අප විද්යාලීය වාර්ෂික අධ්යාපන චාරිකාව ඉතාමත් සාර්ථක නිම කරමින් විදුහල්පතිතුමා ඇතුලු සිසු කණ්ඩායම 25 වන දින රාත්රී 10 පමණ පාසලට පැමිනියහ.දින හතරක මෙම චාරිකාව මගින් ලංකාවේ ෙඑතිහාසික සිද්ධස්ථාන රාශියක් දැක බලා ගැනීමේ අවස්ථාව අප සිසුන් වෙත උදා විය.මෙම චාරිකාව සාර්ථක කර ගැනීම සදහා සහයෝගය දුන් සියලු දෙනාටමත් සුභ පැතු අයටත් විදුහල්පතිතුමා සිය ස්තුතිය පිරිනැමීය.
Wednesday, February 25, 2009
විද්යාලීය වාර්ෂික අධ්යාපන චාරිකාව සාර්ථකව නිම කරයි.
Wednesday, February 18, 2009
ඉන්ටෙල් ක්ලාස්මේට් පරිගණක 20 ක ප්රදානයක් අප පාසලට

අධ්යාපන අමාත්යාංශයේ ද්වීතික අධ්යාපන නවීකරන ව්යාපෘතිය ඉන්ටෙල් සමාගෙම් අනුග්රහයෙන් අප පාසලටද ක්ලාස්මේට් පරිගණක 20 ක් ලබා දෙන ලදි.ගරු අධ්යාපන අමාත්ය සුසිල් ප්රේම් ජයන්ත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය අමාත්යංශ ශ්රවනාගාරයේදී පෙබරවාරි මස 16 වන දින පවත්වන ලදි.ලංකාවේ පාසල් 25 සදහා එදින මෙම පරිත්යාගය සිදුකරන ලදි.හම්බන්තොට දිස්ත්රික්කයෙන් මේ සදහා සුදුසුකම් ලැබුවේ අප පාසල පමණි.ඒ සදහා අප පාසල් පරිගණක විද්යාගාරය ඉටු කරනු ලැබු සේවාව සැලකිල්ලට ගෙන තිබුනි.
මෙම පරිගණක යොදා ගනිමින් පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂන හැකියාව වර්ධනය කිරිම අපගේ අරමුණයි.පාසල තුල මේ වන විට රැහැන් රහිත ජාල පහසුකම් ස්ථාපිත කොට ඇති බැවින් පාසලේ ඕනෑම ස්ථානයක සිට මෙම පරිගණක යොදා ගනිමින් අන්තර්ජාලයටද පිවිසීමේ හැකියාවද අප සතුය.

Tuesday, February 17, 2009
සද්දෙ තරමට කවරේජ් නැති අන්තර්ජාල සේවාවන්
අප පාසලේ පරිගණක ඒකකය හා සම්බන්ධව ක්රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහනේ ප්රතිඵලයක් ලෙසට අපට ලැබුනු නව පරිගණක විද්යාගාරය පාසලෙන් බාහිර ස්ථානයක පිහිටවනු ලැබුවා.මෙම පරිත්යාගය කරනු ලැබූවේ ඊස්ට් - වෙස්ට් පරිගණක ආයතනයයි.අපට අවශ්ය වුයේ මෙම නව ඒකකය හරහා ගම්වාසීන්ට අන්තර්ජාල සේවාවන් ලබා දීමත් තොරතුරු සෙවීම සදහා අන්තර්ජාලයේ ඇති වාසිය වටහා දීමත්ය.ඉතින් නව ඒකකයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට අපට අනුග්රහය දීමට ජර්මන් ජාතිකයෙක් කැමැත්ත ප්රකාශ කරා. අපි මේ සදහා ලංකාවේ අන්තර්ජාල පහසුකම් සපයන ආයතන කීපයකට ගොස් කරුණු වීමසීමක් කළා.අප මෙහිදි ඔවුන් අයකරනු ලබන ගාස්තු පිලිබදවත් සැලකිලිමත් වුනා.අවාසනාවකට එම ආයතන අපට පැවසුවේ පාසල පිහිටි ප්රදේශය ඔවුන්ගේ ආවරණ කලාපයට අයත් නොවන බවයි.අප පාසල පිහිටි නිහිලුව ගම්මානයට බෙලිඅත්ත නගරයේ සිට ඇත්තේ කිලෝමීටර තුනහමාරක් පමනි.ඉදිරියේදි ලංකාවේ ග්රාමීය ප්රදේශවල අන්තර්ජාල භාවිතෙය් වැඩිවීමක් සිදුවනු ඒකාන්තය.මෙවන් කෙටි දුරක් වත් ආවරනය කල නොහැකි අන්තර්ජාල සබදතා සපයන ආයතන මේ පිලිබදව දැන් සිතා බැලිය යුතුය.මිල ගනන් ඇසූ විටද අපට සිතෙන්නේ අධිකම මිල ගනන් අය කරන්නේ ලංකාවේ පමනක්ද යන්නය.
අප බලාපොරොත්තු වුයේ සහනදායී මිලකට අන්තර්ජාල සබදතාවක් ලබාගෙන අප පාසල අවට ප්රජාවට එම සහනදායී මිලටම සේවාවන් සැපයීමටය।නමුත් මෙතරම් දියුණු යුගයේ අවාසනාවට කිලෝමීටර තුනහමාරක් දුරින් අප ගම පිහිටි නිසා අපගේ බලාපොරොත්තු සුන් වී ඇත.
info@ruhunulanka.org

සිවුදින අධ්යාපන චාරිකාවක්
2009 වර්ෂයේ විද්යාලයීය වාර්ෂික සැලැස්මට අනුව නිහිළුව මහා විද්යාලයීය සිංහල සාහිත්ය සංගමයේ යෝජනා ස්ථිරත්වයෙන් හා විද්යාලයේ විදුහල්පති ඊ.ඒ. ශාන්ත කුමාර මහතාගේ උපදේශකත්වයෙන් 2009.02.22 – 2009.02.25 දින දක්වා වූ සිවුදින අධ්යාපන චාරිකාවක් යාමට කටයුතු සංවිධානය කර ඇත. මෙහි දී අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය, මහනුවර, නුවරඑළිය වැනි ශ්රී ලංකාවේ ඓතිහාසික හා පෞරාණික ස්ථාන මෙන්ම කලාත්මක වටිනාකමකින් යුත් ස්ථාන රාශියක් නැරඹීමට නියමිත අතර විද්යාලයේ ගුරු මහත්ම/ මහත්මීන් අට දෙනෙක් සහ ශිෂ්ය ශිෂ්යාවෝ 60 දෙනෙක් සහභාගී වෙති.
Wednesday, February 11, 2009
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රථම වරට රැහැන් රහිත ජාල කලාපයක්
හම්බන්තොට දිස්ත්රික්කයේ ප්රථම වරට රැහැන් රහිත ජාල කලාපයක් කුඩා පාසලක් වන නිහිලුව මහා විද්යාලයේ ස්ථාපිත කරන ලදි. පාසලේ ක්රියාත්මක පරිගණක ඒකකයේ කටයුතු පාසල පුරා ව්යාප්ත කිරිම මෙහි අරමුණයි.අප පාසලේ වේගවත් අන්තර්ජාල සබදතාවක් ඇති අතර අප පිහිටුවනු ලැබු රැහැන් රහිත ජාල කලාපය නිසා පාසලේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇතිවේ.මේ සදහා අපට මුල්ය අනුග්රහය ලබා දෙන ලද්දේ දකුණු පලාත් ගරු සභානායක සෝමවංශ කෝදාගොඩ මැතිතුමා විසිනි. ඉන්ටෙල් සමාගම ක්රියාත්මක කරන ඉන්ටෙල් ටීච් වැඩසටහන යටතේ අප පාසලටද ක්ලාස් මේට් වර්ගයේ ලැප්ටොප් 20 ලැබීමට නියමිත අතර ඒවා යොදා ගනිමින් සෑම පන්ති කාමරයකටම අන්තර්ජාල පහසුකම් ලබා දීමටද අප සැලසුම් කොට ඇත. අතිගරු ජනාධිපතිතුමාගේ අදහසක් ලෙස 2009 වසර තොරතුරු තාක්ෂන හා ඉංග්රිසි භාෂෘ වසර ලෙස නම් කොට ඇති බැවින් එයට සමගාමීව අප පාසලේ මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ
ශ්රමදාන වැඩසටහනක්.....

නිහිළුව මහා විද්යාලයේ පාසල් සංවර්ධන සමිතියේ යෝජනා ස්ථිරත්වයකට අනුව
2009 වසරේ පළමු වැනි වාරය සදහා නියමිත ශ්රමදාන වැඩ සටහන 2009.02.05 දින උදෑසන 8.30 සිට මධ්යහ්න 12.00 දක්වා පැවැත් විය. ඒ සදහා සියළු ම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් හා භාරකරුවන් විද්යාලයට පැමිණ ක්රීඩා පිටිය හා ඒ අවට ප්රදේශ පිරිසිදු කිරීම් කටයුතු වල නිරත විය.

Monday, February 2, 2009
61 වන නිදහස් දින සැමරුම

61 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් විද්යාලීය උසස් පෙල ගුරු සිසු සංසදය සැලසුම් කර ක්රියාත්මල කරනු ලැබු 61 වන නිදහස් දින සැමරු උත්සවය අද දින පෙ.ව. 7.30 පවත්වන ලදි.විද්යාලීය විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතා විසින් ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනයෙන් හා උතුරේ සටන් වැද සිටින අභික රණවිරුවන් හා නිදහස් සටන වෙනුවෙන් තම ජිවිත පරිත්යාග කරනු ලැබු ජාතික වීරවරයින් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම වැඩසටහනේ මුල් පියවර විය.ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සිරිසේන මහතා නිදහස් සටනට උරදුන් අභිත නායකත්වයන් පිලිබද දේශනයක් පවත්වන ලද අතර නිදහස් සටනට උරදුන් ජාතික වීරවරයින් කිහිපදෙනකු පිලිබදව සිසුන්ද අදහස් දැක්වීය.
ජාතික අභිමානය හා දේශාභිමානය වඩවන ගීත කීපයක්ද සිසුන් විසින් ගායනා කරන ලදි.ස්තුති කථාව විදුහල්පතිතුමා විසින් පවත්වන ලදි.මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දුන් ගුරු සිසු සියලු දෙනාටම විදුහලේ ස්තුතිය පිරිනැමේ.

Subscribe to:
Posts (Atom)