Monday, February 2, 2009

61 වන නිදහස් දින සැමරුම




61 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් විද්‍යාලීය උසස් පෙල ගුරු සිසු සංසදය සැලසුම් කර ක්‍රියාත්මල කරනු ලැබු 61 වන නිදහස් දින සැමරු උත්සවය අද දින පෙ.ව. 7.30 පවත්වන ලදි.විද්‍යාලීය විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතා විසින් ජාතික කොඩිය එසවීමෙන් පසු ජාතික ගීය ගායනයෙන් හා උතුරේ සටන් වැද සිටින අභික රණවිරුවන් හා නිදහස් සටන වෙනුවෙන් තම ජිවිත පරිත්‍යාග කරනු ලැබු ජාතික වීරවරයින් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රැකීම වැඩසටහනේ මුල් පියවර විය.ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සිරිසේන මහතා නිදහස් සටනට උරදුන් අභිත නායකත්වයන් පිලිබද දේශනයක් පවත්වන ලද අතර නිදහස් සටනට උරදුන් ජාතික වීරවරයින් කිහිපදෙනකු පිලිබදව සිසුන්ද අදහස් දැක්වීය.
ජාතික අභිමානය හා දේශාභිමානය වඩවන ගීත කීපයක්ද සිසුන් විසින් ගායනා කරන ලදි.ස්තුති කථාව විදුහල්පතිතුමා විසින් පවත්වන ලදි.මෙම උත්සවය සාර්ථක කරගැනීම සදහා නන් අයුරින් සහයෝගය දුන් ගුරු සිසු සියලු දෙනාටම විදුහලේ ස්තුතිය පිරිනැමේ.

Tuesday, January 27, 2009

‍‍ලේ දන්දීමේ පිංකම..........

නිහිළුව මහා විද්‍යාලයේ ගරු විදුහල්පති ගාමිණි ශාන්ත කුමාර මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලීය උසස් පෙළ කලා, වාණිජ අංශයේ හා ශිෂ්‍ය නායක සංසදයේ මූලිකත්වයෙන් ලේ දන් දීමේ ව්‍යාපෘතියක් 2009.03.19 වන දින විද්‍යාලීය භූමියේ දී සිදු කිරීමට නියමිත ව ඇත. එදිනට ලේ පරිත්‍යාගශීලීන් අවම වශයෙන් සිය දෙනෙකු සහභාගී කරවා ගැනීමට අදහස් කෙරේ.

මෙම ලේ දන්දීමේ මහා පිංකම පවත්වනු ලබන්නේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සටන් වදින වීරෝදාර රණ විරුවන් වෙනුවෙනි. මෙම උදාර කටයුත්ත සදහා එදිනට පැමිණ ඔබගේ වටිනා ලේ බිදක් පරිත්‍යාග කර අභීත රණ විරුවන් ගේ ජීවිත බේරා ගැනීමට දායක වන්න.

Monday, January 26, 2009

කලාප තරග සදහා සිසුන් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.






තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පවත්වනු ලබන කලාප ක්‍රීඩා උළෙල මෙවරත් 2009 වර්ශය සදහා පැවැත්වීමට නියමිතව ඇත. ඒ සදහා තංගල්ල කලාපයේ සියළු ම පාසල් සහභාගී වන අතර මෙම දින වල අප පාසලේ ද ඒ ඒ තරග ඉසව් සදහා දක්ෂතා ඇති සිසු සිසුවියන් තෝරා ගැනීම සිදු කරනු ලැබේ.

නව පරිගණක ඒකකයක්.....


