Monday, March 29, 2010

ආසියානු සංවර්ධන බැංකු නිළධාරීන් ගේ ක්‍ෂෙත්‍ර චාරිකාව

දැනුමැති සමාජයක් සදහා අධ්‍යාපනය ව්‍යාපෘතියේ (EKSP Ministry of Education)අනුග්‍රහයෙන් අප විද්‍යාලයේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන අධීක්‍ෂනය කිරිම සදහා ආසියානු සංවර්ධන බැංකුවේ නිළධාරීන් දෙදෙනකු 2010 මාර්තු මස 25 වැනිදා අප විද්‍යලයට පැමිනියහ.එහිදී පරිගණක අංශ භාර අමල් ගුණවර්ධන මහතා විසින් ඊ-ගම්මාන වැඩසටහනේ ආරම්භය හා මෙතෙක් ආ ගමන් මග පිළිබද ඔවුන්ව දැනුවක් කරන ලදි.

ඉන් පසු ඔවුන් අප විසින් ගම්මානයේ ප්‍රයෝජනය සදහා ලබා දී ඇති පරිගණක ඒකකයද සිය නිරීක්‍ෂනයට ලක් කලේය.ලංකාවේ පාසලක් විසින් පාසල අවට ප්‍රජාවගේ පරිහරණය සදහා පරිගණක ඒකකයක් ලබා දී ඇත්නම් එය අප පාසල පමනක් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.




Thursday, March 4, 2010

මයික්‍රොසොෆ්ට් සමුළුවට යන විදුහල්පතිතුමාට සෙත් පැතීම

අප විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ‍මාර්තු මස 8 වනදා සිංගප්පුරුවේ පැවැත්වෙන මයික්‍රොසොෆ්ට් සමුළුවට සහභාගී විමට විදෙස් ගතවීම හේතුකොට ගෙන අද දින විද්‍යාලයේදි සෙත් පැතීමේ උත්සවයක් පවත්වන ලදි।දකුණු පලාතේ පාසල් අතරින් මෙම අවස්ථාවට සහභාගී වීමේ වරම හිමි වුයේ අප පාසලට පමණී.පාසලේ ක්‍රියාත්මක ඊ-ගම්මාන වැඩසටහන සහ තොරතුරු තාක්‍ෂනය සදහා අප කළ සේවය වෙනුවෙන් මෙම අවස්ථාව අපට හිමි විය.

Wednesday, December 16, 2009

ශ්‍රි ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයට (SLIIT)යන අපේ ප්‍රථම ශිෂ්‍යාව.

අප විද්‍යාලීය ඊ-ගම්මාන වැඩසටහනේ නිරත සිසුන් තිදෙනෙක්‍ මෙවර උසස් පෙළ හොදින් සමත්ව ඇත.

වින්ද්‍යා මනම්පේරි

Sinhala A

BC A

Economic A

Rank 215

සමන්තිකා හේවාපතිරන

Sinhala -A

BC -A

Economics -C

Rank - 485

ප්‍රියන්ගිකා සදමාලි

Sinhala - A

BC - A

Economic – B

Rank – 269

වින්ද්‍යා ශිෂ්‍යාව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් ලබා ඇත.නමුත් අපගේ ඊ-ගම්මාන වැඩසටහන තුලින් එම ශිෂ්‍යාවගේ අනාගතය වඩාත් සුරක්‍ෂිත කිරීමට අපට හැකි විය.වර්තමානයේ තොරතුරු තාක්‍ෂණ ‍ෙක්‍ෂ්ත්‍රයේ රැකියා අවස්ථා දහස් ගනනක් ඇති මුත් ඒ සදහා සුදුසු ශ්‍රමිකයන් හිග වී ඇත.එවන් අවධියක අප විදේශිය දානපතියකුගේ අනුග්‍රහය මත වින්ද්‍යා තොරතුරු තාක්‍ෂණ ගෞරව උපාධියක් ලබා ගැනීම සදහා ශ්‍රි ලංකා තොරතුරු තාක්‍ෂන ආයතනයට 2010 අධ්‍යයන වර්ෂය සදහා ඇතුලත් කරන ලදි.මෙය වර්ෂ හතරක කාලයකින් යුක්ත අතර සියළු වියදම් අදාල අනුග්‍රහයෙන් දරනු ඇත.මෙය අප ලැබු විශාල ජයල්‍රහණයක් ලෙස අප විශ්වාස කරමු.

අපගේ උත්සාහය අනෙක් ශිෂ්‍යාවන් දෙදෙනාටද මෙවන් අනාගතයක් උදා කර දීමයි. තොරතුරු තාක්‍ෂන ඩිප්ලෝමාවක් හෝ ලබා දීම අපගේ අරමුණයි.ඒ සදහා මෙම ශිෂ්‍යාවන්ට අනුග්‍රාහකත්වයක් ලබා දිය හැකි පුද්ගයන් වෙතොත් අපව අමතන්න.

www.ruhunulanka.org

info@ruhunulanka.org

0714422770

Monday, November 16, 2009

අ.පො.ස.(සා.පෙළ) සිසුන් සදහා තොරතුරු තාක්‍ෂණ වැඩමුළුව

වාර්ෂිකව අප විද්‍යාලීය පරිගණක අංශය පවත්වන මෙම වැඩමුළුව මෙවරත් නොවැම්බර් 18,19,20 යන තෙදින පුරා අප විද්‍යාලීය පරිගණක ඒකකයේදී පැවැත්වේ.මෙ සදහා සම්පත් දායකත්වය මෙවරත් ලබා දෙන්නේ කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන අංශයේ සිසුන් විසිනි.මේ සදහා මෙවර අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ට සහභාගී විය හැක.තංගල්ල කලාපයේ පාසල් සිසුන්ට නොමිලේ මේ සදහා සහභාගී විය හැක.

දින තුන පුරාවට අපගේ වෙබ් අඩවිය හරහා වෙබ් කාස්ට් තාක්ෂනය මගින් වැඩමුළුව විකාශය වේ.

පිවිසෙන්න

www.nihiluwamv.sch.lk

Monday, October 19, 2009

පරිගණකයට සිත ගිය වැඩිහිටියා

මේ ජායාරූප හොදින් බලන්න.මේ තමයි බෙලිඅත්තෙ පැවති මහපොල ප්‍රදර්ශනයේදි ගත්ත වටිනම එක.අපි තොරතුරු තාක්‍ෂන කුටියක් මහපොල ප්‍රදර්ශනයේ විවෘත කලා..අපේ ශීෂ්‍යාවක් ගේ උදවු ඇතිව ඒකට ආපු තාත්තා කෙනෙක් පරිගණකය බොහොම හොදට හසුරුවල විත්‍රයක් ඇන්ද.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...