කීර්ති
මහේන්ද්‍ර ගුරු පියා මෙම පාසල තුල වසර 6 ක පමණ කාලයක් උප විදුහල්පති වරයා වශයෙන් ද
වසර 2 ක පමණ කාලයක් විදුහල්පති වරයා වශයෙන් ද අප පාසලට ඉමහත් සේවයක් ඉටු
කලේය.එතුමා 2016.05.06 වන දින සිට වෙනත් විදුහලක විදුහල්පතිතුමා වශයෙන් පත්ව අපෙන්
සමුගෙන ගියේය.එතුමා අප විද්‍යාලයට ඉටුකල මෙහෙය අපමණය.එතුමාගේ වෙන්ව යාම අප පාසලට
විශාල පාඩුවකි.අප එතුමාගේ ඉදිරි ජීවිතය දියුනුවෙන් දියුනුවට පත්වේවා යැයි ප්‍රාර්ථනා
කරමු....
Thursday, May 12, 2016
සීතා ගුරුමහත්මිය වසර 39 ක ගුරු දිවියෙන් ඉසිඹු ලැබුවේය.
දශක ගණනාවක්
සුවහසක් දරුදැරියන්ගේ නැණ පහන් දැල්වූ සීතා ගුරු මව වසර 39 ක සේවා කාලයක් අවසන
2016.05.06 වන දින සිට සිය පාසල් ගුරු
දිවියට සමුදුන්නේය.ගණිතය විෂය සම්බන්ධයෙන් විශාල ජයග්‍රහන ප්‍රමාණයක් කරා අප විද්‍යාලය
මෙහෙය විමට ඇයගේ කාලය තුල දි ඇයට හැකි විය.අද දින ගුරු දිවියෙන් විශ්‍රාම ගන්නා
ඇයට අප සියලු දෙනා දීර්ඝායුෂ පතමු.....
Monday, July 13, 2015
ශිෂ්‍ය නායක වැඩමුළුව
අප පාසලේ ජේෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් සහ අවට පාසල් කිහිපයක ශිෂ්‍ය නායක නායිකාවන්ගේ සහභාගීත්වයෙන් ජූලි මස 10 වන දින පෙ.ව 6.30 සිට ප.ව 6.30 දක්වා ශිෂ්‍ය නායක වැඩමුළුවක් අප විද්‍යාල භූමයේදී සාර්ථක ලෙස පැවැත්විණ.මේ සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා වන චන්න වීරසූරිය මහතාය.“නායකත්වය“ යන මැයෙන් එතුමා විසින් ඉතාමත් වටිනා දේශණයක් ද පවත්වන ලද අතර මෙම වැඩමුළුව තුල සිසුන් හට විවිධ ක්‍රියාකාරකම් සදහා ප්‍රායෝගිකව සම්බන්ධ වීමට අවස්ථාව උදාවිය. මෙය සිසුන්ගේ ක්‍රීඩා මය කුසලතා,සෞන්දර්යය රසවින්දනාත්මක කුසලතා ,නායකත්ව කුසලතා,අභියෝග වලට මුහුණදීමේ කුසලතා වැනි ගුණාංග දියුණු කරගැනීමට මහගු අවස්ථාවක් විය.මේ සදහා බෙලිඅත්ත කොඨිඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.ජී.ධර්මසිරි මහතා හිටපු බුද්ධාගම විෂය අධ්‍යක්ෂක සෝමසිරි මහතා,තාක්ෂණ විෂය අධ්‍යක්ෂක සරත්චන්ද්‍ර මහතා,ශාරිරික අධ්‍යාපන විෂය ගුරු ලලිත් විට්ටච්චි මහතා,බෙලිඅත්ත රෝහලේ හෙදි නිලධාරි කපිල මහානාම මහතා ඇතුළු සම්පත් දායකයින් විශාල ප්‍රමාණයක් මේ සදහා දායකවිය.
