Wednesday, February 18, 2009

ඉන්ටෙල් ක්ලාස්මේට් පරිගණක 20 ක ප්‍රදානයක් අප පාසලට


අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්වීතික අධ්‍යාපන නවීකරන ව්‍යාපෘතිය ඉන්ටෙල් සමාග‍ෙම් අනුග්‍රහයෙන් අප පාසලටද ක්ලාස්මේට් පරිගණක 20 ක් ලබා දෙන ලදි.ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පෙබරවාරි මස 16 වන දින පවත්වන ලදි.ලංකාවේ පාසල් 25 සදහා එදින මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මේ සදහා සුදුසුකම් ලැබුවේ අප පාසල පමණි.ඒ සදහා අප පාසල් පරිගණක විද්‍යාගාරය ඉටු කරනු ලැබු සේවාව සැලකිල්ලට ගෙන තිබුනි.

මෙම පරිගණක යොදා ගනිමින් පාසලේ සිසුන්ගේ තොරතුරු තාක්ෂන හැකියාව වර්ධනය කිරිම අපගේ අරමුණයි.පාසල තුල මේ වන විට රැහැන් රහිත ජාල පහසුකම් ස්ථාපිත කො‍ට ඇති බැවින් පාසලේ ඕනෑම ස්ථානයක සිට මෙම පරිගණක යොදා ගනිමින් අන්තර්ජාලයටද පිවිසීමේ හැකියාවද අප සතුය.

4 comments:

  1. ඔබ දිරිමත් කිරීම පිණිස අපි ප්‍රතිචාර දක්වන්නෙමු. එසේ දක්වන ප්‍රතිචාර පිණිස ඔබත් ප්‍රතිචාර දැක්විය යුතුය. එසේ නැතහොත් අපේ ඇති උද්යෝගය ක්‍රමයෙන් හීන වී ගොස් නතර විය හැකිය. එවිට ඔබ අන්තර්ජාලය තුල තනිවිය හැකිය. මේ බව මතක තබා ගන්න.

    ReplyDelete
  2. තවත් බොහෝ දුර යන්න. සුබ පැතුම්!!!.

    @ වෙදමාමා
    ඔබේ අදහසට මමත් එකඟයි.

    ReplyDelete
  3. සුභ පැතුම් ,,,
    හැබැයි දූවිලි වදිනවට වහල තියන්න නම් නෙමෙයි හොඳේ!!!

    ReplyDelete
  4. ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමු.ප්‍රතිචාර දකිනා විට අපට සිතෙන්නේ අපගේ උත්සාහයන් සාර්ථක වී ඇති බවත් එමෙන්ම අප අන්තර්ජාලය තුල තනිවී නොමැති බවත්ය.අප භාවිතා කරන්නේ අප පාසල සතුව ඇති අන්තර්ජාල සබදතාව වන අතර එය යම් සීමාවන්ට යටත්ව අප වෙත ලබා දී ඇත.එය හුදෙක්ම සිදුකොට ඇත්තේ පාසලක් වන බැවිනි.එමනිසා අප බ්ලෝග් අඩවිය වෙත ප්‍රතිචාර දක්වන්නන්ට පෙරළා ප්‍රතිචාර දැක්වීමේදී එසේ කිරිමට අපහසු වේ.හේතුව වන්නේ සබදතාව ෆිල්ටර් කර ඇති නිසාය.එමනිසා අප පිලිබදව වරදවා වටහානොගන්නා ලෙස කරුනාවෙන් ඉල්ලමි.

    ReplyDelete

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...