Wednesday, July 1, 2009

විශ්‍රාම උපහාර පිදීම





තංගල්ල අධ්‍යාපන කලාපයට අයත් අප පාසලට යාබදව පිහිටි නිහිළුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති වශයෙන් අවුරුදු 13 සේවට කොට විශ්‍රාම ගිය එම්।එල්.සිරිසේන මහතාගේ විශ්‍රාමයාම හේතුකොට උපහාර පිදීමේ උළෙලක් 2009.06.26 වන දින තංගල්ල කලාප අධ්‍යාපන අධක්ෂ එච්.එස්.සුනිල් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගරු දකුණු පලාත් සභාවේ සභානායක සෝමවංශ කෝදාගොඩ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.මෙම උපහාර උත්සවය විදුහල්පති ජි.එම් සිරිසේන මහතා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය හා ගම්වාසීන් විසින් සංවිධානය කරන ලදි.

Thursday, June 4, 2009

වාර්ෂික පොසොන් සීල සමාදාන වැඩසටහන

අප විද්‍යාලීය බෞද්ධ සංගමය වාර්ෂිකව පවත්වන සීල ව්‍යාපාරය අද දින එනම් පොසොන් මස 5 වනදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ।



Monday, May 4, 2009

විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨතම ගුරු මාතාව විශ්‍රාම ගනී.

පුරා වසර 32 ට අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කල ජේ।එම්.ඒ ලීලා ගුරු මාතාව 2009 මැයි මස 01 වැනිදා සිට විශ්‍රාම ලැබුවාය.සුවහසක් දරුවන්ගේ නැණ නෙත පාදමින් විද්‍යාලයේ අභිවෘද්ධියට අනුපමේය සේවාවක් කළ එතුමියට සෙත්පතා විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතාගේ මග පෙන්වීම හා බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් 2009 අප්‍රේල් මස 30 වැනිදා ආශීර්වාද පූජාවක් හා සෙත් පිරිත් සජඣායනාවක් පවත් වන ලදි.

වෙසක් සතිය අර්ථවත් කරමු.

වෙසක් සතිය නිමිති කර ගනිමින් අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට යාබද විහාරස්ථානය වන ශ්‍රී අශ්වත්ථාරාම‍ය පන්සල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් 2009 මැයි මස 5 වැනිදා පවත්වන ලදි.ගුණ දහමින් පිරි සිසු පරපුරක් බිහි කිරිමේ අරමුනින් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදි.
එමෙන්ම අප පාසලේ බුදු මැදුර පිරිසිදු කොට හුණු පිරියම් කිරිමද සිසුන් විසින් එදින සිදු කරන ලදි.
විද්‍යාලීය විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඇතුළු බෞද්ධ සමිතිය අදාල ශ්‍රමදානය සංවිධානය කරන ලදි

Monday, April 6, 2009

ආදර්ශමත් ගුරුමහතකුට උපහාර පිදු වගයි.


පුරා අවුරුදු 10 අධික කාලයක් අප විද්‍යාලයට අනුපමේය සේවයක් කළ ඩබ්.ජි.සෝමසිරි මහතා ඉකුත් දිනෙක අප පාසලෙන් ස්ථාන මාරුවක් ලැබ ගියේය.සිය විෂය වු ගණිතය විෂයේ සාධන මට්ටම ඉහල දැමීම සදහා විශාල වෙහෙසක් ගත් බව අප කවුරුත් දන්නා කාරනයකි.එමෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් වලදීද විශාල කැපකිරිමක් සිදු කරන ලදි.ඔහු කළ සේවයට උපහාර පිදීමක් 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා අප විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදි පවත්වන ලදි.

විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරි හේවාගම මහතාගේ පරිත්‍යාගය


විද්‍යාලීය ආදිශිෂ්‍ය නීතිඥ සිරිහේවා මහතා විද්‍යාලයේ දීර්ඝ කාලයක් පැවති අඩුපාඩුවක් සපුරාලමින් ප්ලාස්ටික් පුටු 25 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා පාසලට පරිත්‍යාග කරන ලදි.වර්තමානයේ පාසල් වල පැවැත්මට ආදි ශිෂ්‍යයන්ගේ දායකත්වය අවශ්‍ය යුගයක මෙම පරිත්‍යාගය ඉතාමත් වටිනා බව අප විදුහල්පති ආරියසේන බෝධිගම මහතා ඒ වෙනුවෙන් පැවති උත්සවයේදී පැවසීය.

ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළදවීම

2009 වසර සදහා අභිනවයෙන් තොරා ගත් ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැලදවීමේ උත්සවය 2009 අ‌ප්‍රේල් මස 6 වැනිදා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුනි.විද්‍යාලීය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ අවස්ථාව සදහා තෝරාගත් සිසුන්ගේ දෙමාපියන් සහභාගි වු අතර කලාප කාර්යාලය නියෝජනය කරමින් අධ්‍යක්ෂ කේ.ඒ.සෝමසිරි මහතා එක් විය.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...