරව උපාධියක් ලබා ගැනීම සදහා ශ්‍රි ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයට 2010 අධ්‍යයන වර්ෂය සදහා ඇතුලත් කරන ලදි.මෙය වර්ෂ හතරක කාලයකින් යුක්ත අතර සියළු වියදම් අදාල අනුග්‍රහයෙන් දරනු ඇත.මෙය අප ලැබු විශාල ජයල්‍රහණයක් ලෙස අප විශ්වාස කරමු.
අපගේ උත්සාහය අනෙක් ශිෂ්‍යාවන් දෙදෙනාටද මෙවන් අනාගතයක් උදා කර දීමයි. තොරතුරු තාක්‍ෂන ඩිප්ලෝමාවක් හෝ ලබා දීම අපගේ අරමුණයි.ඒ සදහා මෙම ශිෂ්‍යාවන්ට අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි පුද්ගයන් වෙතොත් අපව අමතන්න.
වාර්ෂිකව අප විද්‍යාලීය පරිගණක අංශය පවත්වන මෙම වැඩමුළුව මෙවරත් නොවැම්බර් 18,19,20 යන තෙදින පුරා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.මෙ සදහා සම්පත් දායකත්වය මෙවරත් ලබා දෙන්නේ කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශයේ සිසුන් විසිනි.මේ සදහා මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ට සහභාගී විය හැක.තංගල්ල කලාපයේ පාසල් සිසුන්ට නොමිලේ මේ සදහා සහභාගී විය හැක.
දින තුන පුරාවට අපගේ වෙබ් අඩවිය හරහා වෙබ් කාස්ට් තාක්ෂනය මගින් වැඩමුළුව විකාශය වේ.
පිවිසෙන්න