Friday, June 19, 2015
මහින්දෝදය විද්‍යාගාරය විවෘත වූ දා
අද දින අප පාසලේ මහින්දෝදය විද්‍යාගාරය ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කිරීම සිදු විය.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධීත අමුත්තා ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා වූ අතර මේ සදහා දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංස කෝදාගොඩ මහතා,දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමා,දකුණු පළාත් සැලැසුම් අධ්‍යක්ෂක තුමිය,තංගල්ල කලාප අධ්‍යක්ෂක තුමා,තංගල්ල කලාපයේ සැලැසුම් අධ්‍යක්ෂක තුමා ඇතුළු ආරාධීත අමුත්තන් විශාල සංඛ්‍යාවක් සහභාගී වුනි.
මෙම විද්‍යාගාරය තුල ජීව හා රසායන විද්‍යාගාරයක්,ගණීත හා භෞතික විද්‍යාගාරයක්,තෙරෙතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක්සහ නැණස භාෂාගාරයකින් සමන් විත වේ.මෙමගින් අප විද්‍යාලයේ සිසු දරු දරියන්ගේ විද්‍යා,ගණීත හා තාක්ෂණීක දැනුම වර්ධනය කර ගැනීමට ඉමහත් රැකුලක් සිදුවේ.
Tuesday, June 9, 2015
2015 වර්ෂය සදහා උසස් පෙළ සිසුන් බදවා ගැනීම.
ඊයේ දිනයේදි එනම් ජුනි මස 8 වන සදුදා දින 2015 වසර සදහා 12 ශ්‍රේණිය සදහා නවක සිසුන් බදවා ගැනීම සිදුකරන ලදී.මෙම වසරේ දි ජීව විද්‍යාව,ගණිතය,කලා,වාණිජ සහ තොරතුරු තාක්ෂණය යන අංශ සදහා සිසුන් බදවා ගැනීම සිදුකරන ලද අතර මෙම වසරේ සිට සිසුන්ට නව තාක්ෂණ විද්‍යාගාර තුල තම ඉගැනීම් කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාවී තිබේ.සිසුන් බදවා ගැනීම අති පූජනීය ස්වාමීන්වහන්සේලාගේ සෙත් පිරිත් සත්ගායනා මධ්‍යයේ සිදුවිය.
පොසොන් පොහොය දින වැඩසටහන
මෙවරත් අප විද්‍යාලය විසින් පොසොන් පොහොය සැමැරීම නිමිත්තෙන් සීලසමාදාන වැඩසටහනක් ඉතාමත් සාර්ථක ලෙස සංවිධානය කර තිබුණි.මේ සදහා පාසලේ සියළුම සිසු දරුදරියන්,ගුරු මහත්ම මහත්මීන් සහභාගී වූ අතර සිසුන් සදහා දානය පිළිගැන්වීමේ පුණ්‍යකර්මය දෙමාපියන් විසින් සංවිධානය කර තිබුණි. අප පාසලේ ගුරු ස්වාමීන්වහන්සේ නම වන පූජ්‍ය කිවුලේ විමලවංශ හිමිපාණන් සහ පාසලේ බෞද්ධ සංගමය විසින් මෙම සීල සමාදාන වැඩසටහන සාර්ථකව සංවිධානය කර තිබුණි.
Wednesday, May 13, 2015
Sunday, May 10, 2015
මෙවර අප පාසලේ වෙසක් උත්සවය සැමරූ හැටි
අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ “ඉපදීම“ “බුද්ධත්වයට පැමිණීම“ සහ වසර 80 ක් ආයු වලදා “නිර්වාණයට පැමිණීම“ යන විශේෂ අවස්ථා අනුස්මරණය කිරීම නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනයා වෙසක් උත්සවය අති මහත් ගෞරවයෙන් යුක්තව සමරනු ලබයි.මෙවර ද අප පාසලේ වෙසක් උත්සවය නිමිත්තෙන් විවිධ ආගමික කටයුතු කිහිපයක් සංවිධානය කර තිබු අතර “බෝධි පූජා පින්කමක් පැවැත්වීම“ ,“ගල්කෙම පුරාණ රජමහා විහාරය තුල ශ්‍රමදාන කටයුත්තක් පැවැත්වීම“,“වෙසක් කූඩූ ප්‍රදර්ශනයක් පැවැත්වීම“ වැනි පින්කම් රාශීයක් පැවැත්විය.
Thursday, February 12, 2015
නිවාසාන්තර ක්‍රිඩා උත්සවය අදින් අවසන් විය.
2015 වර්ෂය සදහා අප පාසලේ නාවාසාන්තර ක්‍රිඩා උළෙල ඉතාමත් සාර්ථක ලෙස අදින් අවසන් විය.ක්‍රිඩා උළෙලේ ශූරතාවය සදහා "රන්" "මිණි" "මුතු"ලෙස නිවාස තුනකට බෙදී සිසුන් තරග වැදී අතර මෙහිදී ශූරතාවය ලබාගනු ලැබුවේ "රන්" නිවාසය විසිනි.අප පාසලේ සිටින දක්ෂ දුවා දරුවන්ගේ සහජ දක්ෂතා කළ එලි දැක්වීමට ඔවුන්ට මෙය මහගු අවස්ථාවක් විය.
Tuesday, February 10, 2015
Thursday, December 11, 2014
වර්ෂ අවසාන විවිධප්‍රසංගය සහ P.R.පතිරණ විදුහල්පතිතුමාට සහ අමල් ගුණවර්ධන ගුරුමහත්මාණන්ට සමුදීමේ උත්සවය....
මෙම මස 4 වන දින අප පාසලේ වර්ෂ අවසාන විවිධප්‍රසංගය පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ වූයේ සිසුන්ගේ සැගැවුණු දක්ෂතා ඉලිදැක්වීමයි.මෙහිදී රගපෑමට,නර්තනයට,සංගීතයට සහ කාව්‍යයකරණයට දක්ෂතා දක්වන සිසුන් රැසක් හඳුනාගැනීමට අප හට අවස්ථාව උදා විය.
එසේම අප පාසලේ දියුණුවට ඉමහත් සේවාවක් ඉටුකල P.R පතිරණ විදුහල්පතිතුමාට සහ අප පාසලේ පරිගණක විද්‍යා විෂය ආරමිභ කිරී්මේ සහ ඊ-ගම්මාන වැඩසටහනේ නිර්මාතෘ අමල් ගුණවර්ධන ගුරු මහත්මාට සමුදීමේ උත්සවයද මෙයට සමගාමීව පැවැත්විණ.මෙම අවස්ථාව අප පාසලේ සියළුම දෙනාට හැහීම්බර අවස්ථාවක් විය.
Monday, December 1, 2014
සමස්ත ලංකා ගුරු ක්‍රිඩා උළෙලේ ජයග්‍රහණය
අප විද්‍යාලයේ සේවය කරණු ලබන මහානාම ගුරු මහත්මා සමස්ථ ලංකා ගුරුවරුන්ගේ ක්‍රිඩා තරඟාවලියේ ධාවන තරග ඉසව් වලින් රන් පදක්කම් එකක්,රීදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමෙන් අප විද්‍යාලයට කීර්තියක් ලබා දීමට සමත් වී ඇත.ඔහු මෙම තරඟාවලියේදි අවු 40-45 වයස් කාණ්ඩය යටතේ තරඟ වැදි අතර මෙම තරඟාවලිය නුවරඑලිය නගරයේ දී පැවැත්විණි.
Thursday, October 2, 2014
විදුහල්පතිතුමා උසස් වීමක්ලැබ නික්ම යයි.
අප විද්‍යාලයේ විදුහල්පතිතුමා ව සිටී P.R.පතිරණ විදුහල්පතිතුමා උසස්වීමක් ලැබ වලස්මුල්ල කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධූරයක් ලැබ අප පාසලෙන් නික්ම ගිය බව දැනුම් දෙන්නේ ඉමහත් සතුටිණි.එතුමා අප විද්‍යාලය තුල සිටී කෙටි කාලය තුල දී අප විද්‍යාලයට ඉමහත් සේවයක් සිදු කළ අතර සියලුම දෙනාගේ හොද හිත දිනා ගැනීමට එතුමාට හැකිවිය.
Subscribe to:
Posts (Atom)





















.jpg)






