විද්‍යාලීය පරිගණක ඒකකය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ඊ ගම්මාන ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂම ව ඉදිරියට කර‍ගෙන යාම සදහා ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනය මගින් අප වෙත අංග සම්පූර්ණ නව පරිගණක ඒකකයක් ලබා දෙන ලදි. එය නිහිළුව ශ්‍රී අස්වත්ථාරාම විහාරස්ථානයේ පිහිටුවා ඇත.
ඒ අනුව නව පරිගණක හයක්, ස්කෑනරයක්, වෙබ් කෑමයක් හා මුද්‍රණ යන්ත්‍රයකින් මෙම පරිගණක ඒකකය සමන්විත වේ. නව පරිගණක ඒකකය මගින් අවට ගම් වාසීන්ට පරිගණක දැනුම හා අන්තර්ජාලය පිළිබද දැනුම ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඊස්ට් වෙස්ට් පරිගණක ආයතනයට අපගේ හෘදයාංගමය ස්තුතිය පුද කර සිටිමු.

Monday, January 19, 2009

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් මෙහෙය වු දින තුනේ වැඩමුලුව

කොළඔ විශ්ව විද්‍යාලීය සිසුන් විසින් මෙහෙය වු දින තුනේ වැඩමුලුවක් අප විද්‍යාලීය පරිගණක අංශයේදි පැවැත් විය.ග්‍රාමීය ප්‍රදේශවල සිසුන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරිමේ අරමුණින් කොළඔ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යයන ආයතනය වසර කීපයක සිට මෙම සද්කාර්ය කරනු ලබයි.ඒ අනුව අප විද්‍යාලයේ ක්‍රියාත්මක වන ඊ-ගම්මාන වැඩසටහන සාර්ථක කරගැනීම සදහාද මෙම දින තුනේ වැඩමුලුව ඉමහත් දායකත්වයක් ලබා දුනි.

වැඩමුලුවේ වීඩියෝ දර්ශන

1 2 3




Monday, January 12, 2009

නිහිළුව මහා විද්‍යාලීය පරිගණක ඒකකය විසින් ප්‍රථමස්තානය දිනා ගනී.


2008 වර්ෂයේ පරිගණක ඒකක භාර ගුරුභවතුන් දිරිමත් කිරිමේ අරමුනින් ද්විතීක අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය මගින් පැවැත්වු තරගයෙන් දකුනු පලාතේ හොදම ඊ-ගම්මානය සහිත පරිගණක ඒකකයට හිමි සම්මානය නිහිළුව මහා විද්‍යාලීය පරිගණක ඒකකය විසින් දිනා ගනු ලැබූ අතර එමෙන්ම තංගල්ල අධ්‍යාපන කලාපයේ ආදර්ශමත් පාසල් පරිගණක මධ්‍යස්ථාන අතරින් ප්‍රථමස්තානය දිනා ගනු ලැබුවේද අප විද්‍යාලීය පරිගණක ඒකකයයි. මෙම තරගය දකුණු පළාත් අමාත්‍ය ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

Thursday, January 8, 2009

දුරුතු මස පුර පසළොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් ආගමික වැඩ සටහනක්.


නිහිළුව මහා විද්‍යාලයේ සෑම මසකම පුරපසලොස්වක පොහොය දිනය නිමිති කරගනිමින් පවත්වනු ලබන ආගමික වැඩ සටහන යටතේ, 2009 වසර දුරුතු මස පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොට ලැබුවා වූ අලුත් අවුරුද්දේ විද්‍යාලීය දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට, 6 ශ්‍රේණියට ඇතුළු වූ නවක සිසුනට සෙත් පැතීමට, විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට සෙත් පැතීමට, එසේම රට සුරකින ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට ආශිර්වාද පැතීමට යන අරමුණු මුල් කරගෙන සැමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පතා අද දින පෙ.ව. 8.00 – 9.00 දක්වා විශේෂ ආශිර්වාද බෝධි පූජාවක් පවත්වන ලදි.

ගල්වැව පුරාණ විහාරයේ විහාරාධීකාරී මැදගොඩ විජිත ස්වාමීන් වහන්සේ විසින් පැවැත් වූ එම ආශිර්වාද පූජාවට තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ බුද්ධ ධර්මය විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ සෝමසිරි මැතිතුමා, විද්‍යාලයේ විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මින් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා සහභාගී වූ අතර විද්‍යාලයේ ‍‍බෞද්ධ සංගමය විසින් මෙම පූජෝත්සවය සංවිධානය කරන ලදි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